IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අයි එස් සටන්කරු සිරියාවෙදි මරුට

කරාටේ කළු පටි ලැබූ ගලේවෙල ශ්‍රීලාංකිකයකු සිරියාවේ ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව ඔහුගේ මස්සිනා කියයි.

ඔහු අයි එස් සටන්කරුවකු බවත්, සිරියා රජයට එරෙහිව අයි එස් සටන්කරුවන් එහි ගොස් සටන් කරද්දී ගුවන් ප්‍රහාරයකින් දින කිහිපයකට පෙර මිය ගිය බවත් වාර්තා වේ.

ෆේස්බුක් සමාජ වෙබ් අඩවිවල එම සිද්ධිය වාර්තා කරන එම පුද්ගලයාගේ මස්සිනාගේ නම හෙළි කර නැත. එහෙත් මිය ගිය පුද්ගලයාගේ නම සඳහන් කර ඇත. (එය මෙහි පළ නොවේ.)

අයි එස් සංවිධානයේ අබු ෂුරේහ් සයිලානි යනුවෙන් මිය ගිය අයි එස් සාමාජිකයා හඳුන්වා දී තිබේ. ඔහුගේ වයස අවුරුදු 37ක් බවත්, ඔහු දරුවන් හය දෙනකුගේ පියකු බවත් බිරිය හත් වැනි දරුවා ලැබීමට ආසන්න බවත් සිය මස්සිනා කියයි.

පාකිස්තානයේ ඉස්ලාමාබාද් ඉස්ලාම් විශ්ව විද්‍යාලයයේ එල්එල්බී උපාධිය දිනා සිටින ඔහු අරාබි, උර්දු, සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂා හොඳින් කතා කිරීමේ හැකියාව ලබා සිටි බවත් ෆේස්බුක් විස්තරයේ සඳහන් වේ.

ඔහු ෆේස්බුක් වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය බවත් අවසන් සටහන එක් කර ඇත්තේ පසුගිය ජූලි අට වැනි දා බවත්, ඉන් පසු කිසිත් ලියා නැති බවත් දැක ගත හැකිය.

අයිඑස් සටන් හා ඉස්ලාම් ධර්මය ගැන ඔහු ගැඹුරින් ෆේස්බුක් වෙබ් අඩවියේ සටන් කර ඇත.

ඔහු ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ නැවතී සිටි බවත්, මහරගම කරාතේ පුහුණුකරුවකු වූ බවත්, සිරියාවට යන බව ගලේවෙල පිරිසකට කියා ඇති බවත්, ඔහු මිය ගිය බව දින පහකට පෙර දැනගත් බවත් ගලේවෙල කිහිප දෙනෙක් පැවසූහ.

11745338_715716975222086_9218027819555437546_n



අදහස් (0)

අයි එස් සටන්කරු සිරියාවෙදි මරුට

දුමින්ද Monday, 20 July 2015 07:51 AM

සන්හින්දියාවේ හැංගුන ගිනි පුපුරු (ම)

:       0       0

චන්දි Monday, 20 July 2015 04:48 AM

නම කියන්න බැරි ඇයි දඅන ගන්න කියන්නකෝ (ම)

:       0       0

අමිල Monday, 20 July 2015 04:50 AM

මටනම් කියන්ඩ තියෙන්නේ ලංකාවේ අපි සුළු ජාතියන්ට ආදරයෙන් හිටියොත් කිසි ප්‍රශ්නයක් නැහැ (ම)

:       0       0

හර්ෂ Sunday, 19 July 2015 07:55 PM

අපේ රට ආරක්ෂා කරගන්න අපි ඔක්කොම එකාවන්ව එකතුවෙන්න ඕනෑ (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 20 July 2015 05:09 AM

බයවෙන්න එපා , ලෝකේ ඉන්න හොඳම සහ සුපිරිම ෆීල්ඩ් මාර්ෂල් සමග අත්දැකීම් බහුල හමුදාවක් අපිට ඉන්නවා (ම)

:       0       0

යහම්පත් Sunday, 19 July 2015 09:00 PM

එම ෆේස්බුක් පිටුව ගැන ඉතා හොඳින් සොයාබැලිය යුතුයි (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 19 July 2015 09:34 PM

ලාංකීය සියලුම ජන කොටස් එකාවන්ව එක හැඟීමකින් වැඩ කළයුතුයි (නි)

:       0       0

සුරම්‍ය සිල්වා Sunday, 19 July 2015 10:41 PM

මේ ගැන ඉතා ගැඹුරින් පරික්ෂණ පැවැත්විය යුතුය. මෙය උතුරේ ත්‍රස්තවාදයට වැඩිය භයානක වෙන්න පුළුවන් (නි)

