බ්‍රහස්පතින්දා (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන 2017 වසරේ අයවැය පිළිබඳ සම්මන්ත්‍රණයක් ලබන 11 වැනිදා සවස 2.00ට රාජගිරියේ පිහිටි මහබැංකු ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
මහබැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.එම්.විෙජ්වර්ධන යන මහත්වරු සහ දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් කල්‍යාණි දහනායක මහත්මිය මෙහිදී දෙසුම් පවත්වති.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මන්ත්‍රණය නොමිලේ පැවැත්වේ.
මෙම සම්මන්ත්‍රණය සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන බවත්, අයවැය සම්මන්ත්‍රණය සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය වැය නෙමෙයි අපිට නම් අය අය (නි)
නැහැ නැහැ, අපිට වැය වැය.. (නි)