
(නිමල කොඩිතුවක්කු)
බස් රථ සඳහා අවශ්‍ය අමතර කොටස් නොමැතිවීමෙන් බස්රථ ධාවනය කිරීමට නොහැකි තත්තවයක් උද්ගතව ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී අද (25) පැවසීය.
ටයර්, බැටරි, බේක් ලයිනර් ඇතුලු බස් රථ අමතර කොටස් නොමැතිවීමෙන් බස් රථ විශාල ප්‍රමාණයක් මේ වනවිට ධාවනයෙන් ඉවත්ව ඇතැයිද විජේරත්න මහතා සඳහන් කළේය.
මෙම තත්වයට වහාම විසදුමක් ලබාදීමට රජය අපොහොසත් වුවහොත් ලබන සතියේ සිට සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්කිරීමට පියවර ගන්නා බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd