IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


අම්බලන්ගොඩ පෙරහරේ අලියා කුලප්පු වේ

අම්බලන්ගොඩ වෙළේ පන්සලේ වෙසක් පෙරහරේ ගමන් කළ අලි දෙන්නාගෙන් එකෙකු මින් මද වේලාවකට පෙර කුලප්පු වූවත් කිසිවකුටත් අනතුරක් සිදු නොවු බව එහි සිටි මාධ්‍යවේ‍දීහු කියති.

දුම්රිය නළාවක හඬත් සමඟ අලියා කුලප්පු වී දුවන්නට විය.

මිනිත්තු කිහිපයකින් අලියා ගස් බැඳ දැම්මේය.

 

 

 



අදහස් (0)

අම්බලන්ගොඩ පෙරහරේ අලියා කුලප්පු වේ

සීල Thursday, 15 May 2014 10:55 PM

කුලප්පු උණු අලි සිංහයෝ තමයි කොටියෝ මැරුවේ.මතක නැතුව ඇති නේද? (ස).

:       0       0

පහන්දී Thursday, 15 May 2014 11:18 PM

හැම අදහසකටම, මොකක් හෝ කොනක් අල්ලා ගැනීම පුරුද්ද වෙන්නැති නේ. (ස)

:       0       0

සුජී Thursday, 15 May 2014 11:45 PM

කාන්තාවන් දෙදෙනෙක් රේල් පාරේ ගිහින් එයාලට ගහපු හෝර්න් පාරට අලියා කලබල උනේ....චීත්ත තමා කොතනත් අවුල (ස)

:       0       0

අම්බලන්ගොඩය Friday, 16 May 2014 12:18 AM

අසාධාරනේට, මැර කම්, වල් කම් වලට ඉඩක් නෑ අපි එක්ක, (ස)

:       0       0

දයා අලහාකෝන් Thursday, 15 May 2014 05:02 PM

දුම්රිය කළේ වැරැද්දක් නේද? අලියට මාර බයක් ඇතිවෙන්න ඇති නේද? (නදී)

:       0       0

චින්තක Thursday, 15 May 2014 05:15 PM

ඔය පැත්තේ අය කොහොමත් නිකම්ම කුලප්පු වෙනවා. (නදී)

:       0       0

රන්දික ප්‍රභාෂ්වර Thursday, 15 May 2014 05:19 PM

අපේ පැත්තෙ අය නිකං කුලප්පු වෙන්නෙ නෑ. (ස)

:       0       0

තරිඳු Thursday, 15 May 2014 05:33 PM

අලියා බැන්දේ ලයිට් කණුවක. (ස)

:       0       0

ජයලාල් Saturday, 17 May 2014 06:25 PM

ඕක මොකක්ද අලි පිටින් නැට්ට මැරෙන්නේ නැද්ද? (ස)

:       0       0

ද සිල්වා Friday, 16 May 2014 05:28 AM

අලියා කුලප්පු වුණත් ටික වෙලාවකින් නැවත සන්සුන් වෙනවා (නි)

:       0       0

ලක්ෂිත Thursday, 15 May 2014 05:37 PM

දුමිර්යට දොස් කියන්න බැහැ මෙතනදී. මොකද ඔවුන් ආරක්ෂිත ක්‍රමවේද හැමවිටම අනුගමනය කරනවා (නි)

:       0       0

සහන් Friday, 16 May 2014 08:00 AM

වනාන්තරගතව සිටිය යුතු මේ අහිංසක සත්ත්වයන් ඔවුන්ගේ නිදහස අහිමිකර මෙසේ පාරවල් වල ඇවිද්දවන එකට නම් මම පුද්ගලිකව අකමැතියි (නි)

:       0       0

අම්බලන්ගොඩ Friday, 16 May 2014 08:36 AM

අපි ඉතින් කොහොමත් අහක යන ඒවටත් කුලප්පු වෙනවා. එක අපේ ගමේ හැටි. (ස)

