IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


’’අම්මට මදුරු කොයිල් එකක් ගෙනිහින් දෙන්න’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හේමා ප්‍රේමදාස මැතිනිය මදුරු කොයිල් ඇතුළු භාණ්ඩ කිහිපයක් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් යොමු කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (3)පැවසීය.

රට හදන්න කතා කරන්න පෙර වැදූ මවට මදුරු කොයිල් එකක් ගෙනිහින් දෙන්නැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටින බවද අලුත්ගමගේ මහතා කීය.

හේමා ප්‍රේමදාස මැතිනිය 2023.9.20 දින ජනාධිපති කාර්යාලයේ  ගණකාධිකාරීවරියට ලිපියක්  යොමු කරමින් මදුරු කොයිල්,නිල් පාට පෑන් 2ක්,ගම් බෝතල්,හාෆ් ෂීට්, ෆයිල් කවර ඉල්ලා ඇතැයි ද තමා ඒ ලිපිය පාර්ලිමේන්තුවේ සභා ගත කරන බව ද අලුත්ගමගේ මහතා කීය.



අදහස් (16)

’’අම්මට මදුරු කොයිල් එකක් ගෙනිහින් දෙන්න’’

සුරංග Tuesday, 03 October 2023 03:54 PM

ඇත්තටම මෙහෙම දෙයක් වෙලා තියෙනවා නම් අපිටත් රටේ ඉන්න ලැජ්ජයි හිටපු ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා හා සජිත් දෙදෙනාටම අපහාසයක් කියන්න පුළුවන්

:       0       0

Rata Perata Tuesday, 03 October 2023 04:16 PM

මෙ කියන එකත් කම්බ හොරෙක් තමයි. එත් ප්‍රෙමදාස පවුල ලජ්ජ වෙන්න ඔන මෙ අපත වැඩ ගැන.

:       0       8

C.K.Lankaputhra Tuesday, 03 October 2023 04:39 PM

මුන් හතර වරිගයම ජීවත් වෙන්නේ දුප්පත් මහජනතාව ගෙවන බදු මුදල් වලින්නෙ. ඔය හැම එකාම එහෙමයි. තමන්ගේ සල්ලි වලින් තඹ දොයිතුවක් වියදම් කරන්නේ නෑ. බලය නැති කාලෙයි ඇති කාලෙයි පවුල් පිටින් අපේ රීරි මාංසය ඇදගෙන කාලා ජීවත් වෙනවා. මුන්ට හෙන හත නොගහන්නේ ඇයි කියල මට නං තේරෙන්නේ නෑ.

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 03 October 2023 04:52 PM

සජිත් අනා ගන්න තරම !

:       0       0

සල්ලි Tuesday, 03 October 2023 05:12 PM

වැදගැම්මකට නැති ගූ ගොඩවල් පාර්ලිමේන්තු වේ කතා කරන මේ හිගන්නා නිසා රටක් දියුණු වෙයිද ? වස්ගමුව කැලේ වඳුරන් මීට වඩා සේවයක් රටට කරනවා.

:       0       0

Nathalie Tuesday, 03 October 2023 05:15 PM

මෙයාට පෑනක් , මදුරු කොයිල් ගන්නවත් සතේ අතේ නැති හිගන්නෙක්ද?? නැ බන්, හැමදේම නිකන් කාල පුරුදු වෙලා. අපටභෙන ගැහුවෙත් මුන්ට හොදයි ඇමදේම රජයෙන් ගෙවන්න ව්ෙලා. මං බලන්නෙ මුන් මැරෙන්නෙ කවද්ද කියල.

:       0       0

සමන් Tuesday, 03 October 2023 05:17 PM

මේ කතාව කියන්න කලින් ටිකක් හොයලා බැලුවා නම් හොඳයි. ඇත්තටම හේමා ප්‍රේමදාස මහත්මිය ලියපු ලිපියක්ද නැත්නම් ඇය ලිව්වත් දැන් වයසට ගිය කෙනෙක් නිසා කල්පනාවක් නැතුව ලිව්වද දන්නේ නෑනේ. ඩිමෙන්ෂියාව වගේ කල්පනාව අඩුවෙන රෝග තිබෙන අතර අපි කාටත් අපේ අම්මලා තාත්තලා වුනත් මේ විදිහේ දේවල් කරන්න ඉඩ තියනවා. සජිත්ගේ ඔලමොට්ටල වැඩට මාත් කැමති නෑ. නමුත් ඩිමෙන්ෂියාව යම් තරමකට තිබෙන කෙනෙක්ගේ දරුවෙක් හැටියට මම හිතන්නේ මේ වගේ දේවල් ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා ටිකක් මානුෂිකව හොයන්න කියලා. ඉස්සර කාලේ තිබුණු ලොකු කම තාම පෙන්නනවා නම් ඔන්න ඔය කතාව එළියට දැම්මට කමක් නෑ.

:       0       0

don Tuesday, 03 October 2023 06:31 PM

ටොයිලට් රෝල් ඉල්ලලා නැද්ද? මේක හැබැයි මෙයා විතරක් නෙවෙයි, ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම හැම දෙයක්ම නොමිලේ තමයි ලබාගන්නේ...!

:       0       0

ඉන්දික Wednesday, 04 October 2023 12:20 AM

හොරාකන්නේ නැතිව වැදගත් විදියට නීතියෙන් ලැබෙන්න තියෙන දෙයක් ඉල්ලුවාම වැරැදිද? ඒ හිටපු ජනපතිගේ බිරිඳ. ඇයට තවම අයිතිය තියෙනවා ඒවා ගන්න. අනිත් අය ලක්ෂ ගණන්වල ලයිට් බීල ගෙවන්නේ නැතුව කටවහන් ඉඳන් මේවාට කට ඇවිත්..!

:       1       1

Perera Wednesday, 04 October 2023 09:09 AM

මූත් එකයි සජිතත් එකයි

:       1       1

Bunny Preena Wednesday, 04 October 2023 09:10 AM

තමන්ට අවශ්‍ය දේවල් එහෙම ඉල්ලන්න ප්‍රේමදාස ආර්යාවට අයිතියක් නැතිද .ලාබ සහ බාල දේශපාලනය කරන එක ඒ තරම් හොඳ දෙයක් නොවෙයි මහින්දානන්ද මහත්තයෝ

:       1       6

CiscoWednesday, 04 October 2023 01:16 PM

මහින්දානන්ද කියන්නේ පට්ට හොරෙක් තමයි .

:       0       1

Amal Wednesday, 04 October 2023 09:30 AM

අම්මට සීරි

:       1       2

Kiriputha Wednesday, 04 October 2023 10:20 AM

මේකනම් බොරුවක්

:       2       2

Bamunuarachchi Wednesday, 04 October 2023 01:39 PM

දුම් අල්ලන්න මදුරු කොයිල් මදි. පොල්කටු අඟුරු කබලක් යවන්න.

:       0       2

Bamunuarachchi Thursday, 05 October 2023 02:49 AM

පුරසඳ හෝටලේදී දැක්කාට පසු දැක්කේ නැහැ. අයිස්ක්‍රීම් කාපු කාලයක් මතක නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site