(යොහාන් භාසුර)
‘සිපෙට්කෝ’ ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්‍ෂව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද ඉන්ධන මිල ද පහත දමා තිබේ.
ඒ අනුව අයි.ඕ.සී. ඉන්ධන මිල ද ‘සිපෙට්කෝ’ ඉන්ධන මිලට සමාන කර තිබේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 368 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 420 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 333 ක්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 377 ක් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 215 ක් දක්වා පහත දැමූ බව එල්.අයි.ඕ.සී. පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ව ගොන්නු කියලා හිතාගෙන ඉන්න ලංකාවේ දේශපාලකයින්. මිල වැඩි වෙද්දී රු : 100 කින් 150 කින් වැඩිකර අඩු වන විට රු : 3 - 5 කින් අඩුවීම විහිළුවක්. 2021 වසරේ ජූනි 13 දින ලීටයක් රු: 157/= තිබුණු ඔක්ටේන් 92 පෙට්‍රල් අද මිල රුපියල් 368 ක්, මේ තත්වය උදාවුණේ 30 වසරක යුධය , සුනාමිය හෝ කොරෝනා නිසා නොවේ. අපි පත්කළ දූෂිත පාලකයින් නිසා මිස. ඇත්තටම යුද්ධයෙන් පසුත් සුනාමිය හා කොරෝනා කාලයේත් ලංකාවට ආධාර හා සහන රැසක් ලැබුණා. හැබය් අපි ඩොලර් නැති බංකලොත් රාජ්‍යයක් බවට පත්වුණා. කොහොමද මේවා සිදුවුණේ කියල අපි හොඳීන් සිතා බැලුවා නම් අපිට පුළුවන් නැවත වතාවක් එවැනි තත්වයක් අපේ රටට උරුම නොවෙන්න වග බලාගැනීමට.
සංසන්ධනය කරලා බලන්න වෙනත් රටවල් එක්ක අපේ ඉන්ධන ගණන අඩුයි .වෙනත් තෙල් නැති රටවලට වඩා