2016-11-11-ent-79

පද්ම ශ්‍රී ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් දෙසුණු හත්දොහේ බණ පෙරේදා (09දා) යෙදී තිබිණි. පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් සතියක ගුවන් කාලයක් වෙන් කළ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මේ අවස්ථාවේ කිසිම ගායකයෙකු හෝ කලා ශිල්පියෙකු වෙනුවෙන් මෙතෙක් ඉටුනොකළ මෙහෙවරක් මතක බණ වෙනුවෙන්ද ඉටුකරන්නට යෙදී සිටිනු දක්නට ලැබිණි.

අමරදේවයන් කලාකරුවෙකු ලෙස සිය ජාතියට හා ආගමට කළ සේවය ඇගයීම උදෙසා එතුමා වෙනුවෙන් දේශනා කළ සත්දින මතක බණ ඒ අවස්ථාවේදීම ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවය මගින් අන්තර්ජාලය ඔස්සේ මුළු ලෝකවාසීන්ටම ශ්‍රවණය කළ හැකි පරිදි විකාශය කිරීමට කටයුතු සම්පාදනය කර තිබිණි.

මහාචාර්ය පොල්පිතිමූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ විසින් දේශනාකරන ලද විචිත්‍ර ධර්ම දේශනාව තුළින්ද පණ්ඩිත් අමරදේවයන් මෙලොව වශයෙන් ගතකළ දිවිය තුළ රැස්කරගත් කුසල් සම්බන්ධයෙන් හා ඒ කුසල් බලයෙන් ඔහු පරලොව වශයෙන් ලද හැකි ආත්මය පිළිබඳ විග්‍රහයක යෙදුණු අතර, අමරදේවයන් ජීවත් වූ සරල නිවෙස කලා ක්ෂේත්‍ර‘යේ නමක් දිනූ කලා ශිල්පීන්ගෙන් මෙන්ම එතුමාණන්ගේ රසිකයන්ගෙන් අතුරුසිදුරු නොමැතිව පිරී පැවතිණි.

 

සටහන - නාලිකා රාජපක්ෂ / ඡායාරූප - ක්‍රිෂාන් ශෂික

 

2016-11-11-ent-80
2016-11-11-ent-88
2016-11-11-ent-87
2016-11-11-ent-86
2016-11-11-ent-85
2016-11-11-ent-84
2016-11-11-ent-83
2016-11-11-ent-82
2016-11-11-ent-81