IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අම්බෙඩ්කාර් සැමරුමට ලක් චිත්‍රපටයක්

මහා භාරතයේ බුද්ධාගම ප්‍රචලිත කිරීමට මහත් සේවයක් කළ ආචාර්ය බී.ආර්.අම්බෙඩ්කාර්තුමන්ගේ 125 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් ඉන්දියාවේ මහා රාෂ්ඨ ප්‍රාන්තයේ නාග්ෂර් හි ඩ්‍රැගන් පැලස් විහාරයේදී අන්තර්ජාතික බෞද්ධ සාම සමුළුව පැවැත්වෙන අතර එහිදී මෙරට තිරගතවූ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම‘ සිනමාපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

2014 වියට්නාමයේ පැවැති එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික වෙසක් චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය, හොඳම සංගීත අධ්‍යක්ෂණය මෙන්ම හොඳම නළුවා ආදී සම්මාන රැසක් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයට හිමිවිය.

අන්තර්ජාතික බෞද්ධ සාම සමුළුව ඔක්තෝබර් 14 සිට 23 දක්වා පැවැත්වෙන බවත් එහිදී නීලගිරි විහාරයේ සිට වැඩම කරන ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක්ද ඇතුළත් ව මහාරාෂ්ඨ ප්‍රාන්ත සමාජ සුබ සාධන අමාත්‍ය ශ්‍රී රාජ් කුමාර් මහතා බුද්ධ ශාසන අමාත්‍යංශයේ අද (29) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

එම අවස්ථාවට ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රාම් දාස් ආත්වලේ, හිටපු අමාත්‍ය සුලේකා ටයි කුම්බාරේ , සර්වෝදය සභාපති ඒ.ටී.ආරියරත්න, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ප්‍රධාන නළු ගගන් මලික් සහ ලයිට් ඔෆ් ඒසියා පදනමේ සභාපති නවීන් ගුණරත්න යන පිරිස එක්ව සිටියහ.

ambedkar_2015929 ambedkar_20159292 ambedkar_20159293



අදහස් (0)

අම්බෙඩ්කාර් සැමරුමට ලක් චිත්‍රපටයක්

උපරතන හිමි Tuesday, 29 September 2015 04:02 PM

ධම්ම චක්‍ර සමරුවක් වෙන්නේ කොහොමද? අම්බෙඩ්කාර් සමරුව ? (බ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 29 September 2015 05:31 PM

මෙතුමාගේ චරිත කතාව ලංකාවේ පාසල් වල ඉගැන්විය යුතුය. (නි)

:       0       0

දුමින්ද Wednesday, 30 September 2015 08:11 AM

ඉන්දියාවේ දෙවැනි මිහිඳු හිමි වැනිය (බ)

:       0       0

එළුවාපොළ Wednesday, 30 September 2015 03:29 AM

මෙතුමා ශ්‍රේෂ්ඨ බෞද්ධ නායකයෙක්, සදා සමරා පින් දිය යුතුය (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 30 September 2015 04:27 AM

ශ්‍රී ලංකික බෞද්ධ ජනතාවගේ ගෞරවය එතුමාට හිමිවිය යුතුමය.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site