IMG-LOGO

අම්මලා එක්ක ඉන්නවා තරම් සතුටක් තවත් නෑ

 

2016-06-24-ent-172

රන් මැණිකා කියන්නේ ඉතාම සුන්දර අහිංසක, ආදරණීය චරිතයක්. හැම පිරිමියෙකුගේම නෙත ගැටෙන තරම් සුන්දර රූ සපුවක් ඇයට තිබුණා. ඒත් ඒ සුන්දරත්වය ඇගේ ජීවිත කතාව ඇතුලේ තිබුණේ නැහැ.

ලස්සන ගමක ජීවත් වුණු රන් මැණිකගේ රූපයට ගමේ ආරච්චිලාගේ බැල්ම වැටුණු දා ඉඳන් මේ සුන්දර ජීවිතේ කරදර ගොඩක් බවට පත්වෙනවා. ඇගේ සහෝදරියට මස්සිනාට රන් මැණිකා නිසා විඳින්න වෙන දුක් ගැහැට කරදර අප‍්‍රමාණයි. තමන්ගේ සහෝදරිය, මස්සිනා ඇය නිසා කරදරයට පත්වෙනවා ඇයට බලා ඉන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. රන් මැණිකා තීරණයක් ගන්නවා. ඒ තීරණේ මුල් භාගයේදී පිරිමින් හමුවේ දුක් ගැහැටවලට මුහුණ දුන්නත් අවසානයේ දෙවියන් වහන්සේ විසින් ඇගේ ජීවිතේ අයිරාංගනී ලෙස සමාජය හමුවේ පෝසත් ගැහැනියක් කරනවා. ඇය අහිසංකයි. ඒ වුණත් රන්මැණිකා කියන චරිතය ඇතුළේ ජීවත් වුණේ අසාධාරණයට එරෙහිව නැගී හිටපු බලගතු ගැහැනියක්.

ජීවිතය හරිම පුදුමාකාරයි. සරත් ධර්මසිරිගේ ”සත්පත්තිනි” ටෙලි නාට්‍යයේ එන රන් මැණිකා චරිතය වෙනුවෙන් මෙවර රයිගම් ටෙලිසම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය රන් මැණිකාට හිමි වුණේ චරිතය තුළින් ඇය ඉස්මතු කළ දක්ෂතාවය නිසාමයි. ඇය ජනප‍්‍රිය රංගන ශිල්පිනී මේනකා පීරිස්.

 

2016-06-24-ent-170එදා ඒ සම්මානනීය රාත‍්‍රිය ගැන මතක ආවර්ජනය කළොත්?

ඒ මොහොතේ දැනිච්ච සතුට වචනවලින් ගලපන්න බැහැ. සතුට වැඩිකමට හදවත ගල් ගැහුණා වගේ වුණා.

 

කෙනෙකුගේ ජීවිතේට ලැබෙන විරල අවස්ථාවක් ඔබේ ජීවිතෙත් තියෙනවා. රංගනයෙන් දායක වුණු පළමු ටෙලි නාට්‍යයෙන්ම හොඳම නිළිය සම්මානයට පාත‍්‍ර වුණා. වසර දෙකකට පසුව මෙවරත් ඔබ හොඳම නිළිය වුණා?

මොණරතැන්න මගේ පළමු ටෙලි නාට්‍යයෙන්ම 2014 රාජ්‍ය සම්මාන උළෙලේදී හොඳම නිළියවීම ඇත්තටම මගේ ජීවිතේ ඉතාම දුර්ලබ අවස්ථාවක්. දක්ෂතාව තිබුණත් මම හිතනවා මොකක්දෝ පිනක් මට තියෙන්න ඇති, නැත්නම් ක්ෂේත‍්‍රයට ඇවිල්ලා මෙච්චර පුංචි කාලෙකදී හොඳම නිළිය වේවි කියලා හීනෙකින්වත් මම හිතුවේ නැහැ. මෙවරත් හොඳම නිළිය මමයි කියලා කියපු වෙලාවේ උතුරලා ගිය සතුටකුත් එක්ක පුංචි ආඩම්බරකමක් ඇතිවුණා. හැබැයි ඒක ලොකුකමක් නෙමෙයි.

 

2014 නොතිබුණු තරම් සතුටක් ඇයි මෙවර දැනුණේ.

කලාකරුවෙකුට සම්මාන සීයක් හම්බවුණත් තව සම්මානයක් ලැබෙනකොට ඊටත් වඩා සිව් ගුණයක සතුටක් දැනෙනවා.

 

ජීවිතේ දෙවැනි වතාවටත් හොඳම නිළිය සම්මානය අතට පත් වෙද්දි මොකද හිතුණේ?

සත්පත්තිනි රන් මැණිකට හොඳ සාධාරණයක් කළා කියලා ලොකු සතුටක් හිතට දැනුණා. මට මං ගැන වගේම රන් මැණිකා චරිතය ගැනත් ලොකු විශ්වාසයක් තිබුණා.

