මැණික් ගඟ සහ කුඹුක්කන් ඔය සීමා කොටගත් වර්ග කිලෝමීටර් 980ක පමණ ප්‍රමාණයකින් යුතු යාල අද ශ්‍රී ලංකාවේ වැඩිම සංචාරකයින් පැමිණෙන ප්‍රමුඛ තම වනෝද්‍යානය බවට පත්වී ඇත.
විශාලත්වයෙන් එය දෙවැනි වන්නේ විල්පතු වන උයනට පමණි. යාල වන උයනේ සතුන් දැක බලාගැනීමට පැමිණෙන්නන් අතර දේශීය මෙන්ම විදේශ සංචාරකයෝද විශාල ප්‍රමාණයක් වෙති. මෙම පිරිස් වනෝද්‍යානයේ සංචාරය කිරීම සඳහා අවශ්‍යවන වාහන සැපයීම දැන් විශාල ව්‍යාපාරයක් බවට පත්වී ඇත. දිනකට වාහන 500 කටත් වඩා වැඩි ප්‍රමාණයක් වන උයනට ඇතුළුවෙයි.
මේවා සැපයීමෙන් හොඳ ආදායමක් එම වාහන සපයන්නෝ ලබති. එසේවුවද එම වාහන පදවන්නන් වනෝද්‍යානයේ ගෙනයන ක්‍රියා කලාපය වන උයනේ වනජීවීන්, වෘක්ෂ ලතා හෝ පරිසරයට කිසිසේත්ම හිතකර නොවන බව පෙනෙන්නට ඇත.
යාල ප්‍රසිද්ධ වී ඇත්තේ ශ්‍රී ලංකා දිවියන්, වලසුන් සහ අලි ඇතුන් ගහන වනෝද්‍යානයක් වශයෙනි. යාල ලෝකයේ එක තැනක දිවියන් වැඩිවශයෙන්ම ගැවසෙන වනාන්තරයක් ලෙසද ප්‍රසිද්ධියට පත්වී ඇත.
එහි එක වාහනයක් දිවියෙක් දුටුවහොත් අනෙක් සියලුම වාහනවලට ඒ බව ජංගම දුරකථන මඟින් දැනුම් දෙනු ලබයි. මෙහිදී සිදුවන්නේ අවට ඇති සියලුම වාහන දිවියා දුටුවායයි කියූ තැනට එක රොක් වීමයි.
මුලින් පැමිණෙන වාහන මාර්ගය අහුරමින් දිවියා එතනින් ඉවත් වන තුරුම නවතා තබාගෙන බොහෝ වෙලාවක් සිටියි.එකදු රියදුරකු හෝ අනෙකුත් වාහන සඳහා අවස්තාවක් ලබාදෙන්නේ නැත.
යාල ඇති මාර්ග පටු වීම හේතුවෙන් මුලින් පැමිණෙන වාහන ඉදිරියෙන් නවතාගෙන සිටීම නිසා පසුව පැමිණෙන වාහනවලට දිවියා දැක ගැනීමට හෝ ඒ අසලට යාමටවත් ඉඩක් නොලැබෙයි.
එවැනි අවස්ථාවල සමහර අසංවර රියදුරන් කරන්නේ මාර්ගයෙන් බාහිර වන පෙදෙස පැත්තෙන් වාහනය පදවමින් ඉදිරියට යාමට උත්සාහ කිරීමයි. එවන් ක්‍රියාවකදී වනයට හෝ කුඩා සතුන්ට සිදුවන හානිය පිළිබඳව ඔවුන් සැලකිලිමත් වන්නේ නැත.
බොහෝ තැන්වල ඉවක් බවක් නොමැතිව වාහන පැදවීම නිසා විශාල වශයෙන් අලාභ හානි සිදුවෙයි. වාහන පැදවීම නිසා නියමිත මාර්ගය අවට විශාල මඩ ගොහොරු ඇතිවී තිබේ.
පසුගියදා යාල සංචාරය කළ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වනජීවී දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වන්නන් කිහිප දෙනකුම පැවසුවේ මෙම වාහන රියදුරන් සතුන් පෙන්වා සංචාරකයින්ගෙන් වැඩි මුදලක් ලබාගැනීමට උනන්දුවන නිසා මෙවන් තරඟකාරී තත්වයක් ඇතිවෙන බවය.
මීට අමතරව යාල වනයේ "ගැමුණු" නමින් වූ ඇතෙකු වාහන ඇතුළේ ඇති ආහාර උදුරා ගැනීමට පුරුදු කරවීමට තරම් සමහරුන් ක්‍රියා කර ඇති බවද ඔවුහු පවසති. සංචාරකයින් ගමන් ගන්නා මෙම වාහන ඇතුළේ ඇත්තේ සංචාරකයින් ගමන් බිමන් යන අවස්ථාවල කෑමට බීමට ගන්නා විස්කෝතු, මාළු බනිස්, මසල වඩේ, කඩල වැනි සතුන්ට කිසිසේත්ම සුදුසු ආහාර පාන නොවේ. මෙවැනි ආහාර වන සතුන්ට ලබාදීම නීති විරෝධී ක්‍රියාවක් වුවද රියදුරන් හෝ මග පෙන්වන්නන් ඒ ගැන සැලකිලිමත් වන බවක් පෙනෙන්නට නැත.
