යුද අපරාධ හා මානව හිමිකම් කඩවීමේ චෝදනා සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විමර්ෂණය නීතිවිරෝධී බවත්,ඉන් සිදුවූ අගතිය වෙනුවෙන් ශ්‍රීලංකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිත සුබිනේ නන්දි මහතා තමාගෙන් සමාව ගත යුතු බවටත් සඳහන් කරමින් දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ගොනු කර තිබූ පැමිණිල්ල කොළඹ දිසා අධිකරණය අද (11) ඉවත දැමීය.
සුබිනේ නන්දි මහතාට තානාපති මුක්තිය තිබෙන හෙයින් ඔහුට එරෙහිව නඩු පැවරීමට හෝ සාක්ෂි කැඳවීමට හැකියාවක් නොමැති බව තීන්දුව ලබාදෙමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ටී.ඩී.ගුණසේකර මහතා පැවසීය.
නඩුව විභාගයට ගැනුණු පෙර අවස්ථාවකදී අමරසේකර මහතාගේ නීතිඥවරුන් කියා සිටියේ ශ්‍රීලංකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයාව අධිකරණයට කැඳවිය නොහැකි වන සේ බලපැවැත්වෙන රාජ්‍යතාන්ත්‍රික මුක්තියක් ඔහුට නොමැති හෙයින් නඩුව විභාග කර තීන්දුවක් ලබා දෙන ලෙසය.
නමුත් විදේශ කටයුතු අමාත්‍යංශය දිසා අධිකරණයට ලිපියක් එවමින් දන්වා ඇත්තේ සුබිනේ නන්දි මහතාට රාජ්‍ය තාන්ත්‍රික මුක්තියක් තිබෙන බවය.
ශ්‍රීලංකාවේ සිදුව ඇති බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීමේ චෝදනා විමර්ෂණය කිරීමට එක්සත් ජාතීන් කටයුතු කරමින් සිටිනුයේ නීති විරොධී අයුරින් බවටත් එනිසාවෙන් ශ්‍රීලංකා පුරවැසියෙක් ලෙස ඇතිවූ මානසික පීඩාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙ සංවිධානය තමාගෙන් සමාව ගතයුතු බවටත් නියෝග කරන ලෙස ඉල්ලා අමරසේකර මහතා මෙම පැමිණිල්ල ගොනු කර තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයෙක් ලෙස කොන්ද කෙළින් තිබෙන මිනිහෙක්. මම ඇත්තටම අමරසේකර මහත්තයා ගැන ආඩම්බර වෙනවා. (නි)
අයියෝ! (නි)
ඕවා ගණන් ගන්න එපා මහත්තයෝ (නි)
ඔබතුමා ගැන අපිට කණගාටුයි. ඒත් අපි මොනවා කරන්නද? (නි)
අනේ මහත්තයෝ, තේරෙන්නේ නැද්ද ලෝක සංවිධාන එක්ක හැපෙන්න යනවා කියන්නේ මොනවගේ දෙයක්ද කියලා. (නි)
කැමති ඕනෑම විදියකට රට ගෙනියන්න බහුතර ඡන්දය අලුත් පිරිසකට දී ඇති බැවින් නිහඩව බලා සිටිමි. බහුතර කැමැත්ත නිසා, ප්‍රතිපල බහුතරයට උරුමයි. (නි)
සත්‍යයා, දෙවියන් පය ගසන්න බිය තැන මෝඩයෝ නටතිලුනේ (නි)
කුමක් කරන්නද දැන්.(හේ)