ඉකුත් ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී ආයතනය නොමිලේ දැන්වීම් පළකොට එම ආයතනයට රුපියල් කෝටි 11.5ක පාඩුවක් සිදු කර ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු ලේකම් සහ තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් ජනාධිපති විමර්ශන කොමිසම අද (30) පැය දෙක හමාරක් ප්‍රශ්න කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොමිසම මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ එම දැන්වීම් පක්ෂයෙන් සිදු කළ ඒවා මිස තමන් පළ කළ ඒවා නොවන බවත්, තමන්ට එයට කිසිදු වගකීමක් නොදරණ බවත් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රේමජයන්ත මහතාගෙන් ප්‍රශ්න කළ බව කොමිසමේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයාගේ දැන්වීම් පළ කරවා ගැනීමට ස්වාධීන රූපවාහිනිය පක්ෂය සමග කිසිදු ගිවිසුමක් අත්සන් කර නොමැති බවත් මේ සම්බන්ධයෙන් හිටපු ලේකම් වශයෙන් තමන්ට කිසිදු වගකීමක් නොමැති බවත් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළ බව කොමිසමේ ආරංචි සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද ඔය වෙන්නේ.(හේ)
කොහොමත් පහුගිය කාලයේ මේ නාලිකාවට කිසිම ලජ්ජා බයක් තිබුනේ නැ.....රාජපක්ෂටම කඩේ ගියපු එක තමා කෙරුවේ.....මට කියන්න තියෙන්නේ මේ නාලිකාවට ''කුම්බලා මාලු කෑවනම් වද විඳපන් බළලෝ'' කියල තමා...... කලින් මේකේ හිටපු සභාපතිගෙන් තමා අයකරන්න ඕන.(බ)
අනේ මන්ද රජවරු ගැනත් අහල තියෙනවා , මෙහෙම ගිය ගිය තැන පොලු තියපු රජ කෙනෙක් ගැනනම් රජාවලියේත් නැහැ උන්නැහේ !(හේ)
මහින්ද බේරා ගත්ත රටේ වටිනාකම කෝටි 11.5 ද ?(බ)
අපි මුල ඉඳලම දැක්කා මහින්ද කියන්නේ කොහොම කෙනෙක්ද කියලා (නි)
මේවා නම් හෙන ගහන අපරාද රුපියල් කොටි 11 පොඩි ගණනක්ද රජය මේවාට හරි පියවර නොගත්තොත් නැවත මෙයාලට ඡන්දේ දීලා වැඩක් තියෙයිද?(හේ)
අන්තිමට මේ අය වැරැදි නෑ. අන්තිමට වැරැදි මේ රටේ දුප්පත් ජනතාව.(හේ)
මේවා ලගදීම යට ගහනවා ... (හේ)
යහපාල උන්නැහේ, ඔයා හරියට බබෙක් වගේනේ කතා කරන්නේ (නි)
අයියෝ.(හේ)
මෙම කර්තව්‍ය තුලින් එක දමාගන්නට, තැනක් ගන්නට මීට කරගහපු කවුරු කවුරු හරි ඔය රූපවාහිනී ආයතනයේ වගකිවයුත්තන් අතර ඉන්නත් ඇති, තවම ඉන්නවාත් ඇති. මහින්දවත්, පක්ෂය වෙනුවෙන් ලේකම්වත් වගකියන්නේ නැතිනම් කඩේ ගිය අයගෙන් තමයි අයකරගන්න වෙන්නේ. (හේ)
