වසරකට කලින් අම්බලන්ගොඩ බස් නැවතුම්පලේ දී අතුරුදන් වූ තුන් හැවිරිදි පිරිමි දරුවා දඹුල්ලේ යාචකයකු ළඟින් සොයාගත් බව පොලිසිය කියයි.
අකුරැස්සේ පදිංචි මිත්තනිය ළඟ සිටි දරුවා මිත්තණිය රවටා රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. දරුවාත් මිත්තනියත් සිටි ඡායාරූපයකින් දඹුල්ල පොලිසියේ පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතා සමත්විය.
කෑගල්ලේ පදිංචිකරුවකු වන මෙම යාචකයා රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබීය. දරුවා නැතිවූ තැන් සිට මිත්තනිය වන වඩිවේල් සිවපාක්‍යම් දරුවාත් ඇයත් සිටින ඡායාරූපයක් රටපුරාම පොලිසිවලට බෙදාදී ඇතැයිද දරුවාගේ මව එතෙර රැකියාවකට ගොස් ඇතැයිද කියයි.
යාචකයා හා දරුවා අතර ලොකු බැඳීමක් ඇති බවත් දරුවා යාචකයාට තාත්තා යැයි කියන බවත් යාචකයා පොලිස් කූඩුවට දැමූ පසු තමා සමග එන ලෙස යාචකයාට කථා කළ බවත් වාර්තාවේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට ආචාරය (නදී)
පොලිසියට මල්මිටක් ! (නදී)
පොලිසියේ 80% ඉන්නවා හොද දක්ෂ නිලධාරීන්.අගයන්න එවන් නිලධාරීන් .සම්මාන දීමක් කරන්න වසරකට වරක්. රටට තවත් වැඩක් වේවි .(හේ)
තමාව තනි කරලා ඈත රටකට ගිය අම්මාට වඩා ළඟ හිටිය හිගන මනුස්සයාට දරුවා ආදරේ ඇති.(හේ)
මොනවා වුණත් දරුවා ලැබුණ එක වාසනාවක් (නි)
අම්මට දරුවා නැති වෙලත්, ඒ ගැන සොයන්නවත් උවමනාවක් තිබිලා නෑ වගේ.(හේ)
අජිත් කොහෙන්ද ඔය 80% ඉල්ලකම හොයා ගත්තේ (නදී)
මේ කාන්තාවට නැවත මේ දරුවාව බාර දෙන්න හොද නැහැ. අනේ පව් පුංචි දරුවන්ගේ සිත් වලට මේ තරම් වද දෙන එක. පොලිසියට අපේ උත්තමාචාරය. ළමයින්ගේ සිත් තලන පෙලන හිරිහැර කරන එවුන්ට මේ ආත්මයේදීම පල දෙන්න ඕනා (නදී)
මේ වීඩියෝ එකයි කතාවයි බලපුවහම පැහැදිලි වන්නේ රටේ තියන දුප්පත් කමයි මිනිසුන්ගේ නොදැනුවත් කමයි නිසා සිදුවෙන දේවල්. (නදී)
අපේ පොලිසියට ගොඩක් ස්තුතියි (නදී)
පොලිසියේ මහත්වරුන්ට අපේ ප්‍රණාමය (නදී)
ඔබ වගේ නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසියට, රටට ආඩම්බරයක්. සමරකෝන් මහතාණනි ඔබට දළදා සමිදුගේ සරණයි!(හේ)
ඒ ටික කාලෙට යාචකයා දරුවාගේ මොලේ හෝදලා ඇති.(හේ)
යාචකයා මෙම දරුවාව ඉතා හොඳින් ආදරයෙන් බලාගත් වග නම් පෙනවා . දරුවා ඔහුට තාත්තා කීමත් ඔහුට යන්නට කතා කිරීමෙනුත් , දෙමවුපියන් ගෙන් පහර ගැනීම වරදක් , අද කාලයේ බොහෝ යාචකයන් සාමාන්‍ය වැඩ කරන ජනතාවට වඩා සල්ලි යහමින් තිබෙන කොටසක් , දරුවා හිඟ කෑමට යොදා ගත්තාද නොදනී.(හේ)
තවමත් ළමයින් හිඟන්නන් කරන්න, කරෝල වාඩි,ගෙවල්, වතු වල බැළ මෙහෙවරකම් කරන්න පැහැරගෙන යෑම රහසේම කෙරෙනවා වාගේ. (හේ)
පොලිසියේ මහත්මයාට ඒ කළ පින් ඇති මේ භවයේ.(හේ)