IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අඹන්පොළ අනතුරින් අයෙක් මරුට: හයක් රෝහලට

අඹන්පොළ ගැටවදී අද දහවල් සිදු වූ අනතුරකින් එක් අයකු මියගොස් හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

කැබ් රියක්, යතුරු පැදියක් හා කුඩා ලොරියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන්ගත් ටෙලිකොම් සේවකයකු බව පොලිසිය සඳහන් කරයි.

GALGAMUWA-SANJEEWA-(2) GALGAMUWA-SANJEEWA-(4) GALGAMUWA-SANJEEWA-(8) GALGAMUWA-SANJEEWA-(14) GALGAMUWA-SANJEEWA-(16)



අදහස් (0)

අඹන්පොළ අනතුරින් අයෙක් මරුට: හයක් රෝහලට

බන්දුල පෙරේරා Wednesday, 08 October 2014 12:04 PM

මේ බට්ටෝත් දැන් හරියට අර රත්නපුරේ බට්ටි වගේ. ත්‍රි වීල් වලට හා මේ බට්ටන්ට වෙනම වේග සීමාවන් හදුන්වා දෙන්න ඕනා (නදී)

:       0       0

එඩ්වර්ඩ් Wednesday, 08 October 2014 11:19 PM

බොහොම කණගාටුදායක ආරංචියක් (නි)

:       0       0

සකුන්තලා Wednesday, 08 October 2014 12:32 PM

ඇත්තටම මේ බට්ටෝ කිසිම මාර්ග නීතියකට ගරුකරන්නේ නැහැ. අද වෙනකොට රටේ මාර්ග නීති ආචාරධර්ම අගාධයටම ගිහිල්ලා. රටේ නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් ඔහොම වෙන්නේ නැහැ. බයිසිකල් වලට සීට් බෙල්ට් පවා හඳුන්වා දුන්නනේ අපේ රටේ (නි)

:       0       0

පියල් Wednesday, 08 October 2014 12:33 PM

ත්‍රීරෝද නැති ලංකාවක් ගැන ඇස්දෙක පියාගෙන හිතන්න. ඔබට සිතෙයි ඔබ ඉන්නේ දිව්‍ය ලෝකේ කියලා. (නි)

:       0       0

කාංචන Thursday, 09 October 2014 08:40 AM

මිය ගියේ මගේ ඥාතියෙක්. කැබ් එකේ රියදුරුට නින්ද යාම නිසසි අනතුර සිදු උනේ. මෝටර් බසිකල් පදින අය පරිස්සම් වුණත් වැඩක් නැහැ අනිත් රියදුරන් අපරික්ෂාකාරිව පදවනවානම්. (අ)

:       0       0

ධනංජය Thursday, 09 October 2014 01:50 AM

නිකන් හොයන්නේ බලන්නේ නැතුව ඉන්දියන් වාහන වලට බනින්න එපා, ලංකාවේ ප්‍රවාහන අවශ්‍යතාවයෙන් වැඩිකොටසක් ඉෂ්ට වෙන්නේ ඉන්දියන් වාහන වලට පින්සිද්ද වෙන්න (නදී)

:       0       0

සුගත් Thursday, 09 October 2014 01:52 AM

සමහර විට කැබ් රියදුරාගේ වේගය වැඩි ඇති. ඕවර්ටේක් කරන්න ගිහිල්ල වෙච්ච දෙයක් වගේ. (නදී)

:       0       0

මොහාන් Wednesday, 08 October 2014 01:59 PM

දිනෙන් දිනම අසන්නට සිදුවෙන මෙවන් පුවත් ගණන දැන් එන්න එන්නම වැඩිවෙනවා (නි)

:       0       0

මධූක Thursday, 09 October 2014 09:12 AM

දැන් ඉතින් අපේ ලොක්කා මෝටර් සයිකල් 100000ත් දුන්නානේ තව ඉස්සරහට බලා ගන්න පුලුවන් ....(අ)

:       0       0

මානගේ Wednesday, 08 October 2014 02:40 PM

මෙතන බට්ටාට දොස් කිව්වට පින්තූර වල හැටියට කැබ් එකේ වැරැද්ද තමයි පෙනෙන්නේ. යතුරුපැදිය බේරන්න ගිහින් වෙච්ච දෙයක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

ආනන්ද Thursday, 09 October 2014 03:20 AM

ලංකාවේ රියදුරු අසුනේ හිඳ ගන්නා බෝහෝ දෙනෙක් වාහන පදවන්නේ ම්ලේච්ච විදියට. බස්, ලොරි, බට්ටට, තුන් රෝදයට,යතුරු පැදියට, හා අති සුපිරි වාහන වලටත් ඇත්ත එයයි. දේශපාලන හයිය හා උණ තියෙන අයත් ඉතාම පහත් විදියට තමයි වාහන පදවන්නේ. (නදී)

:       0       0

තේජාන්විත Thursday, 09 October 2014 03:27 AM

බන්දුලගේ කතාව හරියටම හරි. වෙනස තියෙන්නේ ඔය ඉන්දියක් කසිකබල් ලාබෙට අපේ රටට ගෙන්න ගන්න එක. ඉස්සර ඔයිට වැඩිය බර පටවා ගත් වාහන සවුත්තු පාරවල්වල ගියාද ? එහෙත් මේ වගේ අනතුරු වෙන්නේ නැහැ. ඉස්සර බර වාහන රියදුරන්ගේ හික්මීමක් තිබුනා. (නදී)

:       0       0

සදුන් Wednesday, 08 October 2014 03:16 PM

මෙතන කැබ් රියදුරාගේ වගෙයි නේද වැරැද්ද? (නි)

:       0       0

දිනුක මධුෂාන් Thursday, 09 October 2014 10:03 AM

කැබ් එකේ වගේ වැරැද්ද. බයික් එක බට්ටගෙ පස්සෙන් යන්න ඇත්තෙ. (නදී)

:       0       0

ප්‍රනීත් Wednesday, 08 October 2014 03:26 PM

මමත් මානගේ සමඟ එකඟයි (නි)

:       0       0

සුපුන් Thursday, 09 October 2014 04:37 AM

මෝටර් බයිසිකල් පදින අයත් දැනගන්න ඕනේ දෙයක් තමයි ඒක රෝද 2 වාහනයක් කියන එක. බයිසිකල් වල යන අය තමයි ගොඩක්ම පරිස්සමෙන් යන්න ඕනේ (නදී)

:       0       0

බණ්ඩාර සරත් Wednesday, 08 October 2014 05:35 PM

යතුරුපැදි වල යනවා කියන්නේ මරුවා සමඟ වාසේ වාගේ දෙයක්. කවුරු වැරදිද කවුරු හරිද කියන්න අමාරුයි. බහුතරය මාර්ග නීති පිළිපදින්නේ නැහැ. ප්‍රධාන හේතුව එයයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site