(සුජිත් හේවාජුලිගේ)
මුදල් නොමැතිකම හේතුවෙන් අධිවේගී මාර්ග තුනක ඉදිකිරීම් තාවකාලිකව නතර කිරීමට සිදුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා ලංකාදීපයට පැවැසීය.
මෙසේ නතර වී ඇත්තේ රුවන්පුර අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගයේ දඹුල්ල කොටස සහ නුවර කොටස්වල ඉදිකිරීම්ය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදි කිරීම් කටයුතු ඉතා සෙමින් කරගෙන යන බවත් එහි වැඩ කටයුතුද සක්‍රිය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබුණු පසුව බවත් ඔහු සඳහන් කළේය.
මේ අතර මුදල් ප්‍රශ්න හේතුවෙන් මාර්ග ඝනකමට කාපට් ඇතිරීමද නතර කරනු ලැබ ඇතැයි වීරකෝන් මහතා සඳහන් කළේය.
එසේම යම් මාර්ගයක කාපට් කරන දුර ප්‍රමාණද අඩු කර ඇත.
මේ අතර මාර්ග ඉදිකිරීමට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල අහස උසට නැග ඇති බවත් ආර්ථික තත්වය හේතුවෙන් ඉදිකිරීම් අමුද්‍රව්‍ය විදේශයෙන් ගැන්වීමද නතර කර ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
රටපුරා මාර්ග බොහොමයක් නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා අබලන් තත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් මගේ කොමිස් එක ගන්නේ කොහොමද? ඕකනේ කිව්වේ අනුමැතිය දෙන්නම් ඉස්සෙල්ලාම... කොමිස් එක දෙන්න කියලා...
අනාගත නටබුන්...!
ඔය IMF ණයෙනුත් කොමිස් ගහන්න බලාගෙන ඉන්න අය දැන්මම අපායේ තැනකුත් බුක්කරගන්න...
දණගහලා වැන්දනම් හරියයි. මීරිගමදි කළා වගේ.
IMF එකෙන් ණයට ගන්නේ අධිවේගී මාර්ග හදන්න නම් ඒක නොකළ යුතුම දෙයක්. ඒවාට වඩා අත්‍යාවශ්‍යම දේවල් කෙළවරක් නැතුව තියෙනවා. ඊළඟට ඔය අධිවේගී හදලා කලකින් නැවතත් අලුත්වැඩියා කරන්න සල්ලි කොහෙන්ද? ඇත්තටම ඔබලාට තේරුම් ගන්න බැරිද? රුවන්පුර අධිවේගී වෙනුවට සුද්දා හදපු කැළනි වැලි දුම්රිය මාර්ගය හැදුවොත් කියලා ඒකට කුරුවිට සභාපති හා නාගරික සංවර්ධන රත්නපුර ලොක්කෝ විරුද්ධව ඉන්නවා කියලා අහන්න ලැබුණා.. මොකද එහෙම කළොත් ඔවුන්ට ගසාකෑමට ක්‍රමයක් නැතුව යනවා වෙන්න පුළුවන්... ඇත්තටම ලංකාවට අධිවේගී වෙනුවට පුළුල් දුම්රිය මාර්ග හැදුවාම වාහන ගෙන්වීම අඩුවෙනවා... ඉන්ධන නැති රටේ ඉන්ධන වෙනුවෙන් වැයකරන ප්‍රකෝටි ගණනක් විනිමය ඉතිරි වෙනවා. එයින් අල්ලස් ගැනීම හා දූෂණය අඩුවෙනවා... කොහොම වුණත් අපනයනය දියුණුවට කටයුතු සඳහා මිස IMF ණය නොගත යුතුමයි...
රට මේ තත්වයට පත්කරපු කාලකණ්ණින්ට නම් හොඳක් සිදුවෙන්නේ නැහැ...