හෙළයේ මහා සංගීතවේදියාණන් වු පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන්ගේ ආදාහනය රාජ්‍ය ගෞරව සහිතව නිදහස් වතුරශ්රයේදී (5)පැවැත්වීය.
ආචාර වෙඩිමුර දාහතක් පවත්වා මියගිය කලාකරුවාට ජාතියේ ගෞරවය පිරිනැමිය.
මහා සංඝරත්නය ජනපති මෛත්‍රිපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ මහාචාර්ය සුනිල් ආරියරත්න ඇතුලු පිරිසක් අමරදේවයන්ගේ ගුණ වැයිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමරදේවයාණනි, ඔබ නැවත අප අතරට පැමිණේවා! අමරදේවයන්ගේ අඩුව කිසිවෙකුට පිරවිය නොහැකිවනු ඇත (නි)
එතුමා අපෙන් සමු ගත්තේ නැත. අපි කෙදිනෙක වත් එතුමාගේ සමු ගන්නේද නැත. අමරදේව මාස්ටර් අප සුවපත් කළ, ඉදිරියටත් එසේ කරන සදාතනික අමරණිය දෙවියෙකි. (ම)
චතුරාර්ය සත්‍ය අවබෝධ වී බව දුකින් මිදෙනු මැන (ම)
මෙතුමන්ගේ වියෝව අපිට දැරිය නොහැකියි (නි)
අමරදේවයාණන්ට නිවන් සුව පතමු! යළි ඉපදීමක් වෙතොත් අප අතරටම පැමිණේවායි පතමු. (නි)
හෙළ දෙරණේ පින් කෙත ඔබයි. නැවත අප අතරම ඉපදේවා යනු මගේ පැතුමයි (නි)
නන්දා මාලනි මහත්මිය ශෝකයෙන් කළ ප්‍රකාශය දැක මගේ මුළු හදවතම පිච්චි ගියාක්මෙන් මට දැනුනි. මගේ ජීවිත කාලයේදී කලාකරුවෙකුගේ අභාවය වෙනුවෙන් මෙතරම් ශෝක වූ දිනයක් තවත් නැත. අමරදේවයාණනි, ඔබ නැවත අප අතරට පැමිණේවා!
නිවන්දක්නා ජාති දක්වා, නිවන් දකින්නට හේතු වාසනා වේවා! අායෙත් මේ පව්කාර ලෝකයේ උපදින්න නම් එපා. ජිවත්වෙච්ච කාලේ දැක්කනේ ඔබතුමන්. (නි)
හෙළයේ මෑත යුගයේ බිහිවූ අසමසම යුග පුරුෂයා වූ ආචාර්ය අමරදේව ගාන්ධර්වයාණන් හට කළහැකි මහඟු ගෞරවය වන්නේ එතුමා විසින් උරදී, කරදී සහ ඇපවී, කැපවී බිහි කරන්නට යෙදුනා වූ සුභාවිත ගීත කලාව ඉදිරියට පවත්වාගෙන යාමයි. එය කළහැක්කේ ශ්‍රාවකයන් වූ අපට නොවේ. දැන් එළඹී ඇත්තේ ප්රවීණයන්ගේ හෝරාවයි! (නි)
තමා උගත් දේ රට වෙනුවෙන් ලබාදිය යුත්තේ කෙසේද යන්න උගත් පරම්පරාවට පාඩමක් කියාදුන් අමරදේවයාණි ඔබට නිවන් සුව ! (ර)
ලක්ෂ සංක්යාත ජනයාගේ උතුම් ප්‍රාර්ථනයේ ආනුභාවයෙන් ඔබතුමා නැවතත් ලක්බිමෙහිම උපදීවා ! (ර)
මෙතුමාගේ නිහතමානි කම නිතරම මා දුටු ඉතා උතුම් ලක්ෂණයකි. අවිහිංසාවෙන් උතුම් බව ලබන මෙතුමා ශ්‍රේෂ්ඨයෙකි. මෙතුමාගේ ගීත රාවය කල්ප ගණනාවක් ගියත් ශ්‍රී ලාංකිකයන් තුළින් බැහැර නොවී සතුටු වෙනු ඇත. එතුමාගේ අවසන් ගෞරව දිනයේදී අපි එතුමාට නිවන් සුව පතමු.! (ර)