මෙම අවාසනාවන්ත ක්‍රියා කලාපයන් නවත්වා දැමීමට කළ හැකි එකම ප්‍රතිකර්මය සියලුම වනෝද්‍යානයන්හි සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා වාහන සැපයීම සම්පුර්ණයෙන්ම වනජීවී දෙපාර්තමේන්තුව යටතට පවරාගෙන වන සතුන් දැක බලාගැනීම සඳහා සියලුම සංචාරකයින් හට සමසේ අවස්තාවක් ලබාදෙන සාධාරණ වැඩ පිළිවෙලක් ක්‍රියාවට නැංවීම සහ සියලුම රියදුරන් දැනුවත් කිරීම බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මගපෙන්වන්නෝ පැවසුහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය රටේ සොබා සෞන්දර්යය විනාශ කරනවා.(හේ)
මේ ගැන බලධාරින්ගේ අවධානය යොමු කර මේ සඳහා පියවරක් ගන්න.(හේ)
මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගත යුතුයි.නැත්තම් තව ටික දවසකින් යාල වනෝද්‍යානය විනාශයට පත් වෙයි.(හේ)
හේමන්ත ඔබ කියන දේ හරියටම හරි, මම වන සතුන්ට ගොඩක් ආදරය කරන කෙනෙක් , මම කවදාකවත් සිංහරාජ ,විල්පත්තු ,යාල වනාන්තර වලට ගිහිල්ලා නැහැ ඔය නපුරු මිනිස්සුන්ට වඩා ලෝකයේ එන්න ගොඩක් සත්තු ගැන මම දන්නා නිසා ,අනිත් අයත් එහෙම කරනවානම් කොච්චර හොදද මම හිතන්නේ අපි ගියාම ගොඩක් සත්තු බයවෙනවා, වාහනවලට සමහර මිනිස්සු දඩයම් කරනවා,(හේ)
ඇතුල් කරන වාහන ගණන පාලනය කරන එක මුලින්ම කළ යුතුයි. 3 වන කලාපය ප්‍රසිද්ධ කිරීම සහ අනෙක් වනෝද්‍යාන ප්‍රසිද්ධ කිරීම සහ පහසුකම් වැඩි කිරිම කළ යුතුයි. නැත්නම් තව ටික කාලෙකින් සතුන් සහ පරිසරය විනාශ වෙනවා. (හේ)
ලංකාදීපයට බෙහෙවින් ස්තුතියි මෙවැනි වාර්තාවක් පල කිරීම සම්බන්ධව. ඇත්තෙන්ම කිව්වොත් මේ වනෝද්‍යානයන්හි සංචාරකයින් ප්‍රවාහනය කිරීම නම් මාෆියාවක් බවට පත්වෙලා තියෙන්නේ. මේ ප්‍රවාහන සේවා පවත්වාගෙන යන උදවිය තමුන්ගේ වාසිය වෙනුවෙන් විදේශිකයන්ට පවා හිරිහැර කරනවා. අමාත්‍ය වසන්ත සේනානායක මහතා මේ ගැන අවධානය ඉක්මනින් යොමු කොට වනෝද්‍යානයන්හි සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා වාහන සැපයීම සම්පුර්ණයෙන්ම වනජීවී දෙපාර්තමේන්තුව යටතට පවරාගන්න.(හේ)
ඉස්සර නම් ඔහොම නැහැ දිනකට ඇතුලු විය හැකි වාහන සීමාවක් කාලයක් තිබුන කල් යත්ම ඔය බලධාන්රීගෙ දුරකතන ඇමතුමට ඔය සීමා නීති නැතිව ගියා යාලට පමණක් නොවෙයි අපේ රටේ හැම තැනකම සීඝ්‍ර විනාශයට හේතුව තමා ඔය සතුන් දඩයනුත් කරෙනව වනෝද්‍යාන වලට ඇතුලු වන වාහන වලට උචිත පාටක් තිබිය යුතුයි (අ)
කරුණාකර දුරකතන කුළුණු උදේ 6.00 සිට උදේ 10.30 දක්වා සහ හවස 3.00 සිට 6.00 දක්වා ක්‍රියා විරහිත කර තබන්න ප්‍රශ්නය බොහෝ දුරට විසඳේ වි (අ)
යාල බලධාරින්ටත් ඉහලින් යන ජීප් බලකාය. හරිම කනගාටු දායක තත්වයක්. මේ ලිපිය පත්තරේ පලකරන්න (නදී)
මේ කතාව ඇත්ත. මම ලඟදි ගියා යාල බලන්න.(හේ)
අත්‍යවශ්‍ය කාරණයක් ලෙස සලකා බලධාරීන් මෙවැනි දැනුවත් කිරීම් කළ යුතුයි (දිල්)
යාල අභයභූමියට දිනකට ඇතුල් කරවන වාහන ගණනක් නියම කරන්න. මේ යන විදියට කටයුතු කළහොත් යාල විනාශ වෙනවමයි. පරිසරයට සතුන්ට ආදරය නොකර මුදලට පමණක් ආදරය කරන නොහික්මුණු මිනිස් සතුන් ගෙන් අහිංසක වන සතුන් බේරා ගනිමු. මෙහෙම තැනකට ගිහින් සතුන් බලනවට වඩා පින්තුරයක් බලන එක සතුටක්.(දිල්)
මම හිතන්නේ කළ යුතු හොඳම දෙය තමා යාල වනෝද්‍යානයට දිනකට ඇතුළු වන වාහන ගණන සීමා කිරීම .(දිල්)
වාහන ප්‍රමිතිය සහ වාහන ප්‍රමාණය නියම කරන්න.(හේ)
රටක් ගැන හැගීමක් නොමැති ආත්මාර්ථකාමී මිනිසුන් සිටීම ඉතාම කනගාටුදායකයි. බලදාරින්ගේ අවදානය යොමු වේවා! ලංකාදීපයට ස්තුතියි දැනුවත් කිරීම පිලිබදව.(හේ)
මේ කතාව සම්පුර්ණයෙන් ඇත්ත.ඇතුළුවන වාහන ප්‍රමාණය සීමා කළ යුතුය.(හේ)