අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි ණය මුදල ඉදිරි සති දෙකක කාලය ඇතුළත ලැබෙතියි ශ්‍රීලංකාව අපේක්ෂා කරයි.
රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයට පිළියමක් වශයෙන් ලබාගැනෙන මෙම ණය මුදලේ වටිනාකම ඩොලර් කෝටි 100 - 200 අතර අගයක් වනු ඇති බව සඳහන්ය.
පසුගිය දින කිහිපයක පුරාම මෙම ණය මුදල ලබාගැනීම සඳහා කොළඹදී සාකච්ඡා පැවැත්වුණු අතර දැන් ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී අවසන් අදියරේ සාකච්ඡා පැවැත්වෙමින් ඇත.මෙම සාකච්ඡා වලට මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යන මහත්වරුන්ද එක්ව සිටිති.
මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ ණය මුදල ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීමට බව භාණ්ඩාගාර ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතා පැවසීය.මුදල් ලබාදීමට ප්‍රථමයෙන් රටේ ආර්ථික පද්දතිය තවදුරටත් ශක්තිමත් කළ යුතුව ඇති බවද,ආයෝජන සිදුකිරීම පහසුවන ලෙස දැනට තිබෙන බාධක ඉවත්කළ යුතුව තිබෙන බවද, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අදහස යැයි ඒ මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සල්ලි ලැබෙනවනේ. දැන්වත් දෙවියන්ගේ නාමෙන් බඩු මිල අඩුකරන්න. (නි)
මොනවා? රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයකුත් තිබෙනවද? මේ ඇහුවාමයි (නි)
යහපාලන ආණ්ඩුව බහුතර ඡන්දයෙන් කරට ගත් මිනිසුනි, විඳවනු ඉතින් දැන් දිගට හරහට! (නි)
අන්තර්ජාතික මූල්‍ය අරමුදල අපට ආදරෙයි. බලන්න අපි මේ සල්ලි නාස්ති කරයි කියලා දාලා තිබෙන කොන්දේසි ගැනත් ටිකක්. (නි)
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නව පාලනයට හරිහැටි පරිපාලනය කරගැනීමට හැකියාවක් නොමැති බවයි අපිට නම් හැඟෙන්නේ (නි)
විදේශ වලින් ණය ගන්නේ නැතුව අපේම කෙනෙක්ගෙන් ණයක් ගන්න සාකච්ඡා කළොත් නරකද? පොළිය ටිකක් වැඩි වුණත් කමක් නැහැ, අපේ මිනිස්සුනේ! (නි)
අනේ මන්දා අපිට මොනවා වෙන්න යනවද කියලා (නි)
මෝඩයෝ රටේ ලොක්කෝ වුනහම ඕවා වෙනවා.අපට දුක අපේ පක්ෂය ගැන 2002 දී වගේ වෙයිද කියල. (බ)
ණය වලින් තොරව රට ගෙනියන වැඩපිළිවෙලක් අපි කවදාද හදන්නේ? හැම ආණ්ඩුවක්ම කලින් ආණ්ඩුවට බැණ බැණ ණය ගන්න එක මිසක් ණය උගුලෙන් ගැළවෙන්න හිතන්නේ නැහැ. දවසින් දවස ණය ප්‍රතිශතය වැඩිවෙනවා. මෙහෙම ගිහින් අපි මහා විනාශයකට යන බව තේරුම් ගන්න ආණ්ඩුවක් අපිට ඕනෑ. (නි)
මේ සල්ලි අාපහු ගෙවන්න ඕනෑ නැද්ද? මේවත් අපේ ණය බරට එකතුවෙනවා නේද? අපේ ණය බරට වගකියන්න ඕනෑ කවුද? මේවායින් අපිට ගොඩ එන්න පුලුවන්ද? ණය ගත්තා කියලා පහුගිය ආණ්ඩුවට කවුරුහරි දොස් කිවුවද? (නි)