අම්පාර ප්රදේශයට පසුගිය දින කිහිපයයේ ඇද හැළුණු වාර්ෂාවත් සමඟ කොන්ඩුවටුවාන් වැව අද උදේ වාන් දැමීමට පටන් ගත් බව අම්පාර වාරිමාර්ග කාර්යාලය පවසයි.
අම්පාර නගරයට පානිය ජලය සැපයෙන කොන්ඩුවටුවන් වැවෙන් පෝෂණය වෙන අම්පාර වැවැද මේ වනවිට පිටාර මට්ටමට ළාඟා වී ඇති බවත් අද රාත්රියේද වර්ෂාව පැවැතියහොත් එයද වාන් දමනු ඇති බවත් වාරිමාර්ග කාර්යාලයයේ ප්රකාශකයෙක් කීවේය.
ජායාරූපයෙන් දැක්වෙන්නේ අම්පාර කෙන්ඩුවටුවාන් වැවේ ජලය වාන් දමද්දි වානෙන් පිටට යන මාළුන් අල්ලා ගැනීමට උත්සහ කරන ප්රදේශවාසීන් පිරිසකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලගුණය මේ ඊයේ පෙරේදා කිව්වා නේද අතිවිශාල නියඟයක් එනවා කියලා (නි)
හරිම සතුටුයි (නි)
අපට නම් වැහි වතුර ටැංකියක් තියෙනවා, ලීටර් 5000ක් විතර එකතුවෙන එකක්. වැහි වතුර නිසා පාරේ වතුර නැති උනත් ටික වෙලාවකට වැඩ කරගන්න පුළුවන්(ම)
නොකරන දෙයක් කියන්න නම් අපි පුරුදුවෙලා නැහැ . කණගාටුයි මිනිස්සු සංසාරේ දික් කරගන්න උත්සාහකරන හැටි දැක්කම. (බ)
අනේ වාසනාවන්! (නි)
සොබාදහම කම්පා නොවී, ගංවතුර ගලලා විතරක් බේරුනොත් ඇති.. සොබාදහම සුන්දර කරන.. සොබාදහම සමබර කරන.. සත්ව ප්රජාව, මරාගෙන කන පව්කාරයෝ කලඑළි බැහැපු සංවේගදායක මොහොතක්.. මිනිසත්කමට නිගාදෙන මෙවන් නොමිනිසුන්ව සමාජය පිළිකුල් කළ යුතුයි. (බ)
නියඟය එන කාලෙට කියනවා වතුර නැහැ කියලා. ඇයි මේ රජයටවත් මිනිසුන්ටත් උවමනාවක් නැත්තේ වහිද්දි පිටාර ගලන මේ වතුර රැස්කරගන්න ක්රමවේදයක් හදා ගන්න. මේ පිටාර ගලන වතුර කිසිම ප්රයෝජනයක් නැතුව මහ මුහුදට ගලාගෙන යනවට වැඩිය හොඳ නැද්ද මේ වතුර ටික රැස්කරගෙන කෘෂිකර්මාන්තයට භාවිතාවට ගන්න ක්රමයක් හැදුවා නම් (නි)
වාසනා වේවා! වාසනා වේවා! (නි)
අයියෝ! ඔය මාළුන්ට යන්න දෙන්න. (නි)
අහෝ...ජෛව චක්රයක හැටි,හුස්ම පොදක් ගන්න වතුර ටිකක් නැතිව හුල්ලපු මාළුවන්ට, වතුර ටීකා ලැබුනහම ,නිදහසේ හුස්ම ගන්න දෙන්නැති පව්කාර මිනිස්සු ටික දැක්කහම ,දුක හිතෙනවා... (බ)
මිනිසුන්ට වැරදුනාම විතරයි ආගම ධර්මය මතක් වෙන්නේ. වහින්න කියලා පිරිත් කිව්වා බෝධිපූජා පැවැත්වූවා. දැන් සතෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ. (නි)
පවු මාළු! යන තැනට ගෙනියන්න අකුසල් රැස්කර ගන්නවා (නි)
කාලගුණයට ජයවේවා! තවදුරටත් පායනවා කියලා කිව්වා නම් අනිත් පළාත් වලටත් හොඳට වහීවි. (නි)
ඔය අනුකම්පාවෙන් කතාකරන අය උයලා දුන්නහම මාලු කන්නෙ නැති අය වෙන්න ඇති. මාලු මරන එක නවත්තන්න බැහැ අපිට. (නි)
දිලාන්, ඔයාගේ කතාව හරියට හරි. බෝධිපුජා තියලා පිරිත් කියලා දැන් මාළු ටික අල්ලාගෙන කනවා (නි)
අවුරුදු 40 කට පසු එන දරුණුම නියඟය එනවා කියලා කිව්වෙ විහිලුවට වෙන්න ඇති. අපි හොඳටම රැවටුණා. හොඳටම බය වුණා. (නි)
නියඟය එන කාලෙට කියනවා වතුර නැහැ කියලා. ඇයි මේ රජයටවත් මිනිසුන්ටත් උවමනාවක් නැත්තේ වහිද්දි පිටාර ගලන මේ වතුර රැස්කරගන්න ක්රමවේදයක් හදා ගන්න, මේ පිටාර ගලන වතුර කිසිම ප්රයෝජනයක් නැතුව මහමුහුදට ගලාගෙන යනවට වැඩිය හොඳ නැද්ද මේ වතුර ටික රැස්කරගෙන කෘෂිකර්මාන්තයට භාවිතාවට ගන්න ක්රමයක් හැදුවා නම් (නි)
අනේ අපොයි මෙහෙමත් පවුකාර මිනිස්සු! පහුගිය දවස්වල පිරිත් කියලා, දෙවියන්ට කන්නලවු කරලා වැස්ස ඉල්ලුවේ මේ වගේ අපරාධ කරන්නද? (නි)