නිරාහාරව සිටින අවුරුදු 2ක පිරිමි දරුවකුට කිරි දී දරුවා මරණයෙන් බේරාගත් බැල්ලියක සිටින බව චිලි රාජ්‍යයේ පොලිසිය කියයි.
ඇඳුමක්වත් නැතුව ගරාජයක අතහැර දැමූ මේ දරුවාගේ පණ නළ ගැට ගැසී ඇත්තේ බැල්ලියගේ කිරි ටික බීමෙනි. බැල්ලියද පැටවුන් වැදීමට ආසන්නව සිටි බව පොලිසිය පවසයි.
අතහැර දැමුණු දරුවකුට තමාගේ සුරතල් බැල්ලිය රෙයිනා කිරි දෙන බව චිලියේ ඇරිකා ප්‍රදේශයේ ලෝරි ස්කූඩර් නම් පුද්ගලයා පොලිසියට පවසා ඇත. දැඩි ලෙස අපිරිසිදු තත්ත්වයේ සිටි දරුවාගේ හිසේ උකුණන් පිරී සිටි බවත් දරුවා බැල්ලියගෙන් කිරි බොද්දී දරුවාගේ මව අසළ සුරා සැලක මත්පැන් බොමින් සිටි බවද පොලිසිය පවසයි.
දරුවා වහාම රෝහල්ගත කළ බවත් පොලිසිය කියයි. දරුවාගේ බාරකාරත්වය පිළිබඳව චිලියේ පවුල් අධිකරණයක් ලබන සැප්තැම්බර් 22 වැනිදා තීන්දුවක් දීමට නියමිතය.
ජීවත් වීමේ වාසනාවද වීර මාතාවක සේ සැලකිය හැකි බැල්ලියගේ කිරිද නිසා දරුවාගේ ජීවිතය බේරුණු බව චිලියේ ආරංචි කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් අම්මලා! (නි)
මේ කරගත්තා වු කුසලයේ අනුභාවයෙන් මේ සුනඛයාට ඉපදෙන හැම භවයකදිම හොඳ ආත්මයක් ලැබෙනවා සිකුරුයි (නි)
මෙහි පළවී තිබෙන දෙවැනි පින්තූරයේ මේ සුනඛයාගේ දෑස දිහා බලනවිට මාතෘ සෙනෙහස කෙතරම්දැයි මොනවට පැහැදිලි වෙයි. (නි)
මෙතන තිරිසන් කවුද කියලා දන්නා කෙනෙක් කියලා දෙනවද? අපි සමහර වචන වැරදි ආකාරයට වැරදි පුද්ගලයන්ට නේද පාවිච්චි කරන්නේ කියලා හිතුනා මේක දකිද්දී (නි)
අනේ බලු අම්මේ,ලබන ආත්මෙත් නුඹ බලු ආත්මයකම ඉපදේවා කියලා පතනවා. මොකද මිනිස් ආත්මයක් ලැබුවොත් ඔය හොඳ ගති නැතිවෙන නිසා. (නි)
අසාන්, ඔයා හරි. මාත් එසේම පතනවා. (නි)
පිට බැද්දරගේ කතාව නියමයි. එහෙම තමයි අපි වැරදි කෙනාට වැරදි විදිහටයි වචන පාවිච්චි කරන්නේ. මෙතන සිද්ධවෙලා තිබෙන මව් ගුණ දැක්කහම ඒ වචනය කොහොමද අපි පාවිච්චි කරන්නේ? (නි)
මෙහෙමත් අම්මලා! (නි)
අම්මා කෙනෙක් වෙන්න දරු සුරතල් ලබන්න අාත්ම ගානක් පෙරුම් පුරන්න ඕනෑ.ඒ වගේම අම්මෙකුගේ සෙනෙහස කරුණාව ලබන්නත් පෙර පිං කරලා තියෙන්න ඕනෑ. මගේ පුංචි දියණියට මාස 27යි. ඇය තුරුලු කරගන්නා වාරයක් ගානේ මගේ දියණිය මගේ බෙල්ල කිටිකිටියේ බදාගෙන ඉන්න වාරයක් ගානේ මගෙ හදවතට නැගෙන්නේ මේ ලෝකේ සිටින සෑම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම මගේ හදවතේ මගේ දරුවා වෙනුවෙන් ඇති අාදරයට සාමාන නොසැළෙන අාදරයක් ඔවුන්ගේ හදවත් වලද අැති වේවා.කියලයි. මේ අසරණ දරුවාට මවක් වු ඒ සුනඛ මවද මේ අාත්මයෙන් පසු නැවත මේ සංසාරයේ නොඉපදේවා! අැය නිවනට පැමිණේවා...! (නි)
බලු අම්මා ලබන ආත්මයේදි ඉතා හොඳ, සියළු යසඉසුරින් පිරි මනුස්ස අම්මා කෙනෙකු වේවායි පතමි! (නි)
'බල්ලා' කියලා අපි ඇමතුවත් ඒ සතාගේ ගුණය කොපමණද? (නි)
රූපවති නංගියේ, නුඹේ උතුම් මවු ගුණයට මගේ ආචාරය! හැබැයි නංගියේ ප්‍රාර්ථනාව හොඳ වුණාට මේ සතාට ඒ උතුම් වූ තත්ත්වයට යන්න අමාරුයි නේද? (නි)
අශාන්ගේ පැතුමට වඩා රසිකාගේ පැතුම හොඳයි. මගේ පැතුමත් එයයි. (නි)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ -මිනිසාමයි ලොව තිරිසන් වන්නේ (නි)