අත් බෑගයක ගෙන යා හැකි භාණ්ඩ පමණක් සොරකම් කරන ගෙවල් බිඳින්නකු කෝට්ටේදී අත් අඩංගුවට ගත් බවත් ඔහු කෝට්ටේ ඉංජිනේරුවරියකගේ නිවසට ඇතුළුවූ සැටිත් පිටවූ සැටිත් සීසීටීවී කැමරාවකින් සොයාගත් පොලිසිය පවසනුයේ කරේ එල්ලාගෙන සිටි බෑගයෙන් ඔහු අඳුනාගත් බවයි.
හිටපු උප ඇමැතිනියකගේද නිවසක් කඩා ඇති මොහු විසින් සොරකම් කරන ලදැයි කියන රුපියල් ලක්ෂ 30ක ඔර්ලෝසු හා රන් බඩුද සොයාගෙන ඇත. මොහු හෙරොයින් මත්කුඩු බීමටත් විකිණීමටත් පුරුදුව සිටි බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ හොරෙක්ද මන්දා. ඇමැතිනියගේ ලක්ෂ 30ක ඔරලෝසුම තියෙනවා කියන්නේ ඉතුරු අඩු පාඩු ටික කෝටි ගානක් වටිනවා ඇති. පව් දුක් මහන්සියෙන් හම්බ කරපුවා (නදී)
උප ඇමතිනිය වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කරලද තිබිලා තියෙන්නේ? (නි)