IMG-LOGO

අමරදේවට ගුවන් හමුදා උපහාර

විශාරද පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ලාංකීය සංගීතය වෙනුවෙන් සිදු කළ මහගු සේවය අගයමින්   ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා විසින්  විශේෂ උපහාර තිළිණයක් ඔහුට පුද කළේය.

ගුවන් හමුදා වර්ණ රාත්‍රියට විශේෂ ආරාධිතයකු ලෙස   සහභාගි වු විශාරද පණ්ඩිත් අමරදේවයන් පැමිණ සිටින සියළු දෙනා වෙනුවෙන් මියුරු ගිතයක්ද ගායනා කළේය.

එම අවස්ථාවේ  එහි සිටි සැවොම තම අසුන් වළින් නැගිට මෙම කෘතහස්ථ ගාන්ධර්වයානන් හට අත් පොළසන් හඩින් සුභ පැතු අතර එය ඉතාමත් සංවේදී  අවස්ථාවක් විය.

ඉන් අනතුරුව විශාරද පණ්ඩිත් අමරදේවයන් හට සියළු දෙනා දිර්ඝ ආයුෂ පතමින් සුභ පැතු අතර  මෙම අවස්ථාව සදහා   ගුවන් හමුදාධීපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක  සහ  රොෂාණි ගුණතික මහත්මියද, ගුවන් හමුදා මාණ්ඩළීක ප්‍රධානි එයාර් වයිෂ් මාර්ෂල් ගගන බුලත්සිංහල ඇතුළු ගුවන් හමුදා අධක්ෂක මණ්ඩළයේ නිළධාරින් ද ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගී වුහ.

 DSC_2528-1 DSC_2529-1 DSC_2532

 

 

 



අදහස් (0)

අමරදේවට ගුවන් හමුදා උපහාර

සකුනි Wednesday, 15 October 2014 08:50 AM

ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ගායුෂ ප්‍රර්ථනා කරමි.(හේ)

:       0       0

රූපවතී Wednesday, 15 October 2014 09:13 AM

ඔබේ මුවින් තෙපලු ඒ රිදී සීනු නාදය සදා රැව්දේ. අප දෙරණ තුල මේ දිවි කතරේ සදා ..!!!ඔබට දීර්ගායු වේවා..පියාණනි ..!!!!.(හේ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 14 October 2014 05:18 PM

ආදරණීය යුග පුරුෂයාණනි, ඔබතුමාට දීර්ඝායුෂ පතමි. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 14 October 2014 07:16 AM

ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ.(හේ්)

:       0       0

උඩුමලගල ගමගේ Thursday, 16 October 2014 05:31 AM

උපහාරය වගේම මුදලකුත් දුන්නනම් තමයි හොඳ. මේ ශ්‍රේෂ්ඨ කළා කරුවා මුළු ජීවිතයම කැප කළේ ලාංකීය සුභාවිත ගීත කලාවක් උදෙසා. ඔහු කිසි විටකත් මුදලට ආත්මය පාවා නොදුන් ඇති විශිෂ්ඨ කළා කරුවෙක්. යුග පුරුෂයාණෙනි ඔබට ආයුබෝ වේවා ! (දිල්)

:       0       0

සන්ජය Tuesday, 14 October 2014 07:22 AM

අමරදේවයන්ට දිර්ඝ ආයුෂ පතමි.(හේ)

:       0       0

උපුල් Tuesday, 14 October 2014 07:36 AM

කෘතහස්ථ ගාන්ධර්වයානන්,ඔබට දීර්ගායු වේවා.(හේ)

:       0       0

නයනකාන්ත Tuesday, 14 October 2014 07:43 AM

අමරදේවයන්ට දිර්ඝ ආයුෂ පතමි.(හේ)

:       0       0

චමින්ද Tuesday, 14 October 2014 07:47 AM

අමරදේවයන්ට දිර්ඝ ආයුෂ පතන ගමන් හමුදාපතිතුමනි ඔබටද ස්තුති පුද කරමි.(හේ)

:       0       0

ජයා Tuesday, 14 October 2014 08:43 AM

සුවහසක් සිත් සුව පත් කල ඔබට, තවත් දිගු කාලයක් අප වෙනුවෙන් ගී ගයන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛරය නිදුක් නිරෝගී සුවය සමඟ දිර්ගායු පතමි.(හේ)

:       0       0

සෙනෙවි Tuesday, 14 October 2014 09:29 AM

ඉතා දුර්ලභ අවස්ථාවක්. ඔබට තුනුරුවන් සරණයි.(හේ)

:       0       0

අජිත් Tuesday, 14 October 2014 09:56 AM

ආදරණීය යුග පුරුෂයණනි ,ඔබතුමාට දීර්ඝායුෂ පතමි.(හේ)

:       0       0

සේනානායක Tuesday, 14 October 2014 10:23 AM

පින් කෙත හෙළ ගී අඹරේ දිගුකල් ඉන්නට හේතු වාසනා වේවා! හේතු වාසනා...... (නි)

:       0       0

කුමාර් Tuesday, 14 October 2014 10:39 AM

අමරදේවයන්ගේ වටිනාකම මුළු ලොවටම කියා නිමකළ නොහැක. (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 14 October 2014 10:48 AM

හොද රසාස්වාදයක් තිබෙන පුද්ගලයෙකු ගුවන් හමුදාවේ නායකත්වයට පත්වී තිබීම ගැන සතුටට කාරණයක් !ගුවන් හමුදාපතිතුමනි ඔබට මගේ ගෞරවනීය ආචාරය,හෙළයේ මහා සංගීත වේදියා වන අචාර්ය පණ්ඩිත අමරදෙවයාණෙනි ඔබතුමා ගැන පැසසීමට අපි සුදුස්සෝ නොවෙමු,ඔබතුමන්ට නිදුක් නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරමු. (හේ)

:       0       0

ක්‍රිශාන්ත Tuesday, 14 October 2014 12:13 PM

රසික හදවත් තවතවත් සනසාලන්නට ඔබතුමාට දිගාසිරි වේවා ! (නි)

:       0       0

පද්මිණි Tuesday, 14 October 2014 12:48 PM

අපේ ජීවිතය ඔබේ ගීතයම විය. තුරුණු වියේ අප පෙම් කලේ, සරසවියේ ප නැගුවේ, දෙමාපියන් වී දරුවන් නැලේව්වේ, ගුරු දෙගුරු වියෝවෙහිදී කදුළු විලක පාව ගියෙත්, ත් ඔබේ ගිතයෙන්මය. අපේ පිනට පහල වූ ඝන්ධර්වයනෙනි, , ඔබේ දෙපා සිබිමින් ඔබට නිරෝගී දිවියක් පතන්නෙමි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1541 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site