පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් සිය 88 වැනි ජන්ම දිනය දා කළ ඉල්ලීමකට අනුව ඔහුගේ නමින් සංගීත අසපුවක් ගොඩනැගීම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද දිනයේ අමරදේවයන් හමුවීමට ගොස් මෙහි ඉදිකිරීම් විය යුතු ආකාරය පිළිබ`ද සාකච්ඡා කළේය.
ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ ජන්ම දිනය දා එතුමාගේ සුව දුක් බැලීමට ගිය ජනමාධ්‍ය අමාත්‍යවරයගෙන් අමරදේවයන් ඉල්ලා තිබුණේ තමන්ගේ නමින් සංගීත ආශ‍්‍රමයක් ගොඩ නැගීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසයි.
මේ ස`දහා කොළඹ අවටින් ඉඩමක් සෙවීමේ කටයුතු සිදුකරන බව ඇමැතිවරයා එහිදී පැවසීය.
මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව, රූපවාහිනී සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන යන මහත්වරු ද සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන් සිදුවිය යුතු දෙයක්. අපේ අනාගත පරපුර දැනුවත් කළයුතුය. නැත්නම්, රටට නිදහස ලැබුණු වසර නොදන්නා සහ රටේ අගනුවර නොදන්නා නව පරපුරේ සමහර අයට හෙළයේ මහා ගාන්ධර්වයාද අමතක වනු නිසැකයි. (නි)
තවමත් කට හඩ මොන තරම් ලස්සනද ?අති විශිෂ්ට කලා කරුවෙක්. (බ)
ඔන්න නියම ඇමතිවරු. (බ)
ඒ කාලේ මොකක්ද පොකුණක් හැදුවේ එ්කට අමරදේව ගේ නම දැම්මනම් හොදයි (බ)
සංගීතය අතින් රටට ,ලොවට මහා සේවයක් කළ මෙවැනි චාම් උතුම් මිනිසුන් බිහිවන්නේ කලාතුරකිනි. එවැනි උතුම් මිනිසෙකුගේ ඉල්ලීම ඔහු ජිවතු අතර සිටින තුරු ඔහුගේ දැසින් දකින්නට සැලසීම, ඔහු හට අපට කළ හැකි වැලිකටයක් තරම් දෙයකි. ඇමැති තුමනි! හැකි පමණ ඉක්මනින් ඔහුගේ ඉල්ලීම ඉටුකරන්න. අමර දේවයාණනි ඔබට දිර්ගායු පතන අතර ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියා පතමි. (බ)
මෙතුමාගෙන් කලාවට සිදුවූ සේවාව වෙනුවෙන් එතුමා නමින් එහෙම දෙයක් කිරීම අගනා කටයුත්තක් (බ)
බියෙන් තොරව හිස කෙලින් තබාගෙන හිදිනට හෑකි නොවෙදෝ.. එවන් නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනුමෑන පියාණනේ.......(බ)
ඉතා හොඳ පියවරක්. (නි)
ගයන්ත ඇමතිතුමා ගැන අතිශයින් සතුටු වෙමි. සියලු කාරණා තවම සාර්ථක නොවුණද වෙනදාට වඩා හොඳින් ජනමාධ්‍ය අමාත්‍යංශයට අදාළ කටයුතු සිදුවන බව දනිමු. රටට යහපතක් වන්නට නම් තම ගරුත්වය රැකගෙන දේශපාලනය කළයුතුමය (නි)
අමරදේව මහතා ඉතාමත් විශිෂ්ට ගායකයෙක් (නි)
අමරදේව මහත්තයා ගීත ගායනා කරන්නේ හදවතටමයි (නි)
තිලක්, අම්මෝ! ඒ ගැන නම් කතාකරන්න එපා. (නි)
රටේ මෙච්චර ප්‍රශ්න තිබියදී ඒවා ගැනත් මේ ලෙසම සළකා බලනවා නම් හොඳයි (නි)
එතුමාගේ සින්දු සිත නිවනවා. එතුමා එය හදවතින්ම ගයනවා. ශබ්ද රසයත්, අර්ථ රසයත් එක රේල් පීල්ලක ගමන්කරවූ ශ්‍රේෂ්ඨයෙක්. ඔබට දීර්ඝායු පතමි! (නි)
හොඳ ව්‍යාපෘතියක් (නි)
සංදර්ශන නොකර වැඩ අවසන්කරම ප්‍රසිද්ධ කළා නම් තමයි වටින්නේ (නි)
හොඳ වැඩක්. ඒ වුණාට කවදා සිහිනයේ මල් පිපේද කියන එක තමා ගැටලුව....!!! (නි)
ඉතාමත් ඉහළින් අගය කරනවා. අපිටත් දායක වී දෙන්න පුළුවන් රුපියල හරි අපි දෙනවා. එකතුවී ගොඩනඟමු. ඇමැතිතුමනි, හැකි පමණ ඉක්මනින් අමරදේවයන්ගේ ඉල්ලීම ඉටුකරන්න. අමරදේවයාණනි, ඔබට දීර්ඝායු පතන අතර ඔබට තව තවත් ලෝකවාසී ජනතාව මියුරු ගී රාවයෙන් සතුටින් තැබීමට ශක්තිය ධෛර්යය තෙරුවන් සරණින් ලැබේවා යැයි කියා ප්‍රාර්ථනා කරමි (නි)
හොද මිනිසුන්ගේ එකතුවකින් හොඳ දෙයක් කරන්න පුළුවන්. අමරදේවයන්ගේ වටිනාකම ගැන ඉතින් තවත් මොනවා නම් අපි වගේ අය කියන්නද? ඇමතිතුමාගේ මහත්මා ගතිය මම නම් හොඳට දන්නවා. (නි)
අතිවිශිෂ්ටයි මහත්වරුනේ! (නි)
ඉතාමත් වැදගත් දෙයක්. අමරදේවයන් ලංකාවේ සංගීතයට කරන සේවය අගය කල යුතුයි. (අ)
අපි ඒ සිහිනය ඉක්මණින් ඉටුවෙන්න කියා පතමු (නි)