පණ්ඩිත් අමරදේවයන්ගෙ අභාවයෙන් ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ පිරිමැසිය නොහැකි පාඩුවක් ඇති වූ බව විපක්ෂ නායක ආර් සම්බන්දන් ශෝක ප්‍රකාශයක් නිකුත් කරමින් කියයි.ලක්ෂ සංඛ්‍යාත සංගීත ලෝලීන්ගේ හදවත්හි නොමැකෙන සළකුණක් තැබීමට අමරදේව මහතා සමත් වූ බව ඔහු පැවසීය.

“ශ්‍රී ලාංකික ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ සංගීතවේදී පණ්ඩිත් අමරදේව කලාකරුවාණන්ගේ අභාවය ශ්‍රී ලංකාවේ සියලුම දෙනාට දැඩි සංවේගයක් ගෙන දෙන ප්‍රවෘත්තියකි.සංගීත සංගීත ක්ෂේත්‍රෙය් උන්නතිය උදෙසා ස්වකීය දායකත්වය සපයමින් ගායකයෙකු,වයලීන් වාදකයෙකු හා සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහු සුවිශාල කර්තව්‍යයක් ඉටු කළේය.ඔහුගේ අසමසම වූ දක්ෂතාවයෙන් රිදී තිරයද සුපෝෂණය කිරීමට සමත් විය.“