IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අම්පාර පහත් බිම් රැසක් යට වෙලා

(පී.විජේසේකර)

අම්පාර අවට ප්‍රදේශවලට ඇද හැළුණ තද වර්ෂාවත් සමග  අම්පාර දිස්තික්කයේ ජලාශ 7 ක වාන් දොරටු ඊයේ (12) සවස් වන  විට විවෘත කළ බව ජලාශ ඉංජිනේරුවෝ පවසති.

එම වැව් වීවෘත කිරීමත් සමග අක්කරපත්තු, කාර්තිව්, නින්දවූර් පහත් බිම් ජලයෙන් යටවී ඇත‍ැයි ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය කියයි.

අම්පාර දිස්ත්‍රික්කයේ දකුණු දෙසට වන්නට පිහිටි පොතුවිල්,පානම, ලාහුගලට ඉහළින් මොනරාගල දිස්ත්‍රික්යේ පිහිටි ඇතිමලේ වැව,කොටියාගල වැව, මුතුකණ්ඩිය ජලාශය වාන්දොරටු විවෘත කිරිම නිසා පානම පොතුවිල් මාර්ග යටවි ප්‍රවාහනය ඇන හිටයේය.

මේ හේතුවෙන් ජන ජිවිතයේ දෛනික කටයුතු ඇනහිට බාධා එල්ල විය. හැඩ ඔය පිටාර ගැලීම නිසා මාර්ගය යටවිමෙන්  නීලගිරි සෑය වන්දනා කිරීමට ආ බැතිමතුන්ට එගොඩ වීමට නොහැකි විය.



අදහස් (0)

අම්පාර පහත් බිම් රැසක් යට වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 438 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site