වහාම අදාළ පුද්ගලයන්ට එරෙහිව නඩු පවරා තරාතිරම නොබලා දඬුවම් දෙන ලෙස ශිෂ්ට සමාජයෙන් ඉල්ලා සිටිමි. මේවා අසරණ ශ්‍රී ලාංකිකයින්ගේ මුදල්. (නි)
දැන් කට්ටිය ඔය එක එක දේවල් කියන්නේ.(හේ)
හදිසියේවත් ඡන්දෙ දිනුවා නම් ඒත් ඔහොමම කියයිද? (නි)
ලංකාවේ දැනට තිබෙන පණ නැති,දුර්වල,රිංගීමට හැකි හිල් සහිත නීති අනුව නම් මෙයට වගකිවයුත්තෙකුත් නැහැ. සතපහක්වත් අයකර ගැනීමටත් බැහැ. (නි)
නමුත් හරි දේ පස්සේ තේරෙයි. ඇත්ත කවදත් ජය ගන්නවා (නි)
අහිංසක ජනයාගේ මුදල් කොල්ලකෑ සියල්ලන්ට දඬුවම් දෙනු! (නි)
කාගේ වැඩක් වුණත් නැතිවුණේ අපේම සල්ලි (නි)
දැනුයි කියල ඔය රුපවාහිනියේ අමුතු වෙනසක් තියනවද. (අ)
මේක ලොකු පාඩුවක් (නි)
දැන් එතකොට අපිද වැරදි? (නි)
කවුද දැන් හරි? (නි)
සාමාජිකයන් ගෙවූ සල්ලි පිල්ලි ගැහුවා මදිවාට අනිත් අයත් පටලවා, සන්ධානයේ සල්ලි ටිකත් දඩ මුදල් වශයෙන් ගෙවීමට සුදානම් වී දිවුරුම් යටතේ බොරු ප්‍රකාශ දුන් සමහරු ගැන නම් අපේ කිසිම ප්‍රසාදයක් නැහැ (නි)
පිවිතුරු යහපාල, මොනවාහරි ලියමුකො මේකටත්. ඔයා හැමදාම රෙදි හෝදන හින්දා මේ පාරත් පොඩි උත්සාහයක් දෙමු බලන්න. (නි)
අනේ මන්දා මහත්තයෝ,දැන් කවුරු කියන එකද හරි? (නි)
තව ටික දවසකින් කියයි අපි මහින්ද ට කිව්වා යුද්දය ඉවර කරන්න එපා කියල . එයා තුවක්කුවක් අරන් ගිහින් එයාම වෙඩි තියල මිනිස්සු මරල මානව අයිතිවාසිකනුත් කඩකරලා . අපි එයාව හිරේ දාමු. අපි මුකුත් දන්නේ නැහැ . (අ)
මහින්දත් පරාදයි. මෙහෙම අයට නැවතත් ඡන්දය දුන් ජනතාවත් පරාදයි. (නි)
පක්ෂයක් වශයෙන් කටයුතු කරනකොට ඔක්කොමලා වගකිව යුතුයි. (ර)
පිවිතුරු යහපාල මහත්තයා මේ දවස්වල වැස්සට හීතලට ගුලිවෙලා නිදිද මන්දා? මොකද එතුමා තමයි මුලදීම හඬක් නැඟුවේ මේකට වගකියන්න ඕනෑ මහින්ද මහත්තයා නෙමෙයි, සන්දාධානයමයි කියලා (නි)
අන්තිමට වැරැද්දක් කළ කෙනෙක් නැහැ වගෙයි (නි)
මහින්ද ඡන්දෙ ඉල්ලුවේ නිදහස් පක්ෂ නායකයා විදිහට, සන්ධානයේ එකමුතුවෙන්. එක ඕනෑ කෙනෙක් දන්නවා. මහින්දගේ දැන්වීම් අයි ටී එන් එකේ යනවා කලින් දැක්කේ නැද්ද? එතකොට ඒවා දැකලා මේවා මම අනුමත කරපුවා නෙමෙයි කියලා එදා කියන්න බැරිවුණාද? එදා එකක්, අද තව එකක්. (නි)
යහපාලගේ කථාව මමත් අනුමත කරනවා. (නි)
සෙලින්කෝ ගෝල්ඩන් කී ගනුදෙනුවේදී එහි සභාපති වරයාට වගකීම පවරලා වරදකරයා කරලා තීන්දු තීරණ ගත්තා නම් ඇයි දැන් පක්ෂයේ සභාපති වරයාට විරුද්දව චෝදනා එල්ල කරන්න බැරි. (අ)