:       0       0

ටෙරන්ස් Sunday, 19 July 2015 11:05 PM

ඉහත අදහස් සම්බන්ධයෙන් මගේද එකඟත්වය පළකරනවා (නි)

:       0       0

අමන්දා Sunday, 19 July 2015 11:05 PM

මිනිස් ජීවිත නැතැකරන මේ යුද්ධ ගැන මම නම් කතාකරන්නවත් කැමති නැහැ (නි)

:       0       0

නිමල් Sunday, 19 July 2015 11:41 PM

බොහොම කල්පනාවෙන් වැඩකරන්න ඕනෑ කාලයක් මේක. (නි)

:       0       0

විජිත Sunday, 19 July 2015 11:42 PM

අනේ දෙවියනේ මෙහෙමත් ලෝකයක්! (නි)

:       0       0

යසිරු Monday, 20 July 2015 12:18 AM

මොනවා වුණත් මේ නැතිවෙන්නේ අහිංසක ජීවිත නොවේද? (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Monday, 20 July 2015 12:23 AM

මේ ගැන වහාම සොයා බලන්න. අහිංසක ජනතාව මේ ගැන දැනුවත් කරන්න, තමන්ගේ තරුණ දරුවන් ගැන දැඩි අවධානයෙන් ඉන්න කියා (නි)

:       0       0

නිමාෂා Monday, 20 July 2015 12:30 AM

ලංකා රජය දේශපාලන ලෙස අවස්ථාවාදී නොවී මේ අවස්ථාවේදී ඉතා පරීක්ෂාකාරීව සිටිය යුතු යැයි සිතනවා.සැබෑ මිනිස් නිදහස ගරුකරන මිනිසුනි, තීරණයක් ගැනීමට කාලය පැමිණ ඇත. (නි)

:       0       0

නිලංග Monday, 20 July 2015 01:06 AM

ඕස්ට්‍රේලියාවේ මේ ප්‍රශ්නය දැන් හිසරදයක් වෙලා. ආගමන නීතිරීතිත් ඒ නිසා තදකරලා. කරුණාකර තමන්ගේ අය ගැන විමසිල්ලෙන් සිටින්න. විශේෂයෙන් තරුණයන් ගැන. (නි)

:       0       0

දිලිප් Monday, 20 July 2015 01:44 AM

ලංකාවේ අපිත් මේ භයානක තත්වය තේරුම්ගත යුතුයි. තරුණයෝ විශාල ගණනක් දැන් මේ ත්‍රස්තවාදීන් සමඟ එකතුවෙලා. ඉක්මනින්ම පිළියම් නොයෙදුවොත් විශාල ප්‍රශ්නයක් වේවි (නි)

:       0       0

ජනක Sunday, 19 July 2015 03:20 PM

ඔය තියෙන්නේ (බ)

:       0       0

සහන Monday, 20 July 2015 10:45 AM

යක්ෂයාගේ පස්සේ ගිය ගෝලයෙක්. (ර)

:       0       0

සුමිත් Monday, 20 July 2015 02:10 AM

මේ ගැන වහාම සොයාබැලිය යුතුයි. (නි)

:       0       0

සිසිර Monday, 20 July 2015 02:38 AM

ෆේස් බූක් හරහා කෙනෙකුගේ මරණය ගැන බොරුවක් වුණත් ගොතන්න පුළුවන්. ඒ නිසා මේ ගැන තවත් සොයාබලන එක නේද හොඳ? (නි)

:       0       0

ජයපාල Monday, 20 July 2015 07:20 AM

කොටි ගහනකොට මු කොහෙද හිටියේ.. (ම)

:       0       0

තුවාන් Monday, 20 July 2015 07:22 AM

මේ පිළිබඳ වැඩිදුරටත් සොයා බැලිය යුතුයි සැමට සමානත්මකතාවය ඇති කළ යුතුයි (ම)

:       0       0

මලින්ද බණ්ඩාර වන්නිනායක Monday, 20 July 2015 07:30 AM

සියල්ලන්ටම සමාන නීතියක් තිබුනානම් හරි එක එක ආගම්වලට ජාතීන්ට අනුව නීති වෙනස්කරන්නේ නැතුව සියලුම සත්වයන්ට පොදු නීතිය තමයි ඕනේ (බ)

:       0       0

විජයබාහු Monday, 20 July 2015 07:35 AM

රටේ ආරක්ෂාව ගැන නොසිතන ෆීල්ඩ් මාර්ෂල් කෙසේ වෙතත් හොඳ හමුදාවක් නම් ඉන්නවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site