අතීතයේ පැවැති අමද්‍යප සභා සෑම පන්සලක් ආශ්‍රිතවම ඇරඹිමේ සමාරම්භක සාකච්ඡාව කොළඹ දිස්ත්‍රික්කයේ පන්සල්හි නාහිමිවරුන්ගේ සහභාගිත්වයෙන් අද (9) අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේදී පැවැත්වීමට යයි.
කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර මාහිමියන් සහ කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙයි.
මෙම සාකච්ඡාවේදි අමද්‍යප සභා පිහිටුවීමේදි සැලැස්ම ක්‍රියාත්මක කිරිමට කමිටුවක්ද පත් කිරිමට නියමිත බව අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් (දිල්)