2015 ජනපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දිනවීම සඳහා ස්වාධීන රූපාවාහිනිය ඔස්සේ වැඩිපුර විකාශනය කෙරුණු දැන්වීම් වෙනුවෙන් අය විය යුතු මුදල් නොගෙවීම නිසා ස්වාධීන රූපවාහිනී සේවයට රුපියල් කෝටි 11කට අධික පාඩුවක් සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට එම රූපවාහිනී සේවයේ හිටපු සභාපති අනුර සිරිවර්ධන ඇතුළු ප්‍රධාන නිලධාරීන් දස දෙනකු බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට සඳුදා (31) කැඳවා ඇතැයි එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පවසයි.
ජනාධිපති පරික්ෂණ කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කරන විමර්ශන වලට අදාළව ප්‍රකාශ ලබා ගැනීමට ඔවුන් කැඳවා ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරෙන්තු පිට සිටින අයි ටී එන් යකඩ සොරාව අධිකරණයට ගෙනෙන්නේ කවදාද? (බ)
අපේ මහා දේශප්‍රේමී කට්ටියට එකතුවෙලා ගෙවන්න ඔන්න තවත් බිලක්. අරමුදලක් පිහිටවා ගත්තනම් හරි තව එනවනේ.(නදී)
ඒ කාලයේ දේශපාලන රැස්වීම් සජීවීව විකාශනය කිරීම සඳහාත් දේශපාලන රැස්වීම් පටිගත කිරීමට ජාතික රුපවාහිනී සහ අයි ටී එන් ආයතනයේ සියලුම සම්පත් මුදල් අයකිරීමකින් තොරව යොදා ගැනීමත් සමහර වැඩසටහන් අවසානයේ " තිස් අවුරුදු සාපකාරි යුද්ධයෙන් රට ගලවාගත් නායකයාට කල ගුණ සැලකීමක් වශයෙන් අටවෙනිදා පාන්දරින් ගොස් බුලත් කොලයට කතිරය ගසන්න" කියා කිසිදු මාධ්‍ය සාර ධර්මයක් නොසලකා ප්‍රකාශ කල නිවේදකයින් සහ ඔවුනට එසේ කියනමෙන් අණකළ නිෂ්පාදකවරුන් ගැනත් සොයාබැලීම වටිනවා.(නදී)
මේ මුදල් සියල්ලම එකතු කරගත්තාම අයවැය පරතරය පියවාගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගොඩ. (බ)
යහපාලනේ (බ)
යකඩ සුදා කියන අයි.ටී.එන් නාලිකාවේ යකඩ වංචාවට සම්බන්ධ මිනිහ කෝ දැන්?(ම)
මම අනුර සිරිවර්ධන මහත්මයාව හොඳින් අඳුනනවා. මාධ්‍ය සදාචාරයට විරුද්ධ දේවල් කරන්න ඒ මහතාට කිසි දිනක අවශ්‍යයතාවයක් නොතිබුනත්, හිටපු පාලකයා සහ ඔහුගේ සොහොයුරන්ගේ දුෂිත ක්‍රියා මාර්ග නිසා අනුර ඇතුළු බොහෝ දෙනෙකුට තමන්ගේ හෘද සාක්ෂියට විරුද්ධව පවා වැඩ කරන්න සිදු උනා. ඇතමෙක් වස්ත්‍ර නැතුවත් හිටපු පාලකයන්ට කඩේ ගියත් අනුර සම්බන්ධයෙන් අපට එහෙම සැකයක් නැහැ. වංචාවක් වී ඇත්නම් එය විභාග කිරීම කොමිසමේ කාර්ය භාරයක් නමුත් මේ අලාභය අය කර ගත යුතුව ඇත්තේ හිටපු පාලකයන්ගෙන් මිස අසරණවී නියෝග ක්‍රියාත්මක කල පුංචි මිනිසාගෙන් නොවේ.(නදී)
තවම හරිහැටි නඩුවක් ගොනු කරන්න බැරි වුණා බාලගිරි දෝෂය ද කොහේද (අ)
අවසාන තිරණය ප්‍රමාණවත් සක්කි නොමැත .නිදොස් කර නිදහස් කරමි. (අ)
බොරු සෝබන වැඩ මේවා දැන් අපි අවුරුදු 30 තිස්සේ දැකල තියෙනවා. මේ කතා හොදයි අද ඊයේ ඉපදුනු අයට අතීතේ දිහා නොබලුවොතින්. (අ)
මුණසිංහ:ඔය අතීතය එක්ක හැමදාම ඉන්නද කල්පනාව? (ම)
පරීක්ෂණ, පරීක්ෂණ. කිසිම හොරෙක් නැහැ, අපට බලා ඉද ඇතිවෙලා (බ)
මිනිසුන්ගේ සල්ලි කාල කාල දැන් නින්දෙන් නැගිටලා වගේ කියවනවා. අපේ කාලයේ නීතියේ අාධිපත්‍ය රේක්ක කියල අනේ අනේ (බ)
හරි දැන් තාජුඩීන්ගේ කේස් එකට යෝෂිත අත් අඩංගුවට ගන්න එක අමතක වෙලාද ? (බ)