කරාටේ කළු පටි ලැබූ ගලේවෙල ශ්‍රීලාංකිකයකු සිරියාවේ ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව ඔහුගේ මස්සිනා කියයි.
ඔහු අයි එස් සටන්කරුවකු බවත්, සිරියා රජයට එරෙහිව අයි එස් සටන්කරුවන් එහි ගොස් සටන් කරද්දී ගුවන් ප්‍රහාරයකින් දින කිහිපයකට පෙර මිය ගිය බවත් වාර්තා වේ.
ෆේස්බුක් සමාජ වෙබ් අඩවිවල එම සිද්ධිය වාර්තා කරන එම පුද්ගලයාගේ මස්සිනාගේ නම හෙළි කර නැත. එහෙත් මිය ගිය පුද්ගලයාගේ නම සඳහන් කර ඇත. (එය මෙහි පළ නොවේ.)
අයි එස් සංවිධානයේ අබු ෂුරේහ් සයිලානි යනුවෙන් මිය ගිය අයි එස් සාමාජිකයා හඳුන්වා දී තිබේ. ඔහුගේ වයස අවුරුදු 37ක් බවත්, ඔහු දරුවන් හය දෙනකුගේ පියකු බවත් බිරිය හත් වැනි දරුවා ලැබීමට ආසන්න බවත් සිය මස්සිනා කියයි.
පාකිස්තානයේ ඉස්ලාමාබාද් ඉස්ලාම් විශ්ව විද්‍යාලයයේ එල්එල්බී උපාධිය දිනා සිටින ඔහු අරාබි, උර්දු, සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂා හොඳින් කතා කිරීමේ හැකියාව ලබා සිටි බවත් ෆේස්බුක් විස්තරයේ සඳහන් වේ.
ඔහු ෆේස්බුක් වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය බවත් අවසන් සටහන එක් කර ඇත්තේ පසුගිය ජූලි අට වැනි දා බවත්, ඉන් පසු කිසිත් ලියා නැති බවත් දැක ගත හැකිය.
අයිඑස් සටන් හා ඉස්ලාම් ධර්මය ගැන ඔහු ගැඹුරින් ෆේස්බුක් වෙබ් අඩවියේ සටන් කර ඇත.
ඔහු ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ නැවතී සිටි බවත්, මහරගම කරාතේ පුහුණුකරුවකු වූ බවත්, සිරියාවට යන බව ගලේවෙල පිරිසකට කියා ඇති බවත්, ඔහු මිය ගිය බව දින පහකට පෙර දැනගත් බවත් ගලේවෙල කිහිප දෙනෙක් පැවසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්හින්දියාවේ හැංගුන ගිනි පුපුරු (ම)
නම කියන්න බැරි ඇයි දඅන ගන්න කියන්නකෝ (ම)
මටනම් කියන්ඩ තියෙන්නේ ලංකාවේ අපි සුළු ජාතියන්ට ආදරයෙන් හිටියොත් කිසි ප්‍රශ්නයක් නැහැ (ම)
අපේ රට ආරක්ෂා කරගන්න අපි ඔක්කොම එකාවන්ව එකතුවෙන්න ඕනෑ (නි)
බයවෙන්න එපා , ලෝකේ ඉන්න හොඳම සහ සුපිරිම ෆීල්ඩ් මාර්ෂල් සමග අත්දැකීම් බහුල හමුදාවක් අපිට ඉන්නවා (ම)
එම ෆේස්බුක් පිටුව ගැන ඉතා හොඳින් සොයාබැලිය යුතුයි (නි)
ලාංකීය සියලුම ජන කොටස් එකාවන්ව එක හැඟීමකින් වැඩ කළයුතුයි (නි)
මේ ගැන ඉතා ගැඹුරින් පරික්ෂණ පැවැත්විය යුතුය. මෙය උතුරේ ත්‍රස්තවාදයට වැඩිය භයානක වෙන්න පුළුවන් (නි)
ඉහත අදහස් සම්බන්ධයෙන් මගේද එකඟත්වය පළකරනවා (නි)
මිනිස් ජීවිත නැතැකරන මේ යුද්ධ ගැන මම නම් කතාකරන්නවත් කැමති නැහැ (නි)
බොහොම කල්පනාවෙන් වැඩකරන්න ඕනෑ කාලයක් මේක. (නි)
අනේ දෙවියනේ මෙහෙමත් ලෝකයක්! (නි)
මොනවා වුණත් මේ නැතිවෙන්නේ අහිංසක ජීවිත නොවේද? (නි)
මේ ගැන වහාම සොයා බලන්න. අහිංසක ජනතාව මේ ගැන දැනුවත් කරන්න, තමන්ගේ තරුණ දරුවන් ගැන දැඩි අවධානයෙන් ඉන්න කියා (නි)
ලංකා රජය දේශපාලන ලෙස අවස්ථාවාදී නොවී මේ අවස්ථාවේදී ඉතා පරීක්ෂාකාරීව සිටිය යුතු යැයි සිතනවා.සැබෑ මිනිස් නිදහස ගරුකරන මිනිසුනි, තීරණයක් ගැනීමට කාලය පැමිණ ඇත. (නි)
ඕස්ට්‍රේලියාවේ මේ ප්‍රශ්නය දැන් හිසරදයක් වෙලා. ආගමන නීතිරීතිත් ඒ නිසා තදකරලා. කරුණාකර තමන්ගේ අය ගැන විමසිල්ලෙන් සිටින්න. විශේෂයෙන් තරුණයන් ගැන. (නි)
ලංකාවේ අපිත් මේ භයානක තත්වය තේරුම්ගත යුතුයි. තරුණයෝ විශාල ගණනක් දැන් මේ ත්‍රස්තවාදීන් සමඟ එකතුවෙලා. ඉක්මනින්ම පිළියම් නොයෙදුවොත් විශාල ප්‍රශ්නයක් වේවි (නි)
ඔය තියෙන්නේ (බ)
යක්ෂයාගේ පස්සේ ගිය ගෝලයෙක්. (ර)
මේ ගැන වහාම සොයාබැලිය යුතුයි. (නි)
ෆේස් බූක් හරහා කෙනෙකුගේ මරණය ගැන බොරුවක් වුණත් ගොතන්න පුළුවන්. ඒ නිසා මේ ගැන තවත් සොයාබලන එක නේද හොඳ? (නි)
කොටි ගහනකොට මු කොහෙද හිටියේ.. (ම)
මේ පිළිබඳ වැඩිදුරටත් සොයා බැලිය යුතුයි සැමට සමානත්මකතාවය ඇති කළ යුතුයි (ම)
සියල්ලන්ටම සමාන නීතියක් තිබුනානම් හරි එක එක ආගම්වලට ජාතීන්ට අනුව නීති වෙනස්කරන්නේ නැතුව සියලුම සත්වයන්ට පොදු නීතිය තමයි ඕනේ (බ)
රටේ ආරක්ෂාව ගැන නොසිතන ෆීල්ඩ් මාර්ෂල් කෙසේ වෙතත් හොඳ හමුදාවක් නම් ඉන්නවා (ම)