IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අම්පාර මරණ ගැන අහන්න අධිකරණ වෛද්‍යවරයා උසාවියට

අම්පාර මධ්‍යම කඳවුරේදී වැසියන් පස් දෙනකුට පොලිස් නිලධාරින් තිදෙනකු විසින් වෙඩි තබා ඝාතනය  කළ බව කියන සිද්ධියට අදාල නඩු විභාගයට සාක්කි ලබාදිමට මේ මස 21 වැනිදා අම්පාර මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස වෙඩි තබා ඝාතනය කෙරුණු  පුද්ගලයින්ගේ මරණ සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරික්ෂණය පැවැත්වු එවකට අම්පාර හිටපු මහේස්ත‍්‍රාත්ට සහ පශ්චාත් මරණ පරික්ෂණ  පැවැත්වු එවකට අම්පාර හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට අම්පාර පළාත් බද මහාධිකරණ විනිසරු සුමුදු පේ‍්‍රමචන්ද්‍ර මහතා නියෝග කළේය.

අම්පාර මධ්‍යම කඳවුර පොලිස් මුර පොලේ එවකට රාජකාරි කළ ගාමිණී කුමාරසිංහ වසන්ත කුමාර සහ නිමල් කරුනාරත්න යන හිටපු පොලිස් සාමාජිකයන් තිදෙනා නඩුවෙන් චෝදනා ලබා සිටිති.

මෙම විත්තිකරුවන් තිදෙනා අතරින් දෙවන විත්තිකාර වසන්ත කුමාර නැමැත්තා මේ වන විට මියගොස් ඇති නිසා ඔහුගේ නම විත්තිකරුවන්ගේ නාම ලේඛනයෙන් ඉවත් කැරිණි. අයුතු ජනරාශියක සාමාජිකයින් වෙමින් සාමාන්‍ය වැසියන් පස් දෙනෙකු වෙඩි තබා සාපරාධී ලෙස මරා දමා ඔවුන්ගේ දේපළ වලට ගිනි තබා හානි සිදු කිරිම ඇතුළු චෝදනා 43 ක් යටතේ වෙන් වෙන්ව මෙම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අමිපාර මහාධිරකණය හමුවේ චෝදනා ගොනු කොට තිබේ.

විත්තිකරුවන් සක‍්‍රිය පොලිස් සේවයේ යේදී සිටියදි රාජකාරි සඳහා නිකුත් කොට තිබු ගිනි අවි භාවිතා කර මෙම අපරාධය සිදු කර ඇති බවද අධිකරණ නඩු විභාගයේදි කියැවිණ.

අම්පාර මධ්‍යම කඳවුරේ පදිංචිව සිටි  පොන්නයියා සදාසිවම්, කනපතිපිල්ලේ කුමාරස්වාමි, වෙලූපිල්ලේ පාක්‍යරාජා, වෙල්ලංකුට්ටි සුන්දරලිංගම් සහ කුමාරස්වාමි තංගනායගම් ඝාතනයට ලක්වූවෝය.

පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප‍්‍රභාකරන් කුමාරත්නම් මහතා සහ රජයේ අධි නීතඥ නුවන් කෞෂල්‍ය මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන එස්. එල්. පාරුක් සහ සමන් පෙරේරා යන මහත්වරු පෙනී සිටියහ.



අදහස් (0)

අම්පාර මරණ ගැන අහන්න අධිකරණ වෛද්‍යවරයා උසාවියට

බණ්ඩාර Wednesday, 09 September 2015 12:25 PM

පොලිසියේ 400ක් පමණ මරපු කොටින්ටත් දඬුවම් දෙන්න කියලා අපි ඉල්ලනවා (නි)

:       0       0

නාමල් Wednesday, 09 September 2015 09:59 AM

මේවා බරපතල අපරාද... දැඩි දඩුවම් දෙන්න... (ම)

:       0       0

දුමින්ද Wednesday, 09 September 2015 11:34 AM

ඉතිහාසයේ කළු පැල්ලම් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site