(ඉන්දිකා  රාමනායක)

ඕපනායක ප්‍රදේශයේ පාසලක 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසකට සිය  ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව ඔපනායක පොලිසිය පවසයි.

සැකකරු  පාසල් සිසු සිසුවියන් 15 දෙනෙකුට පමණ වරින් වර වරින් වර මෙම අසභ්‍ය දර්ශන පෙන්වා ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත 

මේ සම්බන්ධයෙන්  දෙමාපියන් කළ  පොලීසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශනය සිදු කර සැකකාර ගුරුවරයා සිය ජංගම දුරකථනයද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.