අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල වයස 19 න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය. කොළඹ සී. සී. සී. ක‍්‍රීඩාංගණයේදී අද (30) පැවැති දෙවැනි අවසන් පුර්ව තරගයෙන් ධර්මාශෝක විදුහල් ක‍්‍රීඩකයෝ මරදාන සහිරා විදුහලට එරෙහිව කඩුලූ 1 ක තියුණු ජයක් ලැබුහ. තරගාවලියේ අවසන් මහා තරගය මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර අනිද්දා (1) කොළඹ සී. සී. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. සහිරා විදුහල ඕවර 48.1 කදී 156 (බාසිත් මරිහාර් 21, සල්මා ෆාසිල් 31, ඉර්ෂාඞ් උමාර් 19, ලක්‍ෂාන් එදිරිසිංහ 42, යොහාන් ද සිල්වා 34/2, දුමින්ද කන්නන්ගර 12/2) ධර්මාශෝක විදුහල ඕවර 48.2 කදී කඩුලූ 9 ට 157 (පසන් ප‍්‍රියරංග 21, යොහාන් ද සිල්වා 29, අදීශ දිලංජන 20, තිලාන් මධුරංග නොදැවී 20, ඉර්ෂාඞ් උමාර් 41/5, ප‍්‍රදීප් ආනන්ද 26/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විද්‍යා දදාති විනයං....... විදුහල අප මවු ධර්මශෝකා සිරිලක සුදිලේවා......!
ධර්මාශෝක විද්‍යාලය හොද ක්‍රිකට් ක්‍රීඩකයෝ බිහි කරපු පාසලක්. අජිත් ද සිල්වා, සමන් ජයන්ත, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්.