20160426-ent-77

වෘත්තියෙන් ගායකයෙකු වන අමිල මධුසංක අතුකෝරල ලීඩ් ගිටාර් වාදකයෙකු, සංගීත නිර්මාණකරුවෙකු, පටිගත කීරීමේ ඉන්ජිනේරුවෙකු ලෙසද කටයුතු කරමින් සිටිනවා. ඔහුගේ නවතම ගීත නිර්මාණය වන "මේ හිතින් වෙන්වී" තව නොබෝදිනකින්ම එළිදැක්වීමට නියමිතයි. ඔහුගේ කලා දිවිය හා එළිදැක්වීමට නියමිත නව ගීතය සමග "සාරවිට" ට මෙසේ පවසා සිටියා,

මම සංගීත ක්ෂේත්‍රයට අත්පොත් තබන කොට මට වයස අවුරුදු 15යි. "BHATHKANDE SANGEETH VIDYAPITH" ආයතනය තුළින් වයලින් වාදනය හැදෑරීමෙන් පසු විශාරද විජේසිරි පීරිස් මහතාගෙන් බටහිර සංගීතය පිළිබඳව හැදෑරුවා. ඉන් අනතුරුව 2002 වසරේ සිට සංගීත කණ්ඩායම්වල ලීඩ් ගිටාර් වාදකයෙකු වශයෙන් කටයුතු කරනු ලැබුවා. මේ වන විට මම මගේම පිටිගත කිරීම් ශබ්දාගාරයක් පවත්වාගෙන යනවා.

Cinema Factory Production ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද මේ ගීතය "මේ හිතින් වෙන්වී" ලෙස නම් කර තිබෙනවා. මෙය විරහව සහ ආදරය කරලා කසාද බැඳපු පවුලක් අතර ගොඩනැගෙන කතාවක්. මෙහි සංගීතය චන්දන වල්පොල විසින් නිර්මාණය කර ඇති අතර, ගීත රචනය සිදුකර ඇත්තේ සුජිත් ප්‍රියාන් විසිනුයි.

 

20160426-ent-78