දෙමටගොඩ කහ ඉරේදී මවක හා දැරියකට මරු කැඳවූ කාරය පැදවූ පුතා ලබන 29 වැනිදා දක්වා හා ඔහුගේ මව ලබන 25 වැනිදා දක්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) රිමාන්ඩ් කරනු ලැබූහ.
සිද්ධියෙන් මිය ගිය මව හා දියණියගේ සිරුරු වෙනත් නිවසක තැනපත් කර ඇති අතර ඔවුන් අනතුරට පත්වූ ස්ථානය අඳුරු සහිත පෙදෙසක් බවත් එහි බොහෝ අනතුරු ප්‍රමාණයක් සිදුවූ බවත් අවට වැසියෝ කියති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අහිංසක දරුවා! (නි)
මේකත් දෙවියන්ගේ කැමැත්ත වෙන්න ඇති (බ)
තාත්ත ඉන්නවනම් එයාවත් රිමාන්ඩ් කරන්නයි තිබුනේ. පොඩි එවුන්ට වාහන දෙනවට. (බ)
කාර් එළවන්ඩ දුන්නු දෙමව්පියන් මඩු වලිගෙන් තලන්න ඕනේ (බ)
රියදුරු බලපත් නැති දරුවෙකු අතට වාහනය දීලා, අන්තර්ජාලයේ සීමාව දන්නේ නැති දරුවාට පරිගණකයක් දීලා , දුරකථන බිල ගෙවන්න ආදායමක් වත් නැති නව යොවුන් දරුවන්ට රුපියල් විසි තිස් දාහේ මොබයිල් ෆෝන් අරන් දීලා පාරට්ටුවට කියවන අම්මලා ඔන්න බලා ගන්න .! (බ)
කොළඹ කොහොමත් ඔය පැතිවල තියෙන්නේ වෙනම නීති ඔය කහ ඉර රට ඉදි පාටින් ඇදල තිබුනානම් ඕක වෙන්නේ නැහැ! (බ)
මම ඉන්න රටේ නම් මෙයාල අනියම් මිනී මැරුමට තමා. (බ)
මට පිරිමි ළමයි 3 ක් ඉන්නව කාර් 6 ක් තියෙනවා නමුත් ළමයින්ට අවුරුදු 21 වෙනකම් කාර් එකක් එලවන්න දුන්නේ නැහැ (බ)
සවුදියේනම් දෙන්නටම ගල් ගහල මරනවා.නැත්නම් බෙල්ල කපනවා.මතකනේ රිසානාට උනුදේ.(කෞ)
සනත් මහත්තය වගේ මමත් මගේ දරුවට කාර් පදින්න දුන් නෑ..මොකද මට කාර් එකක් නෑ.(කෞ)
නිහාල් සව්දියේ ඕවට ගල් ගහන්නේ නැහැ බෙල්ලයි කපන්නේ(කෞ)
දැන බලන්න කී දෙනෙක් අමාරුවේද මේ දුරදිග නොබලා කරන වැඩ වලින් (නි)
මේවාට සම්පුර්ණයෙන්ම දෙමාපියන් වගකිව යුතුයි. ළමයාටත් වැඩිය මෙයට වගකිවයුතු වැඩිහිටියන්ට දැඩි දඬුවම් පැමිණිය යුතුයි. අසරණ ජීවිත දෙකක් අපරාදේ අහිමිවුණා. (නි)
චාමරගේ කතාවට මඩු වලිගෙන් ගහලත් මදි (නි)
තම දරුවට හොඳින් උගන්වා සමාජයේ උසස් තැනකට ගෙනෙන්නට දයාබර අම්මා කෙනෙක් ගත් දිරිය සහ තවත් මවකගේ නොහික්මුණු පුතෙකු විසින් කරන ලද හෝ නොසැළකිල්ලෙන් කෙරුණු අපරාධයක්. දැන් මීට වන්දි ගෙවන්නේ කවුද? (නි)
අතුල, මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. මෙම වැරැද්ද කවුරුත් සාධාරණයි කියලා කිව්වද? වැරැද්ද කවුරු කළත් වැරදියි. (නි)
කාන්ති හරියටම හරි. ඒත් ඔය කියන ජාතියේ අය මේවා කියවන්නේ නැහැ (නි)
හැමදෙනාම බනින්නේ කාරය පදවපු ළමයට. මැරුන දෙන්නා ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න. නීතියෙන් හරි වන්දියක් අරන් දෙන්න පුලුවන්ද කියලා බලමු. අසරණ මිනිස්සු! (නි)