:       0       0

බානු Thursday, 15 May 2014 06:52 PM

කොහොමත් ඉන්නෙම කුලප්පු වෙච්ච ගමන් (අ)

:       0       0

සිරිසේන Thursday, 15 May 2014 07:16 PM

මොකද මේ අලියාගේ ඇඳුම් බාගෙට ගැළවිලා? (නි)

:       0       0

ජේමිස් Thursday, 15 May 2014 07:27 PM

කෝච්චිය හු කියනකොට අලියා හිතන්න අැති ඒ අලියාට කියලා (නි)

:       0       0

ලිලාරත්න Thursday, 15 May 2014 07:34 PM

අලි කුලප්පු නොවී තියේවිද අද කාලේ වෙන දේවල් වල‍ට? (නි)

:       0       0

මිලින්ද පෙරේරා Thursday, 15 May 2014 07:39 PM

දැන් මෙහි වරද කාගේද? (නි)

:       0       0

සුනෙත් Thursday, 15 May 2014 07:44 PM

අලි කුලප්පු වීම සාමාන්‍ය දෙයක් අද කාලේ වෙන දේවල් සමඟ බැලුවහම (නි)

:       0       0

රූපසිංහ Thursday, 15 May 2014 07:45 PM

චින්තක, අනවශ්‍ය දේවල් කියා අහිංසක මිනිස්සු කුලප්පු නොකර ලිපියේ කරුණු වලට අදාලව පමණක් අදහස් දැක්වුවහොත් ඔබගෙන් රටටත්, ඔබ ඔබටත් වැඩදායක වේවි. ඔබට ලිපිය පිළිබද යමක් කීමට නැත්නම් නිශ්ශබ්ද වීම වටී. (නි)

:       0       0

අජිතා Thursday, 15 May 2014 07:53 PM

චින්තකගේ කීමට රූපසිංහත් කලබල වෙලා (නි)

:       0       0

ගිහාන් Thursday, 15 May 2014 08:01 PM

අජිතා, චින්තකට පැහැදිලි චින්තනයක් නැහැ. රූපසිංහ කලබල වෙලා නෙමෙයි. මොළය පාදා දුන්නා පමණයි. (නි)

:       0       0

මීරා Friday, 16 May 2014 11:54 AM

අලියා කුලප්පු උනේ හෝන් එකට නොවේ . උගේ කකුල් ගොතා තිබුණ නිසා. (ස)

:       0       0

සරසි Thursday, 15 May 2014 08:09 PM

මේ පැත්තේ මිනිස්සු කුලප්පු වෙලා තස්තවදින්ගෙන් රට බෙර නොගත්තා නම් අද චින්තකලාට රටක් නෑ (අ)

:       0       0

චන්ද්‍රසිරි Friday, 16 May 2014 12:08 PM

අලියා දැකලා කෝච්චිය කුලප්පු වෙලාද? (නදී)

:       0       0

ඩිසීඩ් Friday, 16 May 2014 12:08 PM

පහුගිය දවස්වල කෝච්චි ඇක්සිඩන්ට් වෙච්ච හැටි දැක්කම අලියට වුනත් බය හිතෙන්නෙ නැද්ද? (නදී)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Thursday, 15 May 2014 08:28 PM

මීට මස දෙකකට කලින් අපේ ගමෙත් පෙරහරක් තිබුණ. අලි ඇත්තු 12 ක් හිටිය. එම පෙරහැර සංවිධායක මණ්ඩලය විසින් වන ජීවී දෙපාර්තමේන්තුවේ අලි නිර්වින්දන ඒකකයේ නිලධාරීන් ඊට සහභාගී කරවාගෙන තිබුණා. (අ)

:       0       0

අල්විස් Thursday, 15 May 2014 09:05 PM

ලොක්කා මවු බිමට ආපසු ආවා විතරයි.(ස)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Thursday, 15 May 2014 09:55 PM

චින්තක ඔයා ඔය කියන පැත්තේ කට්ටිය කුලප්පු වෙලා නොහිටියනං අද අපිට රටක් නැත. අජිතා ඔබටත් කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 51 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 475 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 246 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site