නිවන් දක්නා ජාති දක්වා, නිවන් දකින්නට හේතු වාසනා වේවා! අායෙත් මේ පව්කාර ලෝකයේ උපදින්න නම් එපා. මේ ලෝකයේ අනාගතයේ ඔබ වැනි.සුන්දර මිනිසුන්ට ජීවත් වීමට සුදුසු පරිසරයක් කවදාවත් නිර්මාණය වන්නේ .ඒ නිසා ඔබට නිවන් සුවයම ලැබේවා ,,,,,(හේ)
ඔබ මිය ගියදා ...ඔබේ සොහොන මත නන්නාදුනනා ..මගේ අතින් ..දුක් ගීයක් ලියන්න ඔබේ සොහොනේ .//.මා අද දුරටකය ..නැත ආවේ ඔබේ සමුගැන්මට ..//එහෙත් පියානෙනේ ../ලියුවෙමි මා දුක් ගීයක් උණු කදුලින් හිස් අහස් කුසේ.....// ඔබ අමරණීයයි මා මියැදෙන තුරු ...මගේ හද අහස් ගැබේ//.... ඔබට නිවන් සුව පතන්න ලෝබයි නොදුටු පියාණනේ ...! එත් ඔබ නිවන්දකින්ට පෙර නැවතත් එක වතාවක් උපදීවා මේ රන් හෙළ දෙරණේ ..!! (හේ)
පින් බිම හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා ......(හේ)
මුළු ශ්‍රී ලංකාවම කඳුලෙන් තෙත් කරමින් අවසන් ගමන ගිය ජාතියේ අනභිබවනීය කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව ලැබේවා !ඔබතුමා අප අතර නැති වුනත්, ඔබේ මියුරු ගී හඬ අප දෙසවන් තුල සදාකාලිකව රැඳී තිබෙනු ඇත ... (හේ)
මෙතුමන්ගේ වියෝව අපිට දැරිය නොහැකියි. (ර)
යලි ඉපදීමක් නොවේවා.! (ර)
වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි මට, අවන්හලකදී මගේ පවුලේ අය විසින් අමරදේව ශූරින් හඳුන්වාදෙනු ලැබුවා. මා සමඟ ඉතාමත් සුහද අන්දමින් එතුමා කතාබස් කර, මගේ නමේ තිබෙන ඉන්දීය සම්භවයක් ගැන මට කියාදුන්නා. පසුව තැනේ හැටියට සොයාගත් කඩදාසියක එතුමා සමරුවක් තබා මට දුන්නා. එය දැන් මා පණමෙන් රකින දෙයක් වී තිබෙනවා. (නි)
අපේ එක ඇමතිතුමෙක් නම් මෙතනත් නිදි. (නි)
ඔබට නිවන් සුව !!! (නි)
අමරදේවයන්ගේ අඩුව කිසිවෙකුට පිරවිය නොහැකි වනු ඇත (නි)
බලන් මෘත දේහය එක් ඇසිපිල්ලේ... ගුවන් ගැබින් ස්වර්ගයට සැනසිල්ලේ... සමන් පිච්ච මල් පුදමින් ශ්‍රී පත්ලේ... නිවන් පතා සැනසෙමු අපි මේ වේලේ... (නි)
සසර වසනතුරු හෙළයම ඔබ සමඟ... නිවන් දකිනතුරු හෙළයම ඔබ සමඟ... ගැයුම් වැයුම් ඔබ සිටිතැන සුපිරිමඟ... එපින් බලෙන් ඔබ අද ඇත නිවන්මඟ... (නි)
ඔබ වෙත නිර්වාණය ළඟාවේවා යනු අපේ පැතුමයි! (නි)
අපගේ අදහස නම් අමරදේවයාණන් වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුට ගරුකරන කිසිම අයෙකු සමාජද්රෝහීන් ලෙස කටයුතු නොකරන අතර අවසන් මොහොතේ හෝ කැමරා ඉදිරියේ රඟපෑම්ද නොකරනු ඇත. (නි)