
(සුමිත් පොතුපිටිය)
ලංකාව මූල්‍ය කළමණාකරණයට යටත් නොවන රටක් බවට ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබන 20 වනවිට පිළිගෙන ණය ආධාර නොලැබුනොත් තව සති දෙකක්වත් රට ගෙනයන්න බැරි බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුනවර්ධන අද (19) පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ ශ්‍රී ලංගම රියදුරන් වෙනුවෙන් තාක්ෂණ ප්‍රායෝගික පුහුණු ලබාදීම සදහා කළුතර ගුවන් හමුදා කදවුරේ පැවතී වැඩසටහනක් අතරතුර අදහස් දක්වමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය . අපි ලෝකයේ හමුවේ ණය ගෙවන්න බැරි රටක් හැටියට නඩු පවරන තැනට පත්වෙලා. එකට එක ජනාධිපතිවරයෙක්, එක අගමැති වරයෙක්, එක දේශපාලකයෙක් වගකියන්න බෑ. නිදහසෙන් පස්සේ වගේම විශේෂයෙන් 77 න් පස්සේ අපි ලෝකෙන් ණය ගත්තා. ඒවා ගෙවන්න බැරි වුණාම සල්ලි අච්චු ගැහුවා. මේක දිගින් දිගටම කළා. ඒ නිසා මේකට එක්කෙනෙක් වගකියන්න බෑ.
ඒ නිසා අපි ලෝකෙන් ඉල්ලුවේ මේ අගාධයෙන්ගොඩ එන්න උදව් කරන්න කියලා. ඒකට සමාගම් 28 ක් ඉදිරිපත් උනා. එයින් රටවල් 20 ක් තෝරගත්තා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඹලගේ යටිමඩි උපායන් සහ උඹලව නැතිවෙලා යනවා දකින්න , මුළු රටම ඇස් අයාගෙන බලාගෙන ඉන්නවා ! ! !
අපිද එතකොට රට මේ තත්වයට ඇද දැම්මේ...?
රට ඉවරයි? මොන කාලකණ්ණිද ඕකට හවුල්..? බොරු බබා පාට් නොදා ඒ ටිකත් කියන්නකෝ?
නුඹලා හොරකම් කළේ නැතිනම් රට මෙතැනට වැටෙනවද? අවුරුදු 75ක් ගැන කියලා වැඩක් නැහැ. නුඹලා කරපු ඒවාට වගකියපල්ලා...
ඔබතුමාමනේ දැන් සති දෙකකට උඩදි කිව්වේ..., දැන් රුපියල ශක්තිමත් වෙලා ආර්ථිකය නැගලා කියලා..., දැන් මොකක්ද ප්‍රශ්නය? මේ වගේ ආචාර්යවරුන්ගෙන් උපදෙස් ගත්තු නිසා තමයි රට වැටිලා තියෙන්නේ... ආර්ථිකය හදන්නේ මේ හොරු ගිය දවසක...
හොරා කෑවේ වැඩි වශයෙන් කවුද කියලා බැලුවනම් උත්තරය එතැනය. දරා ගන්න බැරි තම් ණය ගත්තා. ඒවායින් සියයට 40 ක් විතර ගසා කෑව දේශපාලකයන් ලොව පුරා ආයෝජනය කරපුවා හොඳට එළිවෙලා තියෙනවා.
බලමු... එතකොටවත් මාටියා ගහන එක නවත්වයිද කියලා...?
ලැජ්ජා නැතිව කියන හැටි. ඔබතුමාලා ආර්ථික විශේෂඥයින් කියාගෙන නේද ඉන්නේ...? ඔබතුමාලා ඕක ඇතුලේ හිටියා නේද පාලකයින් මෝඩ තීරණ අරගෙන රට මේ හිඟන තත්වෙට ඇද දානකන්... එතකොට කටේ පිට්ටුද? දැන් හේතු කියවන්නේ... හරියට මේක අපි කෙරුවා වගේ. තව මහා ආචාර්ය කියාගත්තු මැට්ටෝ ටිකකුත් මහා බුද්ධි බලකායක් පිහිටුවාගෙන හිටියා... වියත්මගද මොකද්ද කියලා රට ගොඩගන්න පාලකයින්ට උපදෙස් දෙන්න.
