IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අයිටීඑන් හිටපු ලොක්කා දූෂණ කොමිසමට

2015 ජනපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දිනවීම සඳහා ස්වාධීන රූපාවාහිනිය ඔස්සේ වැඩිපුර විකාශනය කෙරුණු දැන්වීම් වෙනුවෙන් අය විය යුතු මුදල් නොගෙවීම නිසා ස්වාධීන රූපවාහිනී සේවයට රුපියල් කෝටි 11කට අධික පාඩුවක් සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට එම රූපවාහිනී සේවයේ හිටපු සභාපති අනුර සිරිවර්ධන ඇතුළු ප්‍රධාන නිලධාරීන් දස දෙනකු බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට සඳුදා (31) කැඳවා ඇතැයි එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පවසයි.

ජනාධිපති පරික්ෂණ කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කරන විමර්ශන වලට අදාළව ප්‍රකාශ ලබා ගැනීමට ඔවුන් කැඳවා ඇතැයි කියති.

 



අදහස් (0)

අයිටීඑන් හිටපු ලොක්කා දූෂණ කොමිසමට

චන්දන Sunday, 30 August 2015 12:07 PM

වරෙන්තු පිට සිටින අයි ටී එන් යකඩ සොරාව අධිකරණයට ගෙනෙන්නේ කවදාද? (බ)

:       0       0

සඳුන් Sunday, 30 August 2015 12:10 PM

අපේ මහා දේශප්‍රේමී කට්ටියට එකතුවෙලා ගෙවන්න ඔන්න තවත් බිලක්. අරමුදලක් පිහිටවා ගත්තනම් හරි තව එනවනේ.(නදී)

:       0       0

අනුර Sunday, 30 August 2015 12:23 PM

ඒ කාලයේ දේශපාලන රැස්වීම් සජීවීව විකාශනය කිරීම සඳහාත් දේශපාලන රැස්වීම් පටිගත කිරීමට ජාතික රුපවාහිනී සහ අයි ටී එන් ආයතනයේ සියලුම සම්පත් මුදල් අයකිරීමකින් තොරව යොදා ගැනීමත් සමහර වැඩසටහන් අවසානයේ " තිස් අවුරුදු සාපකාරි යුද්ධයෙන් රට ගලවාගත් නායකයාට කල ගුණ සැලකීමක් වශයෙන් අටවෙනිදා පාන්දරින් ගොස් බුලත් කොලයට කතිරය ගසන්න" කියා කිසිදු මාධ්‍ය සාර ධර්මයක් නොසලකා ප්‍රකාශ කල නිවේදකයින් සහ ඔවුනට එසේ කියනමෙන් අණකළ නිෂ්පාදකවරුන් ගැනත් සොයාබැලීම වටිනවා.(නදී)

:       0       0

ධම්ම Sunday, 30 August 2015 12:49 PM

මේ මුදල් සියල්ලම එකතු කරගත්තාම අයවැය පරතරය පියවාගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගොඩ. (බ)

:       0       0

නෙවිල් Sunday, 30 August 2015 05:14 PM

යහපාලනේ (බ)

:       0       0

ගාමිණී Sunday, 30 August 2015 05:58 PM

යකඩ සුදා කියන අයි.ටී.එන් නාලිකාවේ යකඩ වංචාවට සම්බන්ධ මිනිහ කෝ දැන්?(ම)

:       0       0

සත්‍යා Monday, 31 August 2015 01:42 AM

මම අනුර සිරිවර්ධන මහත්මයාව හොඳින් අඳුනනවා. මාධ්‍ය සදාචාරයට විරුද්ධ දේවල් කරන්න ඒ මහතාට කිසි දිනක අවශ්‍යයතාවයක් නොතිබුනත්, හිටපු පාලකයා සහ ඔහුගේ සොහොයුරන්ගේ දුෂිත ක්‍රියා මාර්ග නිසා අනුර ඇතුළු බොහෝ දෙනෙකුට තමන්ගේ හෘද සාක්ෂියට විරුද්ධව පවා වැඩ කරන්න සිදු උනා. ඇතමෙක් වස්ත්‍ර නැතුවත් හිටපු පාලකයන්ට කඩේ ගියත් අනුර සම්බන්ධයෙන් අපට එහෙම සැකයක් නැහැ. වංචාවක් වී ඇත්නම් එය විභාග කිරීම කොමිසමේ කාර්ය භාරයක් නමුත් මේ අලාභය අය කර ගත යුතුව ඇත්තේ හිටපු පාලකයන්ගෙන් මිස අසරණවී නියෝග ක්‍රියාත්මක කල පුංචි මිනිසාගෙන් නොවේ.(නදී)

:       0       0

දුමින්ද Monday, 31 August 2015 02:21 AM

තවම හරිහැටි නඩුවක් ගොනු කරන්න බැරි වුණා බාලගිරි දෝෂය ද කොහේද (අ)

:       0       0

රෝහණ Monday, 31 August 2015 03:11 AM

අවසාන තිරණය ප්‍රමාණවත් සක්කි නොමැත .නිදොස් කර නිදහස් කරමි. (අ)

:       0       0

මුණසිංහ Monday, 31 August 2015 03:13 AM

බොරු සෝබන වැඩ මේවා දැන් අපි අවුරුදු 30 තිස්සේ දැකල තියෙනවා. මේ කතා හොදයි අද ඊයේ ඉපදුනු අයට අතීතේ දිහා නොබලුවොතින්. (අ)

:       0       0

සිනෙත් Monday, 31 August 2015 03:49 AM

මුණසිංහ:ඔය අතීතය එක්ක හැමදාම ඉන්නද කල්පනාව? (ම)

:       0       0

නාරද Monday, 31 August 2015 05:04 AM

පරීක්ෂණ, පරීක්ෂණ. කිසිම හොරෙක් නැහැ, අපට බලා ඉද ඇතිවෙලා (බ)

:       0       0

ඉඳුනිල් මාලදිවයින Sunday, 30 August 2015 11:16 AM

මිනිසුන්ගේ සල්ලි කාල කාල දැන් නින්දෙන් නැගිටලා වගේ කියවනවා. අපේ කාලයේ නීතියේ අාධිපත්‍ය රේක්ක කියල අනේ අනේ (බ)

:       0       0

රම්‍යා Monday, 31 August 2015 05:49 AM

හරි දැන් තාජුඩීන්ගේ කේස් එකට යෝෂිත අත් අඩංගුවට ගන්න එක අමතක වෙලාද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site