ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුධර්මන් රදළියගොඩගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (5) නියෝග කළේය.
ජනපතිවරණ සමයේ විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ළමයකු පැහැරගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධ අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කළැයි ඔහුට විරුද්ධව පොලිසිය අධිකරණයට පැමිණිලි කළේය.
පොලිසිය සඳහන් කළේ ළමා රක්ෂක අධිකාරියෙන් එම පුවත් ගැන කළ පැමිණිල්ලේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කිසිම සම්බන්ධයක් නැති බවයි. මේ සම්බන්ධයෙන් ළමා රක්ෂණ අධිකාරියට කට උත්තරයක් දෙන්නැයි රදළියගොඩට උසාවියෙන් නියෝග කළේය. ඔහු අද අධිකරණයට පැමිණ සිටියේ නැත.
තම දරුවා පැහැරගෙන ගොස් ඔහුගෙන් බොරු ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත්, දරුවා සිටින තැනක් සොයා ගන්නට නැති බවත් කියමින් මවක මහනුවර පොලිසියට හා පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල්ලක් කර ඇතැයි නීතීඥ ගුණරත්න වන්නිනායක ජනවාරි දෙවැනි දා කීවේය.
බාල වයස්කාර දරුවා කිසිවකු විසින් දේශපාලන කටයුත්තකට යොදා ගෙන ඇතැයි ද, මේ නිසා මව දැඩි වේදනාවකින් පසු වන බව ද, දරුවා සොයා ගැනීමට සියලු මාධ්‍ය ආයතනවල උදව් අවශ්‍ය වන බව ද වන්නිනායක මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අනේ! මෙයා ඔය කිසිදෙයක් දන්නේ නැතුව ඇති (නි)
මෙයාට දඩුවම් දෙන්න.(හේ)
කළ පවු කවදා හරි ඵල දෙනවා.(හේ)
අර කවුරුත් දන්න යකඩ හොරකමට මොකද වුණේ .....?(දිල්)
මෙයා නිසා අපිට ඔය නාලිකාව බලන්න එපා වෙලා තිබුනේ.(හේ)
ලොකුම දෙයක්.(හේ)
මහින්ද පරාජය කිරීමට මෛත්‍රීට උදව් කළ සගයෙක්.(හේ)
දැනට තියෙන නඩුවට මොහු වසර කීපයක සිට වරෙන්තු ලබලා ඉන්නේ. ඒ සදහා අත් අඩංගුවට ගන්නේ නැතුව නොකෙරෙන දඩුවම් සදහා වැරදි හොයනවා. ජනතාව බලාපොරොත්තු උන යහ පාලනය ඉතා හොදින් කෙරෙනවා. සන්තෝසයි. (නදී)
වැරදි කර ඇත්නම් දැඩි දඬුවම් දෙන්න ඕනෑ! (නි)
දැන් බොරු කිව්වොත් කූඩුවට තමයි යන්න වෙන්නේ. බොරු කියලා ගැලවෙන්න පුළුවන් දේශපලකයන්ට විතරයි .(හේ)
ඔය කළ වරදට දඩුවම් දිය යුතුමයි.බොරු ප්‍රවෘත්ති හදලා චරිත ගාතනය කිරීම නිසා.(හේ)
අනුන්ගේ රෙදි ගැළවීමට ගොස් තමාගේ ඇඳිවත ගළවාගැනීම කියන්නේ මෙන්න මේ වගේ දේවල් වලට තමයි (නි)
ඒකනම් ලොකු දෙයක්.(හේ)
මෙයා දවසක් ප්‍රසිද්ධියේ කිව්වා පුලුවන්නම් අල්ලන්න කියලා. දැන් ඉතින් අල්ලන්න තියෙන්නේ. මෙයාට වරෙන්තු තියෙද්දිත් ප්‍රසිද්දියේ රූපවහිනියේ පෙනී හිටියේ. (නදී)
මම නම් හිතුවේ මෙයාව අල්ලන්න හදන්නේ මලකඩ වලට සම්බන්ධ දෙයකට කියලා.(හේ)