අපි තමයි වැරැදිකරුවන්... හොඳ විසඳුමක් තමයි ඇමැති මණ්ඩලය තව 10 කින් වත් වැඩි කරන එක...
අපි මෙයාට කියන්නේ රුපියලේ මහාචාර්ය කියලා...
ඔබේ කතාව අනුව රට කරපු සියල්ලෝ වගකිව යුතුයි නේද? හැබැයි රටේ එක දේශපාලුවෙක්වත් ණය වෙලා නැහැ නේද? බංකොළොත් නැහැ නේද? පරම්පරා හතකට හම්බකරගෙන නේද? තමුනුත් ඇතුළුව. එතකොට රට බංකොළොත්, රට කරපු අය සංවර්ධනය වෙලා. ඒක නේද ඇත්ත? කට කණට අරන් කියමු බලන්න බොරුයි කියලා.
එහෙනම් දැනට ඉන්න 225 අයින් වෙන්න සාමූහික වගකීම අරගෙන ඊට පස්සේ අපි මීට ඉස්සෙල්ලා රට කරපු නැති කට්ටියකට දෙන්නම්... තවත් ඕකෙ එල්ලිලා ඉන්නේ නැතිව...
මිනිස්සුන්ගේ කේන්තිය වැඩි නොකර ඔය වාචාල කට පියාගෙන ඉන්නවද කරුණාකරලා. ඔබතුමාලගේ වාචාල පච අහලා, අහලා දැන් මිනිස්සුන්ට එපාවෙලා තියෙන්නේ...තියරිය පාඩම් කරපු ආර්ථික විසේසඥයෝන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
මුන්ට හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. නන්දසේන වගේ වැලේ වැල් නැතිව නන්නත්තාරවෙලාම යන්න ඕනි.
රට කෑවා. කට ඇරියොත් ඉවරයි...
මහ ලොකු ආර්තික ඔස්තාර්? රටම විනාශ කෙරුවේ බලලෝභී, දූෂිත පවුල් පාලනේ අය, වටේ හිටපු දූෂිත දේශපාලුවන් මිස වෙන කවුද?
ඔක්කොටම කලින් කියන්න ඔයාගේ අධ්‍යාපන සුදුසුකම්? රටේ ආර්ථිකය ගැන කතන්දර කියන්න කලින් මෙයාට හොර උපාධි ගන්න උදව් කරපු පට්ට දූෂිතයින්ගේ නම් හෙලිකළ යුතුයි. ටියුෂන් කරපු කාලේ මෙයාගෙන් ඉගෙනගත්තු කොල්ලෙක් නඩු දැම්මා බොරු ඉගැන්නුවා ' කියලා. සති දෙකකට කලින් ඩොලර් එක වැටිලා කියලා සරමත් උස්සාගෙන ටීවී වලට හෙන ටෝක් දුන්නා මතකද ?
කොහොමද මේක කියන අපූරුව? මේ වගේ උන් නිසා තමයි ඔහොම වුණේ. IMF නැති වුණත් උඹලා ඉන්නකම් රටට කොහොමත් සෙතක් නෑ.
ඡන්දේ තියාපිය. එතකොට මේ අපරාදෙට වගකියන උන් අපි අල්ලගන්නම්.
බම්බුවේ ආචාර්ය. අර නාමල් කලා වගේ පියාගේ බලය පාවිච්චි කරලා ගත්ත උපාධියක්ද කොහෙද තියෙන්නේ.
රට ඉවරයි කියලා කිසිම හිරිකිතයක් නැතුව කියන හැටි .මේවට තමුන් ද ඇතුලුව දූෂිත බලලෝබි බඩගෝස්තරවාදි හැම දේසපාලුවෙක්ම වගකිව යුතුයි .හැම එකාම කෙරුවේ මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය මිසක් වෙන මොනවද .නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා රටම හිගාකන තත්වෙකට පත්කෙරුවේ කවුද ?
රට බංකොළොත් කරපු කාලකණ්ණි හැත්තගේ මුහුණුවත් දකින්න අප්පිරියයි.
එහෙනම් ඔහේලා ගෙදර යන්න. අපි IMF එකට කියලා රට පාළනය කරවන්නම්.
මයිනයි උගෙ පවුලෙ එවුනුයි උබල වගේ හෙන්චයියලයි එකතුවෙලා හොරාකාපු ඒවගෙ පුතිපල තමයි.