අග්‍රමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා ස්වාධීන රූපවාහිනියේ වැඩ බලන සභාපති ලෙස පත් කරනු ලැබීය.
රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ ද ඔහුය.
ප්‍රවීන නිවේදකයකු වූ ඔහු රූපවාහිනී හඬකැවීම් ශිල්පියෙක් ද විය.
අතාවුදහෙට්ටි මහතා තීරුලිපි රචකයෙක් ලෙස ද නමක් දිනා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහත්තයා මේක ගොඩගන්න බව නම් විශ්වාසයි (නි)
සුබ පැතුම් අපෙන්! (නි)
හිතවත් මැතිතුමනි, 1976 වසර ආසන්න කාලයේ "හන්දියේ ගෙදර" මතක්වෙනවා. "ජිල්ජෝන්" ආයෙත් අහන්නවත් ඉඩක් ලබාදෙන්න. (නි)
අයි ටී එන් එකේ හොඳ කාලය ලබලා වගෙයි (නි)
දැන් සිටින ජ්‍යෙෂ්ඨ යැයි කියාගන්නා සමහර මාධ්‍යවේදින්ට එහි අරුත වටහා ගත හැකි හොඳම වැදගත් චරිතයක් සමන් අතාවුද මහතා කියන්නේ. ඔබ වැනි කෙනෙකුට මෙම තනතුර පමාවීමත් ආයතනයේ අහේතුවක් ලෙස මා දකිමි. (නි)
නොම්මර 1 තිබුණු අයිටීඑන් එක දැන් 0 ට බැහැලා. ඔබතුමාට එය ගොඩගන්න ශක්තිය ලැබේවා! (නි)
සුදුස්සාට සුදුසු තැන ලැබී ඇත (නි)
ඔබට අපෙන් සුබ පැතුම්! (නි)
මගේ සුබ පැතුම්! මගේ පොඩි කාලේ ගුවන් විදුලි රඟමඩලේ හොඳම කට හඬ (නි)
සුබ පැතුම් ඔබට! (නි)
සුන්දර ලන්දේසි දූපතට අප රැගෙන යනු මැනවි! (නි)
සමන්, මට මතක් වෙනවා ඔබ 1964 රාජකීය විද්‍යාලයේ නව රඟහල ආරම්භක අවස්ථාවේදී 9 හැවිරිදි දරුවෙකු ලෙස කළ ඉදිරිපත් කිරීම. එදා ඔබගේම වයසේ සිටි මම ප්‍රේක්ෂකාගාරයේ සිට එය නැරඹුවා. (නි)
හදවතින්ම සුබපතනවා හිතවත් මිතුර! (නි)
සත්‍යයා ඔබ හරි. අලියා ඇතා ගොඩ දාල නැහැ තමයි. අයි.ටී.එන්. එක ගොඩ ගන්න ජනමාධ්‍යය, වාණිජ ව්‍යාපාරකරණය හා ඔක්කොටම වඩා හොඳට පරිපාලනය දන්නා ඇතෙක් උවමනායි. ඉන් එකක් තිබුනට මදි. කලින් හිටි බොහොම දෙනෙකුට තිබුනේ ඕවයින් එකක් විතරයි. (ර)
ඇතෙක් ගොඩදාන්න ඇතෙක්ම ඕනෑ කියලා කිව්වත් අලියා මෙදා සැරේ ඇතාව ගොඩදාලා නැහැ වගේ. (නි)
අපේ කාලයේ ප්‍රවීණයකු හා දක්ෂ සන්නිවේදකයෙකු වු සමන් මහතා මේ තනතුරට වැඩ බලන්නට හරි පත්කිරීම සම්බන්ධව සුභ පතනවා! යමක් ස්වාධීනව සිදුකරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියා කියනවා (නි)