දෙමටගොඩ කහ ඉරේදී මවක හා දැරියකට මරු කැඳවූ කාරය පැදවූ පුතා ලබන 29 වැනිදා දක්වා හා ඔහුගේ මව ලබන 25 වැනිදා දක්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) රිමාන්ඩ් කරනු ලැබූහ.
සිද්ධියෙන් මිය ගිය මව හා දියණියගේ සිරුරු වෙනත් නිවසක තැනපත් කර ඇති අතර ඔවුන් අනතුරට පත්වූ ස්ථානය අඳුරු සහිත පෙදෙසක් බවත් එහි බොහෝ අනතුරු ප්‍රමාණයක් සිදුවූ බවත් අවට වැසියෝ කියති.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්මයි පුතයි රිමාන්ඩ්
බීනු Sunday, 17 January 2016 05:14 PM
පවු අහිංසක දරුවා! (නි)
චාමර Sunday, 17 January 2016 10:21 AM
මේකත් දෙවියන්ගේ කැමැත්ත වෙන්න ඇති (බ)
දහම් Sunday, 17 January 2016 10:22 AM
තාත්ත ඉන්නවනම් එයාවත් රිමාන්ඩ් කරන්නයි තිබුනේ. පොඩි එවුන්ට වාහන දෙනවට. (බ)
ජමාල්ඩීන් Sunday, 17 January 2016 11:02 AM
කාර් එළවන්ඩ දුන්නු දෙමව්පියන් මඩු වලිගෙන් තලන්න ඕනේ (බ)
කාන්ති Sunday, 17 January 2016 11:12 AM
රියදුරු බලපත් නැති දරුවෙකු අතට වාහනය දීලා, අන්තර්ජාලයේ සීමාව දන්නේ නැති දරුවාට පරිගණකයක් දීලා , දුරකථන බිල ගෙවන්න ආදායමක් වත් නැති නව යොවුන් දරුවන්ට රුපියල් විසි තිස් දාහේ මොබයිල් ෆෝන් අරන් දීලා පාරට්ටුවට කියවන අම්මලා ඔන්න බලා ගන්න .! (බ)
අතුල Sunday, 17 January 2016 11:25 AM
කොළඹ කොහොමත් ඔය පැතිවල තියෙන්නේ වෙනම නීති ඔය කහ ඉර රට ඉදි පාටින් ඇදල තිබුනානම් ඕක වෙන්නේ නැහැ! (බ)
සිල්වා Sunday, 17 January 2016 12:12 PM
මම ඉන්න රටේ නම් මෙයාල අනියම් මිනී මැරුමට තමා. (බ)
සනත් Sunday, 17 January 2016 12:20 PM
මට පිරිමි ළමයි 3 ක් ඉන්නව කාර් 6 ක් තියෙනවා නමුත් ළමයින්ට අවුරුදු 21 වෙනකම් කාර් එකක් එලවන්න දුන්නේ නැහැ (බ)
නිහාල් Sunday, 17 January 2016 01:12 PM
සවුදියේනම් දෙන්නටම ගල් ගහල මරනවා.නැත්නම් බෙල්ල කපනවා.මතකනේ රිසානාට උනුදේ.(කෞ)
උදිත් Sunday, 17 January 2016 01:36 PM
සනත් මහත්තය වගේ මමත් මගේ දරුවට කාර් පදින්න දුන් නෑ..මොකද මට කාර් එකක් නෑ.(කෞ)
අලී Sunday, 17 January 2016 01:35 PM
නිහාල් සව්දියේ ඕවට ගල් ගහන්නේ නැහැ බෙල්ලයි කපන්නේ(කෞ)
හේමපාල Sunday, 17 January 2016 02:41 PM
දැන බලන්න කී දෙනෙක් අමාරුවේද මේ දුරදිග නොබලා කරන වැඩ වලින් (නි)
ඉනෝකා Sunday, 17 January 2016 02:42 PM
මේවාට සම්පුර්ණයෙන්ම දෙමාපියන් වගකිව යුතුයි. ළමයාටත් වැඩිය මෙයට වගකිවයුතු වැඩිහිටියන්ට දැඩි දඬුවම් පැමිණිය යුතුයි. අසරණ ජීවිත දෙකක් අපරාදේ අහිමිවුණා. (නි)
හේවා Sunday, 17 January 2016 02:45 PM
චාමරගේ කතාවට මඩු වලිගෙන් ගහලත් මදි (නි)
ලීලානන්ද Sunday, 17 January 2016 03:16 PM
තම දරුවට හොඳින් උගන්වා සමාජයේ උසස් තැනකට ගෙනෙන්නට දයාබර අම්මා කෙනෙක් ගත් දිරිය සහ තවත් මවකගේ නොහික්මුණු පුතෙකු විසින් කරන ලද හෝ නොසැළකිල්ලෙන් කෙරුණු අපරාධයක්. දැන් මීට වන්දි ගෙවන්නේ කවුද? (නි)
යෝනුසලවි Sunday, 17 January 2016 03:23 PM
අතුල, මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. මෙම වැරැද්ද කවුරුත් සාධාරණයි කියලා කිව්වද? වැරැද්ද කවුරු කළත් වැරදියි. (නි)
කමනි Sunday, 17 January 2016 03:49 PM
කාන්ති හරියටම හරි. ඒත් ඔය කියන ජාතියේ අය මේවා කියවන්නේ නැහැ (නි)
ශාන්ත - කටාර් Sunday, 17 January 2016 04:56 PM
හැමදෙනාම බනින්නේ කාරය පදවපු ළමයට. මැරුන දෙන්නා ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න. නීතියෙන් හරි වන්දියක් අරන් දෙන්න පුලුවන්ද කියලා බලමු. අසරණ මිනිස්සු! (නි)