IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


අයියා රනිල් මල්ලවආරච්චිත් පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ

2016-06-19-ent-194

2016-06-19-ent-193නම

තාරක මල්ලවආරච්චි

 

තාරක කවද්ද ලංකාවට ආවේ?

මැයි 26

 

දැන් කවද්ද යන්නේ?

ජුනි 24

 

කොහොමද ජීවිතේ?

මගේ අලුත්ම ගීතයට අදාළ රූප රචනාවක් කරන්න තමයි මම ලංකාවට ආවේ. තව අලුත් ගීත කිහිපයක් කරන්නත් තියෙනවා. ඒක තමයි මේ සැරේ ආවේ. ජීවිතය හොඳින් ගෙවනවා.

 

දැනට පදිංචිය?

දැන් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර

 

ලංකාවට එන්න අදහසක් නැද්ද?

අවුරුද්දකට සැරයක් ඇවිත් එනවා.

 

ස්ථිර පදිංචියට එන්න අදහසක් නැද්ද?

තව අවුරුදු දෙකකින් විතර එන්න බලාපොරොත්තුවක් තියෙනවා.

 

රුකියාව?

මම ඕස්ට්‍රේලියාවේ IT සම්බන්ධ රැකියාවක් කරනවා.

 

ඕස්ට්‍රේලියාවේදී සංගීත ප්‍රසංගවලට සහභාගි වෙනවද?

ඔව්. මමයි අයියයි Chat n Music කියලා ප්‍රසංගයක් කළා. ප්‍රසංගවලට සහභාගි වෙනවා.

 

 

අපි තාත්තා ගැන මතක් කළොත්?

ඉස්සර රෙකෝඩින්වලට මම තාත්තාත් එක්ක යනවා. සංගීත ප්‍රසංගවලටත් මම සහභාගි වෙලා තියෙනවා තාත්තා එක්ක. ඇත්තටම සුන්දර මතකයන් තියෙනවා. අප්‍රේල් මාසයේදි අපි පැදුරුපාටියක් දානවා. ඒ කාලේ හරිම සුන්දරයි.

 

තාත්තාගේ ගීත ඇතුළත් ප්‍රසංගයක් කරන්න අදහසක් නැද්ද?

2017දී අපි ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද 2017 වසරට තාත්තා නැතිවෙලා අවු 20ක් වෙනවා.

 

තාත්තාගේ ගීත වලින් තාරක කැමති ගීතය?

තනි වී සිටින්නයි

 

හේතුව?

ගොඩක් ආසයි ගීතයට

 

ජීවිතයට සම්බන්ධයිද?

ඔව් ටිකක් විතර

 

පෞද්ගලික තොරතුරු?

මම විවාහකයි. මගේ බිරිඳ ගයනි මල්ලවආරච්චි. මට පුංචි දුවෙක් ඉන්නවා. එයාට අවුරුදු දෙකයි. නම යුරේනි මල්ලවආරච්චි.

 

තාරක ඔබේ මව ගැන සහ සහෝදර සහෝදරියන් ගැනත් මතක් කරමු.

ඔව් මගේ අම්මා ස්වර්ණා මල්ලවආරච්චි. අම්මත් මා සමඟ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. ඒ වගේම අක්කලා දෙන්නත් අයියා රනිල් මල්ලවආරච්චිත් අපි සියලු දෙනාම පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර.

 

අලුත් නිර්මාණ?

මම කාවින්දි අධිකාරි එක්ක නලල මතු තිලක තියා කියන යුග ගීතය කළා. ඒකේ රූප රචනාවට තමා ලංකාවට ආවෙත්. ඒක ආදර ගීතයක්.

 

ගීතයේ පද - සංගීතය?

හිරු විජේසිංහ තමා පදරචනය සහ සංගීතය

 

කවදා වගේද ඒක අහන්න ලැබුණේ?

ජුනි 22 වගේ ඒ ගීතය Out කරන්න බලාපොරොත්තුව

 

තව මොනවද?

මගේ දුවට මම ගීතයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගීතයත් මේ වසර තුළ මම කරනවා.

 

අනාගත බලාපොරොත්තු?

සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මගේම ගීත කිහිපයක් නිර්මාණය කරන්න තමයි මට වුවමනාව.

 

අනූ 

 

DESHAYA

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

අයියා රනිල් මල්ලවආරච්චිත් පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 416 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 583 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 236 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site