පෑලියගොඩ දුම්රිය හරස් මාර්ගයේ කැළණි පාලම අසල කන්ටේනරයක් හැපීමෙන් සිදු වු අනතුරින් දුම්රිය රේල් පිලි වලට දැඩි ලෙස අලාභ හානි සිදු වී ඇති බව දුම්රිය පාලක මැදිරි ආරංචි පවසයි. ප්‍රධාන දුම්රිය මාර්ගයේ සිග්‍ර දුම්රියන් පැය හතරක් පමණ ප්‍රමාද වී ධාවනය විය.
අද උදේ දුම්රියෙන් කොළඹ එමින් සිටි රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල සේවයකයෝ දහස් ගණන් මෙන්ම පාසල් දරුවෝ ද දැඩි දුෂ්කරතාවයට ලක්වුහ.
බොහෝ පාසල් වල අද දිනට වාර අවසාන පන්ති, කව රැස්වීම් පැවැත්වීමට නියමිතව තිබුණා. ‘අම්මේ අද ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ වහලා තියේවි’ යනුවෙන් දුම්රිය මැදිරියක සිටින කුඩා දරුවකු පැවසුවේය.
බොහෝ මගීහු රාගම,කැළණිය වැනි දුම්රිය පොළොවලින් වලින් බැස බස් පාරට ගියහ. මගීහු බොහෝ දෙනෙක් දුම්රියේ දී ඔවුන්ගේ උදේ ආහාර ද ගත්හ. මේ හේතුවෙන් කොළඹ අවට රැකියා කරන දස දහසකට වැඩි පිරිසකට ප්‍රමාද වී කාර්යාල වලට ගමන් කිරිමට සිදුවිය.
මෙම මාර්ගයේ කන්ටේනර් ධාවනය කිරිම සඳහා මීටර් 3.5 ක් උස සීමාව ලෙස පනවා ඇත.
වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්ටේනර් ලොකු වුනාට මොලේ ලොකු නෑනේ ඔය කොම්පැනි වල අයගෙත් ඒවා පදවන උදවියගේත් (බ)
කෝච්චිවල නැගල කොළඹ ඇවිල්ල රස්සාවක් කොරන්න අවශ්‍ය නැහැ,උන්ට කියපල්ලා ගමේ ඉඳන් කුඹුරු කොටන්න කියල,මුන් මෙහෙට ඇවිල්ල වැඩක් නැහැ,කනවා,බුදියනවා (බ)
කන්ටේනරය යටින් හැපෙන වෙලාවේ කොහොමද දුම්රියකුත් උඩින් ධාවනය වේවි තිබුනා නම්? (නි)
රියදුරාට නීතියක් නැද්ද?(හේ)
දුක තමයි අද?(හේ)