IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අමරපුර නිකායේ මහා නායක පදවිය උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමිට පිරිනමයි

(ගයාන් සූරියආරච්චි)

වත්මන් සමාජයේ මවුපිය, දූදරු, ගුරුවරු, ශිෂ්‍ය සබදතා බිදවැටී  සියලුම මානව හිතවාදී සබදතා කීතු කීතු කොට මුදල් නැමැති අයිස් වතුරේ ගිල්වා මරා දමා ඇති බවත් සමාජය සුවපත් කිරීමේ අත්හල නොහැකි විශාල වගකීමක් සහ යුතුකමක් අපේ සංඝ සමාජයට පවතින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට බෞද්ධාගම ප්‍රචලිත කිරීම, එහි උන්නතිය සහ පොදු මහජනතාවගේ සුව පැවැත්ම වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටුකිරීමට හැකියාව ඇති බවට විශ්වාස කරන බව ද ජනාධිපතිවරයා පැවැසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ බව පැවැසූවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 5 වැනි උත්තරීතර මහා නායක පදවිය  බළන්ගොඩ මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති  අමරපුර රාස්සගල විහාර පාර්ශවයේ කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක හිමියන්ට පිරිනැමීමේ මහොත්සවයේදීය.

එය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (10) පැවැත්විණ.

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (2)

අමරපුර නිකායේ මහා නායක පදවිය උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමිට පිරිනමයි

Asela Monday, 10 March 2025 08:58 PM

ජේවීපී භික්ෂූන් වැනි ගිහියන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ අශෝභන ජීවිතයක් ගත කරමින්, භික්ෂුවගේ ප්‍රතිරූපය කෙලෙසීමට උත්සාහ කරන විට සහ විවිධ දේශපාලනඥයන්ට නමස්කාර කරන සහ අපිරිසිදු වචන කතා කරන තවත් බොහෝ සිවුරු හැඳගත් මැරයන් සිටින විට, ඔබ වහන්සේ ඔබේ ජීවිතය අන් අයට ආදර්ශයක් කර ගනිමින් ඔබේ මුළු තරුණ කාලයම යහපත් අරමුණක් සඳහා කැප කළ සේක. බුද්ධ ශාසනයට කළ සේවයට ඔබට ආචාර කරමි.

:       0       0

විචාරක Tuesday, 11 March 2025 05:19 AM

ඔය කොයි නායක තනතුරත් තෘෂ්ණාවෙන් යුතු අල්ලා ගැනීමක් නෙවෙයිද? උච්චාසයන මහාසයන, ඉහළම වර්ගයේ සිවුරු පිරිකර, මහා උත්සව, ප්‍රශංසා යශෝ කීර්ති ඔක්කොම ඔතන පේන්නම තියෙනවා. අත්හැරීම ගැන වදාරමින් අල්ලා ගැනීම කෙතරම් තර්කානුකූලද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site