IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අමල්කගේ 'මේ හීනේ' Music වීඩියෝව නිකුත් වෙයි

20160323-ent-32

වර්තමානයේ සංගීත ක්ෂේත්‍රයට එක්වෙන නවක ගායක ගායිකාවන් අතරේ අමල්ක සෙනෙවිරත්නට හිමිවන්නේ සුවිශේෂිත තැනකි. දැනට ගීත කිහිපයක් එළිදක්වා ඇති ඔහු සිය අලුත්ම ගීතය වන "මේ හීනේ" ගීතය සහ ඊට රූප රචනයක් පසුගියදා එළිදක්වනු ලැබීය. මීට වසර කිහිපයකට පෙර සිට සංගීත ක්ෂේත්‍රයට එක්වූ අමල්ක, මේ වනවිට ගීත කිහිපයක් එළිදක්වා තිබේ. එහෙත්, ඔහුගේ කුලුඳුල් මියුසික් වීඩියෝව වන්නේ "මේ හීනේ" ගීතයයි.

"මේ හීනේ" ගීතය අද රැල්ලට නිර්මාණය වුණ ගීතයක් නෙමෙයි. ඒ ගීතය සහ වීඩියෝව පුරාවටම තියෙන්නෙ ආදරය පමණයි. ඇත්තටම, අද කාලෙ ගීත අතරින් "මේ හීනේ" වෙනස්ම ගීතයක් කියලා සඳහන් කරන්න පුළුවන්. මෙහි ඇති වෙනස නිසාම "මේ හීනේ" ගීතය කෙටි කාලයකින්ම බොහෝ පිරිසක් අතර ජනප්‍රිය වුණා. මෙහි පද රචනය සිදු කළේ මේනක තරංග ප්‍රේමචන්ද්‍ර, සංගීතවත් කළේ සංජුල හිමාල. තිර පිටපත් රචනා කරමින් මෙහි මියුසික් වීඩියෝව මමම නිර්මාණය කළා. කැමරාකරණයෙන් දුමිත් ගයන්ත පතිරණ සහය වුණා. මියුසික් වීඩියෝවේ නිෂ්පාදන කටයුතු සිදු කළේ මගේ සහෝදර සංජීව ජයසිංහ. රංගනයෙන් පැතුම් රුක්ෂාන් සහ ඉරේෂා අසන්කි මා සමගින් දායක වුණා."

 

2016-04-07-ent-33



අදහස් (0)

අමල්කගේ 'මේ හීනේ' Music වීඩියෝව නිකුත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site