රජයේ රක්ෂිතයක වැවි වල්ලපට්ටා ගස් වලින් පොතු ගලවා ගත් බව කියන සහෝදරයන් දෙන්නෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් දස දහස බැගින් දඩ නියම කර වල්ලපට්ටා තොගය රාජසන්තක කළේය.
කළුතර ප්‍රදේශයේ පදිංචි ඩී ජී ජී වසන්ත හා ජයන්ත යන දෙදෙනා කිලෝ තුනහමාරක් පමණ වල්ලපට්ටා සමග වරදකරුවෝ වුහ.කොම්පඤ්ඤ වීදීයේ සිට ඔහු අත්අඩංග්වට ගත් බව පොලීසීය අධිකරණයට දැන්වීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කපන්න තහනම්ද? මම මේ වචනය ඇහුවෙත් අදයි. අපි ඉන්නේ ඉතින් කොළඹනේ... (නි)
අපි කුඩාකාලේ ඉඳලා හිටලා වල්ලපට්ට ගේනවා කැලෑවට ගිහිල්ලා. අපේ ගෙවල් වල නිතරම වල්ලපට්ටා තිබුණා. විශේෂයෙන්ම පැණි මුල් බඳින්න පාවිච්චියට ගත්තා. තොවිල්, බලි යාගවලට ගත්තා. කිතුල් හැර ගහන්නත් ගත්තා. කවදාවත් විකුණාගෙන කන්න ගියේ නැහැ. වල්ලපට්ටා ගැනීම සඳහා සුදුසු ප්‍රදේශවල නිත්‍යානුකුලව වවන්න හැකියාවක් ඇතිකළොත් හොඳයි වගේ. (නි)
'පට්ටා ගහන්නයි' වටින්නේ (නි)
යාළුවාට වැඩේ කරන්න හරියට තේරෙන්නෙ නැහැනේ. එහෙම කළා නම් රජෙක් වගේ ඉන්න පුළුවන් (නි)
අනේ මෝඩ මිනිස්සු. වල්ල පට්ට මිලට ගන්න කිසිම කෙනෙක් නෑ. පට්ට ගැලෙව්වට ගහට හානියකුත් නෑ. මේ එහෙන් මෙහෙන් අහගත්තු අය තමයි විශාලම හානිය කරන්නේ. ඔවුන් ඉවක්බවක් නැතිව ගස් ටික විනාශ කරනවා. වල්ල ගහේ කිසිම ආර්ථික වටිනාකමක් නෑ. අපරාදේ නිකරුනේ විනාශ කරන්න එපා. එක්තරා විශේෂ දිලීර රෝගයක් හැදුනු ගස් වල විතරක් සුවදක් තියෙනවා. නොදන්නා මිනිස්සු සුවඳ ඇති ගසුයි නැති ගසුයි ඔක්කොම තන්හාවට කපනවා. මිනිසුනේ රන් බිත්තර දාපු කිකිළි ගේ බඩ පළල එක පාර පෝසත් වෙන්න හදපු ගමය වගේ මේ ගස් ටික විනාශ කරන්න එපා.(දිල්)
වල්ල පට්ට කියන්නේ මොනවද?(දිල්)
සිරියලතා, ඔයා නුසුදුසු යමකට කැමතියි වගේ මට දැනෙනවා (නි)
තේ පඳුරු වෙනුවට වල්ලපට්ටා ගස් වැවිල්ල ව්‍යාප්ත කරන්න කාලේ ඇවිල්ලා. කිලෝ එකක් රුපියල් ලක්ෂයක් විතර වටිනවා කියනවා නේද? අපි සෙල්ලම් දුනු හදලා, දුන්නේ ලණුවට දැම්මේ වල්ලපට්ට. (නි)