අයි ටී එන් එකේ රාජපක්ෂ පාලනය සමයේ හිටපු සභාපතිගෙන් හා සාමාන්‍යධිකරීගෙන් මෙම මුදල් ලබාගන්න කටයුතු කරන්න අර යකඩ මුදලාලිත් මේවට සම්භන්ධ ඇති (අ)
සත්‍යයා ඔයාලත් පරාදයි. (අ)
මහින්ද ඉල්ලුවේ සන්ධානෙන් නෙමෙයිද? විජිත්, ලාල්, පිටබැද්දර ජයා වගේ අය ගැන කනගාටුයි. (අ)
මේවා නිකන් සංදර්ශන විතරයි. මෙතන උඩ පැනගෙන නඩු දන්න කීවට එල්ලා මැරීම තාම ක්‍රියාත්මක කරන්න බැරි උනා. අපි කියන දේ අහන්නේ ඡන්දෙට කලින් විතරයි. (ස)
මේ දන්නැති නිසා මම අහන්නේ අපේ ඉස්සර හිටිය රජ දරුවොත් මේ වගේ ණය ගෙවන්න තිබුනද ? (ස)
ස්වාදීනකම කෙසේ වෙතත් තමන්ගේ දීන කම සහ දේශපාලන ගැතිකම ප්‍රදර්ශනය කළ මෙම නාලිකාවේ ප්‍රධානීන්ට අනිවාර්යෙන් දඬුවම් කළ යුතුමයි.(ම)
මේ කතා ඔහොම කිවුවට ඔයාලා පහුගිය මහා මැතිවරණෙට ඔය කියන නාලිකාව වැඩ කළේ කොහොමද කියලා දැක්කෙම නැද්ද හැබෑට? (නි)
අර යකඩ හෝරාව 20 අවුරුද්දකට ඇතුළට දාන්න ඕනේ.(ම)
මෙම රාජ්‍ය ආයතනයට සිදු වුණ අලාභය එයට දායක වුණ සියලුම අයගෙන් තරාතිරම නොබලා ඔවුන්ගෙන් අයකර ඉන් පසු ඔවුන්ට දඬුවම් කරන්න. නැතිනම් ඉදිරියට එන , එන්න ඉන්න නිලධාරිවරුත් නායකයොත් ඔය ආකාරයටම කටයුතු කරයි . පොදු ජනතාව නිතරම කල්පනාවෙන් සිටින්න. පොදු දේවල් හැමවිටම ආරක්ෂා කරගන්න උනන්දු වන්න.ජය වේ ශ්‍රී ලංකා මාතා. (ම)
මේ අයගේ කාලයේ තිබුනේ ඒකාධිපති - රාජ ආණ්ඩුවක්. රජා අණකළ වහාම රුපවාහිනිය ඔහු කියන ඒවා ප්‍රචාරය කළ යුතුයි. ගිවිසුම් ඒ කාලයේ තිබුනේ නැහැ. (හේ)
එයත් නොවෙයි, මෙයත් නොවෙයි.(හේ)
තව ටික දවසකින්,"යුද්ධය අවසන් කරන්න තීරණය කළෙත් මහින්ද, එමනිසා මානව හිමිකම් කඩකළෙත් ඔහුමයි, ශ්‍රී ලාංකිකයන් ඉල්ලා සිටියේ යුද්ධය පවත්වාගෙන යාමටයි" කියලා කවුරුහරි කිව්වොත්, ඒකත් පුදුමයක් නොවෙයි. (නි)
එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ජනාධිපතිවරණය තරඟ කළා නම් වගකීම සියල්ලන් බාරගැනීම සියල්ලන්ගේම වගකීමක්. පක්ෂයේ අනුදැනුමක් නැතුව දැන්වීම් පළකළා නම් මුදල් ගෙවන්න හිටපු ජනපතිතුමා පසුබසින්නේ ඇයි? (නි)
මේ ටික කෙලින් කියා ගන්න හිටපු ලේකම්ට පුළුවන් වුනේ යහපාලන ආණ්ඩුවේ වග කිවයුතු ඇමති ධුරයක් දරන නිසා නේද ?හිටපු ජනාධිපති උන්නැහේ හිතාමතාම කොමිසමට බොරු කියා ඇතිබවත් දැන් පැහැදිලියි නේද ? (හේ)
ලබන සැරේ දැන්වීම් නොදා මෙතුමා දිනාවි.(හේ)
ඔක්කොම කට්ටිය එකතුවෙලා කරලා දැන් කවුරුවත් වගකීම බාරගන්න කැමති නැහැ. ඔය විදිහට තමයි මහජනතාවගේ මුදල් වියදම් කරන්න ඇත්තේත්