(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල නිසා අනාගතයේදී මෙරට ආර්ථිකය නරක අතට හැරෙනු ඇතැයි ශ්‍රී ලාංකිකයන් සියයට 45 ක් විශ්වාස කරන බව වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.
නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යහපත් ලෙස බලපානු ඇතැයි විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා ජනතාවගෙන් සියයට 28 ක් පමණක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී තිබේ.
වෙරිටේ රිසර්ච් ආයතනය මෙම සමීක්ෂණය සඳහා වැඩිහිටියන් 1008 දෙනෙකුගේ යුත් නියැඳියක් තෝරාගෙන ඇත. එම නියැඳියට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන රටේ දැන් සහ ඉදිරි ආර්ථිකයට බලපාන්නේ කෙසේද යන ප්‍රශ්නය ඉදිරිපත් කර ඇත.එම ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා නියැඳියට පිළිතුරු 5 ක් ලබා දී ඇත.එම 1008 දෙනා ලබා දුන් පිළිතුරු අනුව සමීක්ෂණයේ ප්‍රතිඵල සැකසී තිබේ.මෙම සමීක්ෂණය පසුගිය ජූනි මාසයේදී සිදු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ලට කලින් වෙරිටේ රිසර්ච් එක පිළිබඳ මහජන මතය දැන ගත්තාද?
ඒකනම් ඇත්ත වෙන්න ඕන. ණය අරගෙන ඒවා ආධාර හැටියට බෙදලා , ලෝකෙ වටේ සංචාරය කරලා හොරකම් කරලා ඉවර වුණාම සාමාන්‍ය ජනතාවට වෙන්නෙ ඒ ණය ගෙවන්න විතරයි
වෙරිටේ රිසච් එක ගැන විස්වාශයක් නෑ.....පසුගිය නිවේදනත් සමබර නෑ ....පකෂපාතියි...
අපේ රටේ නිවැරදිව හිතන්න හැකි අය අඩු බව දැන ගන්න වියදම් කරලා සමීක්ෂණ තියන්න අවශ්‍ය නැහැ.. නිවැරැදිව හිතන්න හැකි සියයට ගණන වැඩි නම් රටට මෙහෙම වෙන්නේ නැහැනේ. එසේ නම් රජ පවුල බලයට එන්නෙත් නැහැනේ. එනිසා දේශීය සමීක්ෂණ ගණන් ගතයුතු නැහැ...
මේ ප්‍රකාශ ගැනත් ජනතාවට විශ්වාස නැහැ. ඡන්ද ප්‍රතිඵල සමීක්ෂණ වගේ... ස්වාධීන නෑ...