සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට එකමුතු වී සහජීවනයෙන් ජීවත් විය හැකි රටක් බිහි කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුවේ දී පැවසීය.
පරණ බේද අමතක කරන ශ්‍රී ලාංකික ජාතියක් ලෙස රට ඉදිරියට ගෙන යෑමට පියවර ගන්නා බව කී අගමැති, ජනවාරි අට වැනි දා බිහි කළ යහපාලනය අගෝස්තු 17 වැනි දා මහ මැතිවරණයෙන් පසු තවදුරටත් තහවුරු කරන බව ද පැවසීය.
අගමැති එලෙස කීවේ මඩකලපුව බස් නැවතුම්පොළේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ ජන රැලියක් අමතමිනි.
හිටපු මන්ත්‍රී අමීර් අලී, පළාත් සභා මන්ත්‍රී දයා ගමගේ මහත්වරු ද ඊට සහභාගී වූහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න එහෙම එනවා නම් හොඳයි. (නමුත් එන්නේ නැහැනේ) (නි)
පරණ කතා අමතක කල නොහැකි නම් ඉතින් ..නොදෙන ජන්දේ කුමකට සුරකිම්ද ආදරෙන් ..(ම)
රනිල්ලා තමයි ජාති වාදය අවුස්සන්නේ. අද ඔය පැතිවලට ගිහින් කතා කරන්න නිදහස ලබා දුන්නේ මහින්ද මහත්මා බව දැන ගත යුතුයි.(අ)
සාමය නැවත ලබාදෙනවා කියන එක නම් හුඟක් හොඳ ක්‍රියාවක්. ඔවාදෙනු පරහට..... තමා සම්මතයෙහි පිහිටා සිට කිවුවලු ... (නි)
පැරණි දේවල් අමතක කරලා ජාතියේ දියුණ පතා එකතු වෙනවා නම් කොතරම් හොඳද. නමුත් එතැන තියෙන ප්‍රශ්නේ එය සිදු වන්නේ නැති එකයි. (අ)
හැබැයි ඉතින් මහත්තයෝ දෙපක්ෂයෙන්ම වෙන වෙනම නියෝජිතයෝ ඉදිරිපත් කරලා නේද ඉන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට? ඒ නිසා දෙපක්ෂයෙන්ම නම් ඡන්ද බලාපොරොත්තු වෙන්න එපා (නි)
එටකොට රනිල් මහත්තයෝ ඔයාගේ ඔය ජාතික ආණ්ඩු හීනෙ බාගයක්ම ඉන්නේ ඔයාම දැන් රට වටේ කියාගෙන යන හොරුනේ, මටනම් තේරුම්ගන්න බෑ (බ)
සිංහල දෙමල මිනිස්සු ඉස්සර ඉඳන්ම හොඳින් හිටිය. හැබැයි කොටි තම ප්‍රශ්නේ උනේ. එ්කත් එජාප ආණ්ඩුව ජාතිවාදය අවුලන්න කලින් ප්‍රශ්නයක් තිබුනේ නැ (බ)
දැන දැන කීම බැන්දුනෙහි වරදේ ලොව කළ කළ දේ පල පල දේ මොහිදීන් බෙග් ගායකයා හරි (බ)
සටන් විරාමෙන් උදාවුන සාමයේ අරුම දැනේ තවම (බ)
බොහෝ කලකට ඉහත යු. එන්. පී. පක්ෂය බොහෝ බලවත් වෙලා හිටියත් ඒ කාටවත් බැරිවුණා ඔය කියන "ජාතික සමගිය" ඇති කරන්න. දැන් යු.එන්.පි.යට ඒතරම් බලයක් නැති කාලේ ඕක කොහොම කරනවද කියලා මුළු රටම බලා ඉන්නවා. (නි)