අඹන්පොළ උඩ දිවුල්වැව ගමට නිතරම කඩා පැන ගෙවල් කඩා මිනිසකු ද මරා දැමී යැයි කියන වල් අලියකු දින තුනකට පසු වළකින් ගොඩගෙන වෙනත් පෙදෙසකට රැගෙන ගෙන ගියැයි කියමින් පිරිසක් වයඹ වනජීවි සහකාර අධ්‍යක්‍ෂ, එස්.ආර්. වේරගම මහතාගේ කැබි රියට ද පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතාගේ රියැදුරාට ද පහරදී ඇතැයි පොලිසිය ද වනජීවි නිලධාරයෝ ද කියති. වැරැදිකරුවන් අත්අඩංගුට ගෙන නීති මගින් ක‍්‍රියා නොකළහොත් වැඩ වරන බව වනජීවි නිලධරයෝ කියති. අලියා වෙනත් පෙදෙසකට රැගෙන යාමට නොහැකි වයේ වැස්ස නිසා මඩ වගුරක් වූ පෙදෙසට ටොන් 20ක් බර රෝද දහයේ වාහනය රැගෙන යාමට නොහැකි නිසා යැයි වේරගම මහතා කියයි. දින තුනක්ම වළක වැටී සිටි අලියා ඉරිදා රාති‍්‍රයේ ගොඩට ගෙන කැලයට මුදා හරිනු ලැබීය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටනම් මේ මොනවත් තේරෙන්නේ නෑ
කලට වෙලාවට අලියා ඉවත් කරගැනීමට නොහැකි වූ නිසා...අලියා මිය යන බැවින්... නැවත එම කැලයට ම නිදහස් කළ බවත්, ඒ නිසා ප්‍රදේශවාසීන් කළහ කල බවත් කියැවෙන අදහස තාත්වික වේ.