
(සුජිත් හේවාජුලිගේ )
අමුද්‍රව්‍ය හිඟය සහ අධික මිල ගණන් හේතුවෙන් මහල් නිවාස සංකීර්ණ ඇතුළු මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති 2000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට අතරමඟ නැවතී ඇතැයි වාර්තා වෙයි.
මේ අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙනුවෙන් විශේෂ අනුග්‍රහයක් දක්වන්නැයි එම ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෝ රජයෙන් ඉල්ලීමක් කරති.
මහල් නිවාස සංකීර්ණවල නිවාස මිලදී ගැනීම සියයට 80 කින් පමණ පහත බැසීම හේතුවෙන් එම ව්‍යාපාරිකයෝ දෙසීයකට ආසන්න පිරිසක්ද දැඩි දුෂ්කරතාවයට මුහුණ දී සිටිති.
මේ අතර ඉදිකිරීම් කර්මාන්තය මුහුණ දෙන අර්බුද හේතුවෙන් එම ක්ෂේත්‍රයේ පෙදරේරුවන්, අත්උදව්කරුවන්, ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයුම්කරුවන් ඇතුළු ලක්ෂ දහයකට වැඩි පිරිසකගේ රැකියා අහිමිවී ඇතැයි ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.
ඉදිකිරීම අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම නිසා එම ද්‍රව්‍ය සැපයීමේ ආයතන පන්දහසකට ආසන්න සංඛ්‍යාවක්ද සම්පූර්ණයෙන්ම වැසි ගොස් ඇතැයි එම ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
එම ආයතනවල රැකියා කළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ හේතුවෙන් මහමගට වැටී ඇතැයි වාර්තා වේ.
ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයීමේ ආයතන සතුව පවතින ලොරි.,ටිපර්, බැකෝ වැනි වාහන නඩත්තු කිරීමට නොහැකි වීම නිසා විශාල වශයෙන් විකුණා දැමීමට පටන් ගෙන ඇති නමුත් ඒවා මිලදී ගැනීමට ගැණුම්කරුවන් ඉදිරිපත් නොවීම හේතුවෙන් ඒ ව්‍යාපාරිකයෝ මේ මොහොතේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති.
සිමෙන්ති ,යකඩ ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍ය වල හිඟය ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටීමට ප්‍රධාන හේතුවක් බව ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගත බකමූණෝ, කපුටන්, පරෙවියන්ගේ නිවාස...
ණයට අරගෙන ගෙවල් හැදුවාම අහලා නැද්ද, කෙළ වෙනවා කියලා... කොහොම වුණත් මේ හදන දේවල් ලංකාවට ඔරොත්තු දෙන්නේ නැහැ. අපි ඉන්නේ ලංකාවේ. නිව්යෝර්ක්වල නෙවෙයි. අපි අපිට පුළුවන් දේවල් ඕනෙ කරන්න. දැන්වත් බලපල්ලා. නිෂ්පාදන මත ගොඩනැගුණු ව්‍යාපාර අරඹන්න.
මාලිගාවක් නෙවෙයි, යන්තම් නොතෙමී ඉන්න පැළක් අටවා ගන්නවත් මිනිස්සුන්ට බැරිව ගියා...
හිඟනම් කොහේද? දැන් ඕනෑතරම් ගල්, වැලි, සිමෙන්ති තියෙනවා. මිල වැඩි එක හරි...