 

ඒ කියන්නේ මේ සම්මානය බලාපොරොත්තුවෙන් හිටපු එකක්ද?

සත්පත්තිනි ටෙලිනාට්‍ය විකාශය වන අතරවාරයෙත් එක්තරා සම්මාන උළෙලක නැගී එන නිළිය විදිහට යෝජනා වෙලා තිබුණා. ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒ වුණත් මට හිතුණා මේ චරිතයට සම්මානයක් ලැබේවි කියලා. සම්මාන උළෙලට යෝජනා වුණා කිව්වම මට මගේ අම්මා කිව්වෙ ඔයා දැන් දිනලා ඉවරයි කියලා. මම නිතරම උත්සාහ කළේ ලැබෙන චරිතයට සීයට සීයක්ම කැපවෙලා සාධාරණයක් කරන්න. සම්මාන බලාගෙන නම් මම කවදාවත් රඟපාන්නේ නැහැ. හැබැයි ඕනම කලාකරුවෙක්/කාරියක් තමන්ව අගයලා සම්මානයක් ලැබෙනවනම් ගොඩක් සතුටුයි.

 

හොඳම නිළිය සම්මානය මේනකා අතට පත්වෙද්දි අනෙකුත් පාර්ශවයන් සුබ පැතුම් එක්කළේ හදවතින්ම කියලා විශ්වාසද?

මම හිතනවා හැමෝම සුබ පැතුවේ හදවතින්ම කියලා. මං ඇතුළුව සම්මානයට යෝජනා වුණ නිරෝෂා අක්කා, නදීශා අක්කා දෙන්නටම වඩා මම ක්ෂේත‍්‍රයට ආවේ ගොඩක් පසුකාලීනව. ඔවුන් දෙපළ ගොඩක් දක්ෂයි. ඒ දෙපළගේ දක්ෂතාව එක තරාදියක දාලා මනින්න බැහැ. ඒ තරම් අති දක්ෂයි. ඔවුන් දෙපළත් මට සුභ පැතුවේ හදවතින්මයි.

 

ඔබ දැකපු හීනේ මේ ගෙවන කලා ජීවිතේ ද නැත්නම් මීට හාත්පසින්ම වෙනස් දෙයක්ද?

නර්ථන ගුරුවරියක් වීමේ හීනේ තමයි එදා ඉඳලා අද වෙනකම්ම තියෙන්නේ. නිළියක් වීම ගැන අකමැත්තක් නැහැ. නිළියක් වුණේ පිනකට. නමුත් මගේ දක්ෂතාව තියෙන්නේ නර්ථනයට. අහම්බෙන් පය තියපු මේ ක්ෂේත‍්‍රය තුළ අද මං ඉන්න තැන ගැන තෘප්තිමත්. ඉදිරියේදී පෞද්ගලිකව නර්ථන පංති ආරම්භ කරන්න පුංචි බලාපොරොත්තුවකුත් තියෙනවා.

 

මේනකා රංගන ජීවිතේ සරල චරිත රඟපානවා දකින්නේ හරිම අඩුවෙන්. අමාරු චරිත තෝරගන්නේ සම්මාන බලාපොරොත්තුවෙන්ද?

කවදාවත් නැහැ. මට සරල චරිත ලැබෙනවා හරිම අඩුයි. අධ්‍යක්ෂවරයාගේ තීරණය මත අපේ චරිතය නිර්මාණය වෙන්නේ. මට මේතාක් ලැබුණ හැම චරිතයක්ම කළා. මම එම චරිත වෙනුවෙන් ගොඩක් වෙහෙසුන කෙනෙක්. මම රඟපෑමෙදි අභියෝගවලට බය නැහැ. රන් මැණිකා චරිතය තුළත් ඒ අභියෝගයට උපරිමයෙන් සාධාරණයක් ඉෂ්ඨ කළා.

 

මේ දවස්වල වැඩකටයුතු මොනවද?

දෙරණ ීඒර ක්‍සඑහ වැඩසටහනේ පුහුණුවීම්වලට තමයි මේ දවස්වල වැඩිපුරම කාලය ගතවෙන්නේ. ටෙලිනාට්‍ය දෙකකට ආරාධනා ලැබුණා. ඒත් ීඒර ක්‍සඑහ එකේ වැඩත් එක්ක භාරගන්න බැරි වුණා. ඉදිරියෙදී හොඳ නිර්මාණයකට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

 

මුල් තැන දෙන්නේ පෞද්ගලික ජීවිතයට ද රංගනයටද?

රංගනයට.

 

ඒ කියන්නේ නැවත විදේශගත වීමේ බලාපොරොත්තුවක් නැහැ.

නැහැ. රංගන වැඩකටයුතු කරගෙන ලංකාවේ ඉන්නවා. අම්මලා එක්ක ඉන්නවා තරම් සතුටක් තවත් නැහැ.

 

නදීෂා අතුකෝරළ

 

sandalla

 

2016-06-24-ent-171



අදහස් (0)

අම්මලා එක්ක ඉන්නවා තරම් සතුටක් තවත් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 13 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 597 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site