මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අංශ අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ලබන මස 10 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළේය.
2008 වසරේ මැයි මස 22 වැනිදා දෙහිවල ප්‍රදේශයේදී මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙනයාමේ සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා අත්අඩංගුවට ගෙන තිබිණි.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජනතව මේවට ඡන්දයකදී පිළිතුරු දේවි...
තම වෘත්තියේ ගරුත්වයට පයින් ගසා අනුන්ට කඩේ යනවාට හොඳ පාඩම. ලංකාවේ හමුදා විනය මේකද?
එක එක හාල් පාරුවන්ගේ ඕනෑ එපාකම් පිරිමහන්න ගිහිල්ලා වුන හදියක මහත.
රිමාන්ඩ් කල යුත්තේ අමල් කරුණාසේකර නොව , අමල් කරුණාසේකරට මේ පැහැර ගැනීම සිදු කිරීමට අණ කළ තැනත්තාවයි. ලංකාවේ නීතිය හැමවිටම ගලන්නේ පහත තැනිනුයි.
නීතිය රණවිරුවෙක් වුනත් සාමාන්‍ය පුද්ගලයෙක් වුනත් එක විදියට ක්‍රියාත්මක වෙන්නේ. දේශපාලනයේ ඉන්න අයටනම් නීතියක් නැහැ. හොරු එමටයි.