(ජයන්ත සමරකෝන්)
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගින් වැලිකඩ බන්ධනාගාරයෙන් සහ රිමාන්ඞ් බන්ධනාගාරයෙන් පිට පළාත්වලට මාරු කරන ජේලර්, සැරයන් හා නියාමකවරුන් 25 දෙනෙකුගේ මාරුවීම් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා විසින් ඊයේ (22) සිට අත්හිටවනු ලැබ ඇත.
බන්ධනාගාර ජේලර් සංගමය, සැරයන් සංගමය හා නියාමක සංගමයේ නියෝජිතයන් පිරිසක් ඊයේ (22) පෙරවරුවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හමුවී කරුණු දැක්වීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත.
ඉතා අසාධාරණ ලෙස මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවට සේවක සංගම් නියෝජිතයන් මෙහිදී චෝදනා කර ඇත.
මෙසේ මාරු කර හරිනු ලැබූ පිරිස අතර කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ ජේලර්වරු 7ක් හා වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරු 4ක් ද වෙති.
මේ අතර අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගින් ලබාදුන් මෙම මාරුවීම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බන්ධනාගාර ජේලර්, සැරයන් හා නියාමක සංගම්වලට අයත් නියෝජිතයන් පිරිසක් ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය හමුවීමට පසුගිය 20 වැනිදා අමාත්‍යාංශයට ගොස් ඇතත්, ඇමැතිවරිය ලබන 24 වැනිදා සිට විදේශගතවීමට නියමිත බැවින් 28 වැනිදායින් පසුව දිනයක් ලබා දෙන බවට අමාත්‍යාංශ ලේකම්වරිය ඔවුන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව අංජබජල් ඉහලින් එන නියෝග පිලිපදින්න පහලින් කව්රුත් නැහැ. "අපි ඔක්කොම රජවරු" මරේ මරු...
පත්වීම් ගන්නකොට පොරොන්දුවක් දෙනවා නේද රටේ ඕනෙම තැනක රාජකාරී කරනවා කියලා ?
රජයේ සේවය අද විහිළුවක් වෙලා.
පත්වීම් ගන්නකොට රටේ ඕනෑම තැනක සේවය කරන්න රජයේ නිලධාරීන් බැඳී සිටිනවා. නමුත් මේ අය එක තැන පල් වෙමින් විවිධ අයුතු ආදායම් මාර්ග සකස් කරගෙන ඉන්නේ. මේක නිලධාරීන් අතර ඉහල සිටි පහලට ජාලයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. එකයි මේ අය ස්ථාන මාරු ලබා ගන්න අකමැති.
දැන් මට තේරුණා අලුත් තැන අදායම අඩු ඇති
අපි එදා ඉඳලම කිව්වේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ට ඕන විදීයටයි මෙතන වැඩ සිද්ධ වෙන්නේ. පාතාලය කුඩු හිර ගෙදර රජ කරන්නේ ඒ නිසයි. කොමසාරිස් ඇතුළු සේවක මණ්ඩලයේ බැංකු ගිණුම් පරීක්ෂා කලොත් හොඳ හොඳ තොරතුරු බලාගන්න පුළුවනි.
දැන් මේ මාරුවීම් අත් හිටුවන්න ඇත්තේ එසේ නොකලහොත් වැඩ වර්ජනයකට යන බවට කල තර්ජනයත් සමග විය යුතුයී.ඒ නිසා බන්ධනාගාර වලට පොලිසිය හො හමුදාව යෙදවිමට සුදානම් වෙලා රජය මේ මාරුවීම් කිරිමට සූදානම් විය යුතයි.නමුත් සිරිසේන ජනාධිපතිවරය්ගේ 2020 ජනාධිපති සිහිනයට එය බාදාවක් වනූ ඇතයි සිතා ඔහු එයට ඉඩ නොදෙනු ඇත.සමහර විට ඔහු රැදිවියන් සමග සාකච්ඡා පවා කරනු ඇත.ඊට පස්ස ඒ ප්රශ්ණයෙදිත් ආණ්ඩුව සුපුරුදු පරිදි ඇනගනු ඇත.
දැන් මේ මාරුවීම් අත් හිටුවන්න ඇත්තේ එසේ නොකලහොත් වැඩ වර්ජනයකට යන බවට කල තර්ජනයත් සමග විය යුතුයී.ඒ නිසා බන්ධනාගාර වලට පොලිසිය හො හමුදාව යෙදවිමට සුදානම් වෙලා රජය මේ මාරුවීම් කිරිමට සූදානම් විය යුතයි.නමුත් සිරිසේන ජනාධිපතිවරයාගේ 2020 ජනාධිපති සිහිනයට එය බාදාවක් වනූ ඇතයි සිතා ඔහු එයට ඉඩ නොදෙනු ඇත.සමහර විට ඔහු රැදිවියන් සමග සාකච්ඡා පවා කරනු ඇත.ඊට පස්ස ඒ ප්‍රශ්ණයේදීත් ආණ්ඩුව සුපුරුදු පරිදි ඇනගනු ඇත.