IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අමාත්‍යංශ තීරණ කි‍්‍රයාත්මක කිරීමට විශේෂ කමිටුවක්

ජාතික කී‍්‍රඩාව පෝෂණය කිරීමට ප‍්‍රබල දායකත්වයක් දරන පාසල් මට්ටමේදී කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ පවතින ගැටළු හඳුනා ගනිමින් ඒවාට විධිමත් පිළිතුරු සැපයීම අරමුණු කරගනිමින් කී‍්‍රඩා අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව ගෙනන තීරණ කි‍්‍රයාත්මක කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබේ.

රඩා අමාත්‍යංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න යන මහත්වරුවන්ගේ ප‍්‍රධානත්වයෙන් පත්කරනු ලැබ ඇති මෙම කමිටුව විිසින් පාසල් කී‍්‍රඩාව විධිමත් කිරීම සඳහා යෝජනා රැුසක් එළඹෙන පාසල් වාරයේ සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන පාසල් වල අධ්‍යාපනය ලබන, ශාරීරික හෝ මානසික අබාධ තත්වයක් නොමැති, සෑම පාසල් සිසුවෙකුම අනිවාර්යෙන් කී‍්‍රඩා ඉසව්වක් තෝරා ගත යුතු බවට නිර්දේශ කර ඇති බැවින් පාසල් පද්ධතිය තුළ කී‍්‍රඩා විෂය අනිවාර්ය වී තිබේ.
මෙම වැඩ පිළිවෙල කි‍්‍රයාත්මක කර කී‍්‍රඩා කටයුතු වලට පාසල් ළමුන් යොමු කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ හා යටිතල පහසුකම් ලබා දීමට කී‍්‍රඩා අමාත්‍යංශය හා අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරනු ඇත.

මෙම වැඩ පිළිවෙලට ඇතුළත් ප‍්‍රධාන යෝජනා කිහිපයකි.

  • කී‍්‍රඩා අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි වයස 13න් පහළ පාසල් ළමුන් තර`ගකාරී කී‍්‍රඩාවන්හි නොයෙදවීම.
  • පාසල් කී‍්‍රඩා 06ක් සඳහා කි‍්‍රයාත්මක වන කී‍්‍රඩා සංවර්ධන වැඩසටහන සඳහා කී‍්‍රඩා අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි කී‍්‍රඩා ඉසව් 20ක් තෝරා ගෙන දියුණු කිරීම.
  • සෑම ගුරු විදුහලකම හා අධ්‍යාපන විද්‍යා පීඨයක ඉගෙනුම ලබන ගුරු අභ්‍යාසලාභීන් සඳහා කී‍්‍රඩා උපදේශකවරුන්ගේ සේවය සැපයීම.
  • ප‍්‍රාථමික අධ්‍යාපන අංශ සඳහා ශාරීරික කි‍්‍රයාකාරකම් නිසිපරිදි පවත්වාගෙන යාම.
  • ප‍්‍රාථමික විදුහල්වල කී‍්‍රඩා සැණකෙළි සංවිධානය කිරීම.
  • පාසල් සඳහා ශාරීරික සුවතා වැඩසටහන් අනිවාර්ය කිරීම.
  • වසර 6 සිට 9 දක්වා ශ්‍රේණිවලට සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයට අදාළ විෂයන් ප‍්‍රායෝගිකව කළ හැකිවන පරිදි සංශෝධනය කිරීම
  • ඒ සදහා දැනට ඇති කාලපරිච්ඡ්ද 2-4 දක්වා වැඩි කිරීම
  • පාසල් මට්ටමේ සිට විශ්ව විද්‍යාල ප‍්‍රවේශය දක්වා කී‍්‍රඩාවල නිරත වන සිසුන්ගේ දක්ෂතා හා කුසලතා සැලකිල්ලට ගෙන විශ්ව විද්‍යාල ප‍්‍රවේශයේදී විශේෂ ලකුණු පිරිනැමීම
  • ජාතික හා ජාත්‍යන්තර මට්ටම නියෝජනය කරන සිසුන් සඳහා උපාධි පාඨමාලා ආරම්භ කිරීම
  • කී‍්‍රඩා පහසුකම් සංවර්ධනය කිරීම
  • කාර්මික විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන අතර ජාතික මට්ටමේ කී‍්‍රඩා උත්සව සංවිධානය කිරීම

තීරණ කි‍්‍රයාත්මක කිරීම සඳහා පත්කරන ලද විශෙෂ කමිටුව

කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න යන මහත්වරු (සම ප‍්‍රධානියෝ)

කමිටු සාමාජිකයෝ:
අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එච්.යූ. පේ‍්‍රමතිලක, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් පී. රණේපුර, යෞවන කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිලන්ති සුගතදාස, අධ්‍යාපන අමාත්‍යංශයේ කී‍්‍රඩා අධ්‍යක්ෂක බී. ඒ. අබේරත්න, සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ වෛද්‍ය ඒ. ලොකුබාලසූරිය මිය, කී‍්‍රඩා වෛද්‍ය ආයතනයේ ලාල් ඒකනායක, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කී‍්‍රඩා උපදේශක සුනිල් ගුණවර්ධන, කී‍්‍රඩා අමාත්‍යංශයේ අධ්‍යක්ෂක කේ. සූරියආරච්චි යන මහත්ම මහත්මීහු.



අදහස් (0)

අමාත්‍යංශ තීරණ කි‍්‍රයාත්මක කිරීමට විශේෂ කමිටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site