සමනලවැව බලාගාරයේ දෝෂයකින් තංගල්ල, බෙලිඅත්ත, අම්බලන්තොට හා හම්බන්තොට විදුලිය විසන්ධි වී ඇත.

එහි නිලධාරිනියක පැවසුවේ රැහැන් මාර්ගයක දෝෂයක් ඊට හේතුවූ බවයි.

මේ නිසා මහින්ද රාජපක්ෂ ජනපතිගේ අය වැය කතාව ඇසීමට ද නොහැකිවීයැයි ප්‍රදේශවාසීහු කියති.