IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අයිටීඑන් අධ්‍යක්ෂකගේත් රට ගමන් තහනම්

ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුධර්මන් රදළියගොඩගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (5) නියෝග කළේය.

ජනපතිවරණ සමයේ විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ළමයකු පැහැරගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධ අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කළැයි ඔහුට විරුද්ධව පොලිසිය අධිකරණයට පැමිණිලි කළේය.

පොලිසිය සඳහන් කළේ ළමා රක්ෂක අධිකාරියෙන් එම පුවත් ගැන කළ පැමිණිල්ලේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කිසිම සම්බන්ධයක් නැති බවයි. මේ සම්බන්ධයෙන් ළමා රක්ෂණ අධිකාරියට කට උත්තරයක් දෙන්නැයි රදළියගොඩට උසාවියෙන් නියෝග කළේය. ඔහු අද අධිකරණයට පැමිණ සිටියේ නැත.

තම දරුවා පැහැරගෙන ගොස් ඔහුගෙන් බොරු ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත්, දරුවා සිටින තැනක් සොයා ගන්නට නැති බවත් කියමින් මවක මහනුවර පොලිසියට හා පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල්ලක් කර ඇතැයි නීතීඥ ගුණරත්න වන්නිනායක ජනවාරි දෙවැනි දා කීවේය.

බාල වයස්කාර දරුවා කිසිවකු විසින් දේශපාලන කටයුත්තකට යොදා ගෙන ඇතැයි ද, මේ නිසා මව දැඩි වේදනාවකින් පසු වන බව ද, දරුවා සොයා ගැනීමට සියලු මාධ්‍ය ආයතනවල උදව් අවශ්‍ය වන බව ද වන්නිනායක මහතා පැවසීය.

 



අදහස් (0)

අයිටීඑන් අධ්‍යක්ෂකගේත් රට ගමන් තහනම්

අනුරශාන්ත Friday, 06 February 2015 03:01 AM

පවු අනේ! මෙයා ඔය කිසිදෙයක් දන්නේ නැතුව ඇති (නි)

:       0       0

රන්දික Thursday, 05 February 2015 12:46 PM

මෙයාට දඩුවම් දෙන්න.(හේ)

:       0       0

නලීන් Thursday, 05 February 2015 01:22 PM

කළ පවු කවදා හරි ඵල දෙනවා.(හේ)

:       0       0

මංචි Thursday, 05 February 2015 02:04 PM

අර කවුරුත් දන්න යකඩ හොරකමට මොකද වුණේ .....?(දිල්)

:       0       0

රංජන් Thursday, 05 February 2015 03:01 PM

මෙයා නිසා අපිට ඔය නාලිකාව බලන්න එපා වෙලා තිබුනේ.(හේ)

:       0       0

සචිත් Thursday, 05 February 2015 03:08 PM

ලොකුම දෙයක්.(හේ)

:       0       0

සම්පත් Thursday, 05 February 2015 03:11 PM

මහින්ද පරාජය කිරීමට මෛත්‍රීට උදව් කළ සගයෙක්.(හේ)

:       0       0

රෝයි Thursday, 05 February 2015 05:17 PM

දැනට තියෙන නඩුවට මොහු වසර කීපයක සිට වරෙන්තු ලබලා ඉන්නේ. ඒ සදහා අත් අඩංගුවට ගන්නේ නැතුව නොකෙරෙන දඩුවම් සදහා වැරදි හොයනවා. ජනතාව බලාපොරොත්තු උන යහ පාලනය ඉතා හොදින් කෙරෙනවා. සන්තෝසයි. (නදී)

:       0       0

පෙරේරා Thursday, 05 February 2015 10:28 PM

වැරදි කර ඇත්නම් දැඩි දඬුවම් දෙන්න ඕනෑ! (නි)

:       0       0

රත්න Thursday, 05 February 2015 08:59 AM

දැන් බොරු කිව්වොත් කූඩුවට තමයි යන්න වෙන්නේ. බොරු කියලා ගැලවෙන්න පුළුවන් දේශපලකයන්ට විතරයි .(හේ)

:       0       0

අලහකෝන් Thursday, 05 February 2015 09:08 AM

ඔය කළ වරදට දඩුවම් දිය යුතුමයි.බොරු ප්‍රවෘත්ති හදලා චරිත ගාතනය කිරීම නිසා.(හේ)

:       0       0

සමන්ති Friday, 06 February 2015 01:28 AM

අනුන්ගේ රෙදි ගැළවීමට ගොස් තමාගේ ඇඳිවත ගළවාගැනීම කියන්නේ මෙන්න මේ වගේ දේවල් වලට තමයි (නි)

:       0       0

සමන් Thursday, 05 February 2015 09:41 AM

ඒකනම් ලොකු දෙයක්.(හේ)

:       0       0

හරින්ද Friday, 06 February 2015 09:11 AM

මෙයා දවසක් ප්‍රසිද්ධියේ කිව්වා පුලුවන්නම් අල්ලන්න කියලා. දැන් ඉතින් අල්ලන්න තියෙන්නේ. මෙයාට වරෙන්තු තියෙද්දිත් ප්‍රසිද්දියේ රූපවහිනියේ පෙනී හිටියේ. (නදී)

:       0       0

සමන් Thursday, 05 February 2015 10:26 AM

මම නම් හිතුවේ මෙයාව අල්ලන්න හදන්නේ මලකඩ වලට සම්බන්ධ දෙයකට කියලා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site