පිටරට ගොස් පැමිණියකු සේ රඟපාමින්  පිටරට සිට එන මිනිසුන්ගේ   බෑග් කටුනායකදී හෝ පිටකොටුවේදී සොරකම් කැර රුපියල් ලක්ෂ පනහකට වැඩි  දේපොළ එකතු කළැයි කියන අයිආර්සී කාරයකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

කන්තලේ රජඇළ පදිංචිකරුවකු වන ඔහු වසර හතහමාරක් හිරේ ගිය දිවයිනේ නම ගිය අපරාධකරුවෙකියි පොලීසිය පවසයි.

ඔහු පදිංචි කැණියේ කුලී ගෙයි තිබී බෑග් 17ක් ලැප්ටොප් ,ටැබ් පරිගණක 9ක් ,රන්බඩු ,සුවඳ විලවුන් අත් ඔරලෝසු තොගයක් සොයාගෙන ඇත.

ඔහු දවසකට රුපියල් පහළොස්දහසක මත් කුඩු ඉරීමට පුරුදු වී සිටි බවද පොලීසිය පවසයි.

 20141102_144747 20141102_144812 20141102_145912