(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
රෝගීන් වාර්තාවන අමුතුම ආකාරය දෙස බැලීමේදී තුන්වෙනි රැල්ලට වඩා වැඩි දරුණු තත්වයක් ඉදිරියේදී මතුවනු ඇතැයි අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ(අයි. ඩී.එච්) කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවැසීය.
අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර සඳහා දිනපතා පැමිණෙන අයගෙන් සියයට 85ක් පමණ ආසාදිතයන් ලෙස හඳුනා ගැනෙන බවද හෙතෙම සඳහන් කළේය.
මෙලෙස අලුතින් හඳුනා ගැනෙන රෝගීන්ගේ ශරීරයන්හි පවතින වයිරස ධාරිතාවයද ඉහළ බව රසායනාගාර වාර්තාවලින් පෙනී යන්නේ යැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා මෙය ඩෙල්ටා ප්‍රභේදය නිසා සිදුවන්නක් යැයි සැක කළ හැකි බවද ප්‍රකාශ කළේය.
රෝගීන් හමුවන ආකාරය දෙස බැලීමේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය පැතිරෙන්නේ යැයි අනුමාන කළ හැකි බවත් මේ තත්වය යටතේ රටට ඉදිරියේදී දැඩි අසීරු තත්වයකට මුහුණ වීමට සිදුවනු ඇති බවත් ආනන්ද විජේවික්‍රම මහතා පැවැසීය.
පවතින තත්ත්වය යටතේ රෝගීන් අඩුකර ගැනීම අභියෝගාත්මක විය හැකි බව පැවසු හෙතෙම ජනතාව කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමට වැඩි වැඩියෙන් උනන්දු විය යුතු බවද සඳහන් කළේය.
ජනතාව සෞඛ්‍ය නීති අකුරටම පිළිපදිමින් අවශ්‍යම කාරණයකට හැරෙන්නට වෙනත් කිසිදු කටයුත්තකට එළියට නොගොස් නිවෙස්වලටවී කටයුතු කරන්නැයිද විජේවික්‍රම මහතා ඉල්ලීමක් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන අවුරුද්දට නිවාඩු දවස් අවලංගු කරලා මේ මාසේ ඉදන් මාසයක් රට වහන්න. ජනතාවට මාසයකට හරියන්න භාණ්ඩ රැස් කරගන්න දවස් 3ක් දීලා රට සම්පුර්ණයෙන්ම වහන්න. මේ වැඩේ හරියන්නේ නැහැ නැත්නම්..., අපි රස්සාවට යනවා ඔන්න එකෙක්ට පොසිටිව් කිව්වාම ආයේ ගෙදර ඉන්නවා. ආයෙත් එන්න කිව්වාම යනවා. පොඩ්ඩක් හොයලා බලන්න රජයේ සේවකයින් කී දෙනෙක් මාස ගාණක් නිකං ගෙදරට වෙලා පඩි ගත්තද? හුඟක් අය කලේ ඔවුන්ගේ ප්‍රොමෝෂන් වලට කෝර්ස් කරපු එක. මේ විදිහට රටක් අරගෙන මොන ප්‍රගතියක්ද...? කරනවා නම් වැඩේ හරියට කරන්න. නැත්නම් එක එක අය මීඩියා ඉස්සරහට ඇවිත් වැල් බයිලා නොගහ ඉන්න.
එදත් IDH එකට ගියේ සෙමට බෙහෙත් ගන්න. අදත් ඒකටම තමයි යන්නේ. එදා නම වෙනස් කරලා කොරෝනා රෝගීන් කියලා...