අම්බලන්ගොඩ පොලිස් ලොක්කෙකුගේ හිතවතෙකු වු ව්‍යාපාරිකයකුට රථ වාහන වරදකට දඩ කොලයක් නිකුත් කළ පොලිස් නිලධාරින් දෙදෙනෙකුට ස්ථාන මාරු ලබා දීමේ සිද්ධිය පිළිබද පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ නියමයෙන් පරික්‍ෂණයක් ආරම්භ කර ඇතැයි දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි.
ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේදී අද (27) පැවති රැස්වීමක දී පොලිස්පතිවරයා මෙම සිද්ධිය පිළිබද වාර්ථාවක් තමන් වෙත ලබා දෙන ලෙස දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරික්ෂණයේදී කියවුණොත් මේක වුණේ පළාතේ අහවලාගේ උවමනාවටයි කියලා එතකොට වෙන්නේ මොකක්ද කියලත් අපි සෙවිල්ලෙන්! (නි)
වජිර හේවාමාන්නගේ, උත්තමාචාරය පුදකරන්න ඔච්චර ඉක්මන් වෙන්න එපා. විමසිල්ලෙන් බලාගෙන ඉන්න මොනවද වෙන්නේ කියලා. (නි)
පොලිස් පොඩ්ඩෝ අවදියෙන්. (බ)
අන්න හරි නිතිය නම් නිතිය එකට යාලුකම් හරි යන්නේ නැහැ.(හේ)
ඉතාමත් හොදයි. වරදක් ඇත්නම් නිවරදි කළ යුතුමයි (හේ)
පොලිස්පති තුමණි, මේ පවුලට කිසිම බුරුලක් දෙන්න එපා.(හේ)
දඩකොලේ දුන්නේ පසුගිය පාලන කාලේ වෙන්න ඇති. යහපාලන ආණ්ඩුකාලේ නම් වෙන්න බැහැ.(හේ)
ජනතාව ඔබ ගැන ලොකු බලාපොරොත්තුවක් තියනවා ඔබ ලොකු පොඩි හැමට වගේම පොලිසියට දේශපාලකයන්ට නිතිය හරියට ක්‍රියාත්මක කරන්න කටුතු කරයි කියල. සෙව්මිණි ඝාතනයේ සැකැ කරුවන්ට වන හිරිහැර ගැනත් බලන්න. (බ)
යහපාලන ආණ්ඩුකාලේ නම් වෙන්න බැහැ. අනේ මෙහෙම අය (බ)
දැන් ඉතිං අපිට කොන්ද කෙළින් තියාගෙන කෙළින් වැඩ කරන්න පුළුවන්.පොලිස්පතිතුමනි,ඔබතුමාට අපේ ගෞරවණීය උත්තමාචාරය පුදකරන් නෙමු!